රැලි නගා වැව් දියත්
කෝල කමින් ඉස්සිලා
අත වනා කතා කරනවා
සිපගන්න ඇබින්දක්
ආදරෙන් පෙර වගෙම
සුසිනිදුව හරි ලෙංගතුව...................
කරන්නට බැහැ ඉතින්
දඟ වැඩක් රිසි පරිදි
වලාකුළු බැම්ම ඇත
උලුප්පාගෙනම ඇස්
නොපියවා දිව රැයේ
මුරභටයො සේ ලගම.................
දිය යටක මින් රැලක්
නට නටා ගී කියයි
හිස වනා සළකුණක් දෙයි
දැවටෙන්න වෙලි වෙලී
නොසිදෙනා වැව්දියේ.....
එකවරක් ආලවන්තව
සසල නොකරම ඉතින්
තව කදුළු එනන්ට කලින්
වැව් දියට සොවින්.............
ගගනතම මැද ඉදන්
දිනිඳු කිති කවනවා
දරාගන්නට බැරිව
ඇඹරිලා හොදටම
වැව් දියම සලිතයි
අපමණට දැන්.....
මොහොතකටඋණුසුම්ව
තෙරපිලා වැළදගන්නට
බැරිව ඇය නෙත් අයා
දුක කියා සමිඳු දළදාව වෙත
වැහි කදුළු බිංදුවක්
තිලිණ කර වැව් දියට
මොහොතකින් සැගවුනා
නෙක දනන් ඇවිද යන
රජ වීදියේ විසල්
ගොඩනැගිලි අතර තනිව..............
නොපැමිණි හන්දා කුමරු
සිහින මිටියම කර තියන්
හමුවන්න ඇය වැව් දිය
ළගක පෙර ළෙසම
ස්නේහයෙන් නුවර මැද....................
*** දිනිති දීපිකා ***

අපුරුයි අක්කේ..!!
ReplyDeleteස්තුතියි මල්ලියේ මහ හුගාක්ම....
Deleteකවි පෙල හිතට දැනුනා අක්කේ.. ඒක නෙමෙයි කෝ අර කතාව? ගොඩක් දවසකින් ලිය උනේ නෑනේද?
ReplyDeleteම්ම්ම්... දෙතුන් පාරක්ම කියෙවුවා...
ReplyDeleteමොහොතකටඋණුසුම්ව
තෙරපිලා වැළදගන්නට
බැරිව ඇය නෙත් අයා
දුක කියා සමිඳු දළදාව වෙත
වැහි කදුළු බිංදුවක්
තිලිණ කර වැව් දියට
ලස්සනයි.
:)
ඔයාගේ කවි බස ගොඩක් ලස්සනයි අක්කෙ!:)
ReplyDelete