මල් පිපී හිනැහෙනා සේපාලිකා
සුවඳ දිගෙ එන හුස්මකට
මුසුවෙලා සිත ආදරෙන් පියඹලා
දුරක ඔබ ඉන්න තැනකට...
තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා
වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....
තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
හද මැදින් ආදරය පුරෝගෙන....
තුන් පිරිත දිවි මගේ මතුරලා
සෙත් කවිය ලියනකොට
සඳ කිඳුරු පෙම් සුවඳ දැනෙනවා
ජීවිතයෙ ඔබ ඉන්නකොට.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

අපූරුයි අක්කේ..
ReplyDeleteබබාල දෙන්නටනං ගොඩක් අාදරේ හිතුන!! :) <3
ReplyDeleteලස්සනයි කවි ටික
ReplyDeleteආදරය තියෙනවනම් ආයේ වෙන මොනවෙයි ඕන !
ReplyDeleteආදරය නැත්නම් මොනවා තිබ්බත් වැඩක් තියේද !
වර්ෂා මේ ලිනක් එකට යන්න ට්‍රයි කලා බැහැනෙ යන්න......
ReplyDelete