Saturday, June 1, 2013

** අලුත් හිතවතී **

( සිරීපාදෙ වඳින්න පෙර පාට සේදුන සමනලයෙකු )

"මේ ප්‍රථම වසන්තයයි.....
දිවි අරණේ මදුමල් පිපෙනා......"

හේයි...මේ බලපන්කො....මූ හීන දකින හැටි....

හඳිස්සියෙම කණ ගාවින්ම ඇසුණ චිරාත්ගෙ හඩින් මා ගැස්සුණි.

යකෝ මගෙ මුළු ලෝකෙම කුඩු කරන්නද උඹ හදන්නෙ....

නෑ නෑ...උඹ මෙහෙම කියව කියව යයි ටික දවසකින්

"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
මම ඉන්නම් ඉහ ඉද්දර පවන් සල සලා...."

ආහ් හරි නැද්ද.....පුලුවන් නම් කියපන් මචෝ නැහැ කියල...

..සිරාවටම මං ඒකිට ලව් බන්....

...අනේ මේ උඹයි මායි දන්න සිරා ලව්.... ඇයි උඹේ ධමනිය ලව් නැද්ද...

නෑ බන් චිරා මං මේ ඇත්තටම කියන්නෙ....මට ඒකිට මාරම විදිහට හිත ගියා....ඒ ඇස්...ඒ කොණ්ඩෙ...ඒ ගමන..අනේ මන්දා බන්..කොල්ලෙක්ට දෙපාරක් හැරිල බලන්න හිතෙන අමුතුම ගතියක් ඒකි ගාව තියෙනව....

මේ....හැබැයි පුතෝ ඔය රෝග ලක්ෂණ වලට දැම්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්...උඹට මතකයිනෙ නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්....

හරි හරි බන්...මං දන්නව. ඒත් මෙච්චර කෙල්ලො ඉන්න මේ කැම්පස් එකේ බලපන් ඒකි හාවියක් වගේ....

හාවියො තමයි බන් සැක වැඩි....

මොකක්ද බන්...පටන් ගත්ත වෙලාවෙ ඉදන් උඹේ අඩවැඩියාව..මාව ධෛර්යමත් කරපන්කො...

උඹව ධෛර්යමත් කරන්න මට තිබුණ...ඒත් අර ඈත ගමේ රබර් කිරි කප කප උඹව මෙච්චර දුර එවපු උඹෙ අම්මව මං නොදැක්ක නම් කවමදාකවත්....

ඉතින් බන් මං අම්මව අත් අරිනව කිවුවද...කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද...අනික හැමදාම සාහිත්‍ය සංගම්...කලා සංගම්..වළ බැහැල නට නටා ඉදිය මිසක් කරේ ආව එක උඩැක්කියක් මං එල්ල ගත්තද..හා කියපන්....

ඒකම තමා මචෝ මට බය...මං වගේ එකෙක් උඹ නොවුන නිසා.....

මචං චිරා...මට මේ කෙල්ල ඕනි බන්....

කවුද බන් දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල...උඹ අහසෙ මාළිගා හදනව මෙතන....

නෑ නෑ ඒකිට කොල්ලෙක් නැහැ...ඒ ඇස්වල එහෙම දෙයක් ලියවිලා නැහැ බන්...

අනේ උඹ දන්න මඟුල කෙල්ලො ගැන...උඹ මැත්ස් නෙමෙයි කරන්න තිබුණෙ ආර්ට්...එහෙම වුනා නම් හොඳ ඇස් දොස්තර කෙනෙක් වෙන්න තිබුණෙ...

ප්ලීස් බන්..ජෝක් ගන්න එපා...අයි හාර්ට්ලි ලව් හර් (  I heartily love her )

මේ මේ මට නම් උඹට කිසිම හෙල්ප් එකක් දෙන්න බැහැ සදුනො...උඹ මං වගේ කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් නෙමෙයි...බලපන් මං මාසෙට එකා ගානෙ තියා ගත්තත් මටත් බැරිවුනා කෙල්ලො කියන්නෙ මොක්කුද කියල තේරුම් ගන්න...

ඒ උඹ දැකපු විදිහ...එහෙම නෙමෙයි චිරා....නැවතිල්ලෙ හිතපන්..ගෑණු ලමයෙක් කියන්නෙ හරිම සුමට නිර්මාණයක්..කොල්ලෙක් දැක්ක ගමන් ඒ කෙල්ල ඇදන් ඉන්න ඇදුම් ගලවල විසි කරල ඇඳක බුදිය ගන්න හැටි හිතෙන් මවන එක නෙමෙයි..බලපන් කඩා වැටෙන කෙහෙරැලි...ඒව හුළගට පැද්දි පැද්දි පිරිමියෙක්ගෙ මුහුණෙ වදිනකොට කොයි තරම් සුන්දර...ඒ කෙල්ලගෙ හැම ඉරියව්වක්ම ඈත ඉදන් බලාගෙන ඉන්දැද්දි හිත පුරා උණුසුම්ව ආදරේ පිරෙන හැටි.. ඇත්තටම ගැහැණියක් කියන්නෙ ලස්සන කලාවක් බන්...ඒක මස් කෑල්ලක් විතරක්ම නෙමෙයි...සිරුරෙ හැම රේඛාවකම පිරිමියෙක්ව ඇද බැදගන්න පුලුවන් ආකර්ෂණයක් තියෙනව...

හෝව්...හෝව්...මේ මේ උඹේ ඔය අන්ඩර දෙමළ මට තේරෙන්නෙ නැහැ...මට නම් කොයි ගෑණිත් එකයි...ඇදට අරන් ඒකි එක්ක බුදිය ගන්නව මිස ඔහොම පිට ඉදන් අත ගගා ඉන්න පුරුද්ද මට නැහැ....

ඒක තමයි උඹට වෙච්ච වැරැද්ද..යකෝ උනුත් යන්ත්‍ර නෙමෙයි..මේ සොබාදහමෙ මනරම්ම නිර්මාණයක්...

උඹ ඕන ඉටි ගෙඩියක් කරගනින්..මං යනව අංජලි එනව කිවුව නුගේගොඩට....හැබැයි පුතෝ අයි සේ යූ එගේන්...( i say you again ) නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්...හරි...සී යූ ....

_________________________________________________________________


            ඈ කොහේ කොහි සිට ආවාදැයි මා සිතමි...මුවැත්තියක් වගේ නිතරම ගැස්සෙන ඒ ඇස්...මොකක්දෝ බියකින් සැලෙන බවක් කියනවාදැයි මා සිතමි. රවුම් වටකුරු සුදු මුහුණ මගේ හදවතේ හැම අස්සකින්ම එබී මට ප්‍රාර්ථනා දෙනවදෝ සිතෙයි..ඈ...චිත්‍ර ශිල්පියකු අතින් නිමවූ අඟනා සිතුවමක් වැනිය...වසර පහකට ආසන්න ගෙවී යන කැම්පස් ජීවිතයේ හිතින්වත් යුවතියකට ලං නොවු මගෙ පිරිමි හිත යට ඈ ගැන ස්නේහයක් දළුලා වැඩුණේඇයි දැයි මා තාමත් සිතයි...

           සංසාර මංසන්ධිවල ඒ ඉව පසු පස මා දිව ආවාදැයි බාග වෙලාවට හිත කියයි.  මේ සුන්දර යුවතිය ඊයෙ හවස දේශන ශාලාව ඉදිරිපිට පුංචි මල් ලේන්සුවකින් මුව පිස පිස සිටි ආකාරයට මා වශි වී ගියේය...හෘද ස්පන්ධනයක් ගානේ අලුත් අලුත් බලාපොරොත්තු මල් පොහොට්ටු මේ පිරිමි හිත මත පිපෙන්නට වෙර දරන බව නම් ඇත්තම ඇත්තක්ය.


                                                  ඒ කෙස් කළඹ යටින් ඇඟිලි තුඩු යව යවා ඒ හිස පිරිමඳින්නට...හීනියට අඩක් පියවෙන ඇස් දෙකත් බර කරන් මේ පිරිමි උරහිසට ඇලවෙන ඇය නළල සිඹින්නට..දිගු ඇඟිලි අතර ඒ දෑත සඟවගෙන උනුසුම දෙන්න..ගැස්සිලා උස්සන ඇස් දෙකත් එක්කම මේ දෝත මැද හිර කරගන්න...අනේ මගෙ දඩබ්බර කොළු හිත...

           කිති කැවි කැවි ඇඹරෙද්දි හුස්ම ගන්න බැහැ කියල කෑ ගහද්දි තව තවත් ඒ සොඳුරු ඈ හුරතල් කරන්නට....හෙමින් හෙමින් හිස තියාන මේ පපුව උඩ ඈ සතපවන්න....දකුණත ඈ වටා දමා ගෙන මගෙ අස්සක ගුලි කරන් සඟව ගන්නට....

මගෙ පුංචි තාරකාවියේ...මේ සිහින කොදෙව්ව ගැන කොහොම නම් කියන්නද...ඈට හැකි නම් මගේ හිත විනිවිද දකින්න...

___________________________________________________________________

උඹ කොහෙද මේ උදේ පාන්දර යන්න ලැහැස්ති වෙන්නෙ...ඇහ්....

මං යනව ලයිබ්‍රිය පැත්තෙ...

පාඩම් කරන්න යන පාටක් නම් ඔය මුහුණෙ නැහැ මචං....

නෑ මං යන්නෙ අර සුන්දර කෙල්ලව බලන්න.....

උදේ පාන්දරම දුවන්න තරම් උඹට තියන හදිස්සිය මොකක්ද.....මං උඹට එදත් කිවුව..කවුද දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල......

ඒක හින්දම තමයි කියන්නෙ....කොල්ලෙක් අයිති කරගන්න කලින් මං මේ හිත පෙන්නන්න....

මේ අහපන් සඳුනො...ඔය නැව ඇවිත් දැන් මාස පහක් හයක් වෙනවනෙ බන්.....අනිවා..අපේ එකෙක් බැහැල ඇති.....

උඹ මාව ධෛර්යමත් කරනව වෙනුවට කරන්නෙම අනික් පැත්ත.....

ඔව් ..ඒ තමයි ඇත්ත...අනික උඹට උඹව මතක් කරන්න.....

හා හරි....එතකොට උඹට හොදයි එක එක කෙල්ල එක්ක බුදියන්න යන්න..එහෙමවත් නැති මට ලව් කරන්නවත් තහනම්ද ....

අහපන් බං...උඹ දන්නව..මට ඩ්‍රිග්‍රි ගැහුවත් එකයි නැතත් එකයි...අපේ අප්පච්චිගෙ විසි කරන්න තියෙන සල්ලි වලට කරන්න දෙයකුත් එපැයි....අනික බන් මං පුංචි කාලෙ ඉදන් හැදුන විදිහ උඹට කියලනෙ තියෙන්නෙ...අපෙ අම්මයි අප්පච්චියි එක දවසක් හිනාවෙලා සතුටෙන් ඉදල තියෙනවද..නෑ...ඉතින් එහෙම ගෙදරක ඉන්නවට වඩා මට උඹත් එක්ක මේ බෝඩිං කාමරේ සැපයි බන්.....අනික ගැහැණු ඉහේ කෙස් ගානට පාවිච්චි කරල ඇති මං...උන් එකෙක් ගාවවත් උඹ ඔය කියන කෙහෙල්මල් නැහැ බන්......

ඒ උඹ හොයන් ගිය එවුවො එහෙම නිසයි ඒ...මේකි එහෙම නැහැ....

ආහ් උඹ කොහොමද කියන්නෙ ඒක...ඇයි ස්කෑන් කොපියක් අරන් උඹ බැලුවද....අනේ සදුනො ඔය විදිහ අත ඇරපන්....හරි මට කියපන් ඇයි උඹ ඔච්චරම වහ වැටිල....

බං චිරා...ඒ හැඩරුව...ඒ ගමන...ඒ ඉරියව්...මට මගෙම කියල හිතෙනව.....මට ඒ හඩ විතරයි තාම අහන්න බැරිවුනේ.....

අනේ මන්දා.ඊට කලින් මට කියපන් උඹ හෙට ගෙදර යනවද....

ඔව් බන් මං හෙට උදේම යනව...හරි මං උඹව කොටුවට දාන්නම්.....

______________________________________________________________


දහවල් දෙක පමණ වන විට නිවසට ළගාවන විටත් අම්මා ගෙදර නොසිටිම හිතට කණගාටුවක් ඇති වුවද ඇය තවමත් කිරි බාල්දි බාර දී නොපැමිණෙන බව මා දන්නා කරුණයක්ය...කුස්සියට ගියත් ඈ උදේටවත් යමක් කා ඇති බවක සළකුණක් නැත. මේ සියළුම දුක්ක දෝමනස්සයන්ට මා ඈ හට සිනහ දිය යුතුය... කුස්සියේ වැල් පටේ එල්ලා තිබු අම්මාගෙ චීත්තයක් නහයට ළං කර ඒ සවඳ මා විදගත්තමි...එක් වරම අර සුන්දර අහිංසකාවියත් මගේ හිත පුරා අරක් ගත්තේය... ඈ ළග මා හිත නවතින්න තරම් හේතු කාරාණා බොහොමයක් මතින් මගෙ අම්මාගෙ අහිංසක දුප්පත් මුහුණ පුන් සඳක් සේ දැකීමම යැයි මට දස දහස් වර සිතේ....

අනේ මං කොහොමද මහත්තයො එහෙම කරන්නෙ...අනික ඒ දරුව කොහොමද මේ මුඩුක්කුවකට එන්නෙ....

නැහැ නැහැ සීලවතී...මහ පාරක හරි ඒ දරුවට අම්ම ඕනි කියනව. අනික දැන් වික්‍රමසිංහ හාමිනේට බාල දූවල දෙන්නයි පුතෙකුයි ඉන්න නිසා සමනලීට හරිම කරදරයි. හාමු මහත්තයට බලා ඉන්න බැරිම නිසයි මට පණිවිඩේ එවල තිබුණෙ. හාමු මහත්තයට අසාධාරණය පෙනි පෙනි බලා ඉන්න බැහැ කියල සීලවති දන්නවනෙ.....

අනේ මහත්තයො මගෙ කිරිකැටිය ගෙනිච්චෙ ඇස් දෙක වගේ බලාගන්නව කියල නේද....

මිදුලෙන් ඇසෙන හඩට මා තව තවත් ළංවෙද්දී අම්මාගෙ ඉවට මා අහුවිය...

අනේ මෙහා පුතා ගෙදර ඇවිත්....මේ ඉන්නෙ මහත්තයො මයෙ කොල්ලා.....

එසේ කියුවද වෙනදා අම්මා මා දුටු විට නැගෙන පියකරු සිනහව ඇගේ මුවේ නොවීය. ඈ බියවී ඇති බවට නම් අමුතුවෙන් සාක්ෂි උවමනා නොවේ. නමුත් ඈ අපූරුවට ඒ හැගුම් පරයමින් වචන ගලපයි.

ඇස් වහක් කටවහක් නැහැ සීලවතී හරි සිරියාවන්තයිනෙ.....

මං රබර් ගස් වටේ කැරකිච්චවල බර අරින්නෙ මගෙ රත්තරන් පුතා තමයි මහත්තයො කවදහරි...අම්මා එහෙම කියාගෙන මා පිට අතගාමින් නිවසට ගොඩවිය...

පුතේ මේ අපේ වත්තෙ සුපිරින්ටන් මහත්තය...ඉස්සර හිටපු....

ඔහුටද සිනහවකින් සංග්‍රහ කර පෙරළා ඔහු ඇසු..

දැන් පුතා කොයි අවුරුද්දෙද කැම්පස් අවුට් වෙන්නෙ....

ලබන අවුරුද්දෙ...

කියා පිළිතුරු දෙමින් මා නැවතත් කුස්සිය පැත්තෙන් පිටුපස අඹ ගස යට ඇති බංකුව මත වාඩි විය.....

මගේ හිත දෙමෝලකින් කොටනවා වැනිය...මට නොතේරුණ ඒ කතාවේ මුල මැද කුමක්ද කියා මා සිතමි. හවස් වෙනතුරු හොර ගල් අහුලමින් සිටි මා රාත්‍රිෙය් නිදි පැදුරට වැටුණ අම්මා අමතමින්

අම්මෙ කවුද අර දවාලෙ කියපු ගෑල්ලමය...

මයෙ පුතාට මේව කොහොම කියන්නද මං....

කොහොම නොකිවුවත් කමක් නැහැ...මට දැන් කියන්නකො....

මගෙ පුතාට මතක නැතුව ඇති. ඒත් ඉස්සරහ ගෙදර අමර නැන්දල දන්නව පුතාට නංගියෙක් හිටිය කියල....

අම්ම කිවුවෙ ඩෙංගු හැදිල මැරුණ කියල...මතකද මං මොන්ටිසෝරි ගිහින් එනකොට නංගි කෝ ඇහුවම අම්ම කිවුව....

එක පාරටම ඒ ඇස් ගැස්සී ඈ වත වෙනස් වෙන හැටි කුප්පි ලාම්පු එළියෙන් මා දුටුවෙමි...හරි දැන් කියන්නකො...මගෙ නංගි මැරුණෙ නැද්ද....

නැහැ මයෙ පුතේ..මං වත්තෙ හාමු මහත්තයට දුන්න..ඒ දවස්වල හාමු මහත්තයට දරුවො නැහැ....පුතාලගෙ තාත්තත් අර කඩේ වැඩට හිටිය එකිත් එක්ක වහංවෙච්ච වෙලේ මං බැරි වුනත් හිතල හිතල ඒ තීරණය ගත්ත...

ඇයි අම්මෙ මට බොරු කිවුවෙ...

ඒ දවස්වල මයෙ පුතාට මං වෙන මොනව කියන්නද....

ජීවිතේ මේ තරම්ම නීරසදැයි හිතමින්,
දැන් කියන්න නංගි කෝ..එයාට මොකද....

නංගිව අම්ම ගාවට ගෙනියන්න කියල නොකා නොබි දැන් දවස් 3ක් වෙනවලු..ලොකු නෝනට නංගිව ගෙනිච්චට පස්සෙ තව දරුවො තුන් දෙනෙක්ම ලැබිල...නංගිට කියල එයාගෙ අම්ම ලොකු නෝන නෙමෙයි කියල....අපේ හාමු මහත්තයට බලා ඉන්න බැරිම තැන මට පණිවිඩේ එවල....

දැන් දෙන්න...නංගි ඉන්නෙ කොහේද කියල...මං රෑ බස් එකේම ගිහින් එක්ක එනව.....

ඉදින් පුතේ මං සුපිරින්ටන් මහත්තයගෙන් හෙට උදැහැනක්ම අහල උඹට ඇඩ්‍රස් එක කොළ කෑල්ලක ලියාන එන්නම්....

ජීවිතයේ අනේක විධ දුක්ක දෝමනස්සයන් හමුවේ ගලා යද්දී අර පුංචි යුවතියද මට සිහියට නොනැගුණා නොවේ...ගම දුවන් ආවෙ අම්මට ඈ ගැන කියන්නට කියා දන්නේ මහිත පමණි...හීනියට හිනාවෙන ඒ වතේ පිපෙන හැම සිනා රැල්ලක්ම දුර ඉදන් විඳින මට අම්මාට නොකියා ඉන්නට බැරි නිසාම හති දමාගෙන ආවත් නොසිතු විරු ලෙස ජිවිතය හරවා ඇත....

   හදවතේ අප්‍රමාණ දුක්ක දෝමනස්සයන් උතුරද්දී ඈ අලුයම රබත් වත්තට යන තෙක් මට නොඉවසිල්ලක් නැති විය...අද සුපිරින්ටන් මහත්තයා හමුවේවිද...ඒ ලිපිනය ඇයට ලබා ගන්නට හැකිද....කිසිදු අරමුණකින් තොරව ඕවිල්ලක් මෙන් සිතිවිලි එහෙටත් මෙහෙටත් පැද්දෙයි...අනේ මා ගම දුව ආ සතුට ඒ කාරණය ඇයට කියන්නට හැකි වුවා නම්....

අදත් පෙරදා වගේම දහවල් තුනත් පසුවෙද්දී අම්මා වැටෙන් එබෙන රුව මා දුටුවෙමි....මා හීයක වේගයෙන් ඈ අසලට දිවුවෙමි...

කෝ අම්මෙ ලිපිනය හම්බවුනාද.....එක හුස්මට මා අසද්දී.....

නැවතිල්ලේ ඇය හුස්ම ගැනීම මට පුදුමයට සහ හිත තුළ කුතුහලය ත්‍රිව් කරවන්නට විය. කිසිවක්ම නොපවසා
අම්මා හැට්ටය අස්සේ සඟවාගෙන ආ තුණ්ඩුව මහානර්ඝ වස්තුවක් සේ මා අත තැබුවෙමි.

මට ඔය අකුරු සාස්තරේ තේරෙන්නෙ නැහැ පුතේ...කොළඹ රටේ පුතාට හොයාගන්න පුලුවන් වෙයිද.....

අම්මෙ මං අවුරුදු පහකට කිට්ටු වෙන්න කොළම රටේ ඉන්නෙ..අනික චිරාට පුලුවන් වෙයි මටත් වඩා ඉක්මනට මේක කරන්න..මං හෙටම යනව අම්මෙ චිරානය එක්ක....

අංක 24,
දාබරේ මාවත,
නාරාහේන්පිට.

ඒ අකුරු දිගේ මගෙ අස් දුවද්දි මා ඇදුම් මාරු කරගෙන රෑ බසයෙන්ම කොළඹ බලා පිටත්වෙන්න සුදානම් විය..

____________________________________________________________________

ආහ්..මොකෝ මේ මනමාලය ගිය පයින්ම ආපහු.....කුකුළ අතේ තියන්...

මා දුටු මතින්ම චිරානය ඇසුවෙමි.

මට පොඩි ප්‍රශ්නයක් බන්..මේ වෙලාවෙ ඉන්නෙ ඒක කියන්න මට උඹ විතරයි...

ඇයි කෙල්ලව උස්සමු කියන්නද....උඹ දන්නවනෙ මේ මගෙන් උඹට ඕන සපෝට් එකක්...

නැහැ බන්...මේ ඒ මගුලක් නෙමෙයි....

ඇයි අම්ම උඹට වෙන කෙල්ලෙක් බදින්න කිවුවද....අර සිහින කුමාරිට අකමැතියි කිවුවද....

යකෝ පිස්සු නොකර අහපන්කො....මට ඒකි ඕනි...ඒකිට මං ආදරෙයි...ඒක කියා ගන්න අම්මට මට බැරි වුනා...

කියා ගන්න බැරිවුනා..ඇයි උඹ දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ ගැහුණද...ආහ්...

මචං මේක සීරියස් බන්.....

එසේ කියමින් මා සියළු තතු මුල මැද අද වනතුරු කියුවෙමි..වරින් වර වෙනස් වෙන චිරාගේ වත වෙනදාට නොදුටු සෝබරක් නම් මා දුටුවෙමි. හැමදේටම පිස්සු කියවන ඔහු ගොලු විය.. හිට ගමන්....

සදුනයෝ.....මට පුලුවන් හැමදේම මං කරනව බන්...සහෝදරයෙක් සහෝදරියක් නැතුව ගෙවිච්ච ජිවිතේ මචං උඹ මට මගෙම එකා වුනා...එක බඩවැල කඩන් නාවට උඹ මගෙ සහෝදරය බන්...ඒ අපේ නංගි...බලපන් උඹ දැකල තියෙනවද මේ ඇස්වල තෙත...මේ බන්...මට දරාගන්න බැහැ මේක.... මේ කොළඹ නෙමෙයි මුළු ලෝකෙම පීරල හරි අපි හොයමු...මං උඹට හොයල දෙනව කියල පොරොන්දු වෙනම සදුනයො....

එසේ කියමින් චිරා මා තදින් වැළඳ ගත්තේය. මේ ගෙවී ගිය කාලයට උ මෙසේ මා සමඟ කතා බහ කළාමදැයි මට සිතේ...කොයි දේත් සෙල්ලක්කාරව දුටු චිරානයාගේ මේ හැඟුම්බර බව මහා හයියක් දුන්නේය..මේ ලෝකයේ තවත් එක් අයෙක් හෝ අප වෙනුවෙන් ඉන්නා කියනා අසීමිත සැනසුමක්ද හදවතට දැනුණි...

මගෙන් මිදුණ චිරා

ආ...වරෙන් මචං අපි දැන් යමං...මං දන්නව ඒ පැත්ත..හිටපන් මං ටග්ගාල ඩෙනිම දාගෙන එන්න......

ඒ විනාඩි ගණනද මට දැනුන හැගුම් මෙපණයැයි කියන්නට බැරිය. පුංචිම දා මේ දෙකකුල් මත අම්මා එනතුරු ඈ නැලවුවා මට මතකය..එදවස මට අවුරුදු 4 ක් පමණ ඇත. යන්තම් ඡායා මාත්‍රයක ඇති ඒ සිදුවිම් අද මෙසේ මෙහෙමම දිග ඇරෙතැයි මා කිසිදු දිනක නොසිතුවෙමි...

හදවතේ ඉස් ඉස්සෙල්ම උපන් ආදරණීය කුමාරිකාව ගැන අම්මාට කියන්නට දිවු මට ඒ හැගුම් සියල්ලම වළලා දමා මගේම ලෙයින් උපන් මා නැගණිය සොයා දුවන් එන්නට වෙතැයි මා නොසිතුවෙමි....

වරෙන් බන්....

චිරා එසේ කියමින් බයික් එකේ යතුර කරකවමින් එළියට ආවෙමි....

අද අර අලුත් බැජ් එකේ උන්ගෙ ඩාන්සින් ෂෝ එක...අරකිට බහියි තව දෙතුන් දෙනෙක් ටෝක් කරන්න....
මං මේ උඹ අද එයි එයි කිය කියා හිටියෙ...ඒත් මෙහෙම දෙයක් ....

ඒ ඔක්කොම අපතක කරල නැගපන්....මං මගෙ නංගි තරමටම උඹෙ නංගිව හොයනව..ප්‍රොමිස් මචං....

___________________________________________________________

විනාඩි විසි පහක පමණ ගමනාන්තයකින් පසු අම්මා දුන් තුන්ඩු කෑල්ලට අනුව අදාල ස්ථානයට අපි පැමිණියෙමු...

මචං සදුනො තැන නම් මෙතන තමයි..හිටපන් බලන්න මම ම බෙල් එක ගහල....

මාත් එනව චිරා....

හරි වරෙන්....

සිනුව නාද කර විනාඩි තුන හතරක් ගතවෙද්දීද් කිසිවෙකු පැමිණියේ නැත..දැන් දැන් මේ විසල් තාප්පයට ඉහලින් පනින්නට මගේ සිතුවිලි පෙරලි කරයි...ගේට්ටුවට අතින් පයින් තඩි බාමින් එය කඩා ඇතුළට යන්න මහිත තල්ලු කරයි...ආයෙමත් නොඉවසිලි අතකින් මා විදුලි සිනුව එබුවෙමි..

වයස අවුරුදු පනහක් පමණ ඉක්මවු පිරිමි අයෙකු ගේට්ටුවෙන් හිස දමා

කාවද මහත්තය හෙවුවෙ....

මේ වික්‍රමසිංහ මහත්තයලගෙ ගේද....

මට පෙර චිරා ඉස්සර විය....

ඔව්...

ආහ් අපි මේ වික්‍රමසිංහ මහත්තය කිවුව පණිවිඩේකට ආවෙ....කියන්න සීලවති අම්මගෙ ගෙදරින් ඇවිත් කියල....

එය කියනවිටම,

අනේ මහත්තයො මේ අපේ ලොකු බේබිගෙ ගෙදර අයද......අනේ රත්තරං මහත්තයො මගෙ ලොකු බේබිව මේ අත් දෙකෙන් හුරතල් කර කර හැදුව මට දරාගන්න බැහැ...අදට දවස් 4 ක් වෙනව වතුර උගුරක් බොන්නෙ නැහැ...ඒ දවස්වල ලොකු මැණිකෙ දරුවො නැති කමට ගෙනාවට පස්සෙ පස්සෙ ටික ටික වෙනස් වුනා...
පුංචි බේබිල ඉගෙන ගන්නෙ නැතුව ඇවිදිද්දි ලොකු බේබි පාඩම් කරල ඔන්න දැන් විස්ස විද්දාලෙ යනව...
අපේ ලොකු මැණිකෙට ඒක දරාගන්න බැරුව මේ ළගදි ලොකු බේබිට බැනල බැනල අම්ම කියන්න එපා කියල ඔය හැම විජ්ජුම්බරයක්ම කලේ....

හරි දැන් කෝ ඒ නංගි...

මගේ දෙපා අප්‍රාණිව වචන පිට නොවෙද්දි ආයෙමත් පෙරලා චිරා ඇසුවේය...

එන්න මහත්තයො ඇතුලට...මේ පිටිපස්සෙන් එන්න...අර ගැරිජ් කාමරේ දවස් හතර තිස්සෙම ලොකු බේබි වැළහින්න වගේ අඩ අඩ....

අඩියට දෙකට පියවර තබමින් ගිය අපි දොර අසල නැවතුණි..අනේ වයස අවුරුදු හතරකදී පහකදී වයසකදී මිය ගියා යැයි කිවු මගෙ බෝණික්කි ය වන් නැගණිය මේ බිත්ති හතරක් ඇතුළත පණ පිටින් යැයි දැනෙද්දී මගේ හැගීම් මැඩ පවත්වා ගන්නට මටම බැරිව කඳුළු ගලා හැලෙයි..ඇය වත කොයි හැඩයෙන් ඇද්ද...ඈ මා මෙන්මද...නැත්නම් ඇය අම්මා මෙන්ම රවුම් වටකුරු මුහුණින් පිරි යුවතියක්ද...ඇගේ රුවෙහි විවිධ හැඩතල මා හදවත ඉදිරියෙහි තත්පරයට දහස් වතාවකට වඩා මැවිණි.

ලොකු බේබි...මයෙ රත්තරං ලොකු බේබි මේ අම්ම ගෙදරින් ඇවිත්....කෝ දැන්වත් එන්න එළියට ලොකු බේබි....

ඒ මිනිසාගේ හඩ පිටවෙන විටත් මේ නොඉවසිලි මගෙ හදවත බුර බුරා නැගෙන සහෝදර ප්‍රේමයේ අපිරිමිත හැගුම් සමඟින් යුධ වදිමින් සිටියෙමි. මා ඇය පිළිගන්නේ කෙසේද...ඇයට මා අයියා යැයි කියන්නද...ඇය අයියා සේ මා බාර ගනියිද...ඇය අපිව ප්‍රතික්ෂේප කරයිද...මෙතුවක් කල් ඈ ගැන නොසිතුවා යැයි කියා දොස් කියා හඬයිද...එකම පෙරළියකින් හදවත ගැහෙද්දී

එක පාරට දොරගුළු හඩටත් බිය වී ඇස් උලුප්පාගෙන මා බලා උන්නෙමි....

යන්තමට විවර වෙන අර හිඩැස් අතරින් මා නෙත එකවරම ඒ රුව දකිද්දී මගේ ලෝකය ..මගේ දෛවය මේ තරම්ම අවාසනාවන්තදැයි  හිතමින් මා ගැල් ගැසුණි. චිරානයා ඇස් දෙක පොල් ගෙඩි දෙකක් තරම් ලොකු කරමින් මා පිටට තට්ටුවක් දැම්මේය....එහි නොකියු බොහෝ දේ මට සන්කළේය...
__________________________________________________________


(සංසාරයේ හුරු ඉවකින් මා ඈ සොයා ආවද දෙයක් ලැබෙද්දී දෙයක් අහිමි වී යන ලෝක ධර්මතාවයට මා මුහුණ දුන්නෙමි. )

__________________________නිමි _______________________________

Tuesday, May 28, 2013

*** ලයිසන් නැති පිටරට සේවය කරන්නාගේ හදවත ***



ආවේ රැකියාවකට මව් රටෙන් පිට
කීවේ කරන්නට බැරි බැරි වැඩ එමට
ජීවේ පිඹින්නට හුස්මක් නැති කමට
නෑ තව සිතුවෙ පැන්නා පිම්මක් පිටට....

____________________________
දණ ගසාගෙන වෙසක් සඳ
බිම බලාගෙන වඩින විට
හඬ තලාගෙන ඉඟිල යන
අහස් යන්තර පාර දිග...

ඉකි ගසාගෙන ඔලිව් මල්
හිස තියයි එ'ගස් පාමුල
හිත හදාගෙන ගසක වෙලි වැල
නගයි හසරැලි කිසිවක් නොදැන....

පැණි දොඩම් අවාරෙදි
මිදි තිත්ත නැහැ,
යූරෝ හරි බරයි සිරිලකට.
ඌරො එළුවොත් මිත්‍රවරු
ඒත්,
ලැබුනෙත් සොච්චමයි වෙහෙසට..

ගිනි ගන්නවා වගෙයි සියොළඟ
ගලා යන රුධිරයත් විසි හතර පැය
ගැස්සෙනව සිනිදු නල රැල්ලටත්
ඇස් කණුත් හරි මහන්සියි දැන්..

මහා මැදියම් කළුවරට
හිඟ තමයි නිදි සුව ඇසට
අතේ නැති රුපියලට
අපෝ විඳවමි හැම තත්පරේකට....

දැනෙන විට කුස ගිනි වෙලාවට
නැහැ රසක් ගිලෙයි බැරිකමට
අහුවුනොත් මානනා උකුසු ඇසකට
සෙනේකම් නැත යකඩ කූරෙත්...

නැගිටිනා විට දෙදණ මත දෙඅතෙ සවියට
පුපුරනා හිත් ඇතිය ළඟ වෙසෙන සඟයගෙත්
දෙවියනේ වරම් දුන්නොත් තවත් සය මසකට
හැකිවේවි බිරිඳ හට සෙවණ මට තන්නට...

Thursday, May 23, 2013

රකිමි නුඹ පණ වගේ

කිරි බර ඇවිත් ලැම පිරිලා දූ නොදනී
හරි පහසුවට කුස තුළ රැදෙමින් ඉන්නී
මැරි මැරි ඉපදෙනා සිතුවිලි නැහැ දන්නී
ලොව නුඹ දුටු දාට මව් වනචර ගෑණී...

දඩමස් වෙලා කෙනෙකුගෙ ඇට ලේ රිදෙන්නේ
පිරිපත වෙලා දිවි බර නැහැ ඔහු දරන්නේ
කැඩපත ළඟදි හදවත ඉකිබිඳ හඩන්නේ
ජීවිත ගමනෙ නැහැ දුවෙ විස්තර කියන්නේ...

සුන්කර ගන්න බැරි පැතුමන් පිරෙන්නේ
මාපිල් පිඹුරු එක්කම පොර බඳින්නේ
සමනල් හැඟුම් නැහැ සිත තුල නැගෙන්නේ
කරදර එක්ක උඹ කුස තුළ වැඩෙන්නේ...

ගැබ්බර කුස අත ගගා නුඹ කුමරිය යැයි සිතන්නේ
දුක්බර නුඹට පිය පස නැහැ කිසි දිනකදි ලැබෙන්නේ
පෙම්බර දියණියේ දරුපෙම හිත ළඟ මේ රකින්නේ
අම්ඹර මැදක හිනැහීයන් එපමණමයි කියන්නේ...........

Monday, May 6, 2013

*** යශෝවුනි මගෙ ***



මේ මහා සංසාර වන්දනාවේ
ගම් දනව් පසු කරන් ඇවිදන්
අදත් මේ භවයෙ අත්වැල
උරුම හිමිකම ගත් යශෝවුනි...

සා පිපාසා දැනෙන කතරක
මහා සයුරක් වෙලා නවතින
වා සුළං වැහි තියෙන විටකදි
උණුසුමින් රකින පින යශෝවුන්ටයි...

අවේලේ වේලේ නොසිතාම
කිසි ජුගුප්සාවක් නැතිවම
ඡායාව වෙලා මගෙ ළඟම
රැදෙන පින ඇති මගෙ යශෝවුන් හට...

සේද සළුපිළි පලඳනා කිසිවක්
නොඉල්ලා ප්‍රපාතය හිත පුරා
සෝදිසියෙන් අත පත ගගා
සරුම අස්වැන්න දෙන පින යශෝවුන්ටය...

ලේන පැටවුන් අරන් උකුළට
මිහිරි වස්ඳඩු රාව පතුරන
අප්‍රමාණික මහද සිහිනම පාටකරනා
තුටක අයිතිය මගෙ යශෝවුන්ටය...

පෑළදිග කිසි දිනක මුදුන් නොමවන
හදවතේ ප්‍රභාෂ්වර හිරු මඩල
සසර බිත මත නොමැකෙනම ප්‍රේමයේ
අක්ෂර ලිවුව මෙහෙසිය යශෝවුනි මගෙ....

රුවන්මය ඔය හද මැදුරෙ
තිර අදිටනේ බල මහිමෙ
බුදුවෙලා එනතුරා නොසොල්වා
අභිවන්දනයට තියා ගනුමැන යශෝවුනි.....

_________________දිනිති_______2013/05/06_____

Wednesday, April 17, 2013

සිහිනය නොදෙන්නෙද හදවත අසයි...

සඳ මඩල ඇයි මෙහෙම අද අහක බලනව වගේ
හිරු දෙවිඳු හැමදාම ඉන්නවා නොදුටුව වගේ
මහ පොළව දුක දරා ගන්නවා කිවුවත් වගේ
උලලේනි සංසාරෙ පසුපසින් හැමදා මගේ....

තුමුල බල ඇති තෙදැති දෙවිවරු කෝ අනේ
කමුල සිඹි සීත දිය උරුමෙද සිදුවුනේ
අපුල කම් නැති සෙනෙහෙ කූඩුව පණ වුනේ
කැකුළු මල නොපිබිදෙන්නේ ඇයි දෙවියනේ....

දුගද පිළිකුණු සියළු දේ වැලකිලා ඇය පේවුනේ
පෙමද අතහැර යන්න බැරි කම තමයි සෙවනැලි වුනේ
තරුද අහිමිව හඬන නුබ තියෙන දවසුත් හමුවුනේ
මන්ද පෙළහර පාන ඇත් රජ තව මෙහි නොපැමිණුනේ....

ගොයුම් ගොත් කුල බුදුන් පස්මහ බැලුම් බැලුවා තමයි
පියුම් සුවඳින් මවක් වෙන දිනක් නැතිවාද කින්නරි අසයි
උතුම් පින් කම් කරයි ඈ නිවන් නොපතා ඉන්නව වගෙයි
නැවුම් කුළුදුල් සිහිනය නොදෙන්නෙද හදවත කෑ ගසයි...

Tuesday, March 26, 2013

සුබ උපන් දිනයක්

      නේක දුක්ක ෝමනස්සයක් ඉදිරිේ ජිවිතය නමැති ගඟ ගලා යනවාමය. විසල් පවුරු පදනම් අත්ල තියා අපට නැවතිය ොහැකිමය. එහෙත් ගමන් මඟ නම් වෙනස් කළ හැකිමය. ේද එවන් ගමන් මඟක් වෙනස් කළ මේ ජිවිතේ තවත් තැනකි. අන්තර්ජා තුළ බුකිඇතුළු විවිධ ඉසව්වල ොන තරම් ේ කළත් අකුරුක් ලියා ඒ අකුරට ේක පැසසුම් , ගැරහුම් ලැබුවත් බ්ොග් ෝකය යනු වෙනමම ොඳුරු තැනකි. එය හුඳෙක් සිතුවිලි වලින් පිරුණ ෞන්දර්යාත්මක හමුවීම් ගහන තැනක්මය...

ඔබ දන්නව මම ඇයි අටුවා ටීකා කියා යන්ේ කියා..ඔව් කීකරු කමක් නැති මේ සිතුවිලි බ්ොග් ගත කළ තෙවෙනි වසර සම්පූර්ණ වන දිනය අදයි. පුරා අවුරුදු 3ක් මෙහිදී හමුවුන ආගිය මිනිසුන් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර පුරුදු විදිහට බ්ග් එකක් ලියන්නෙ මෙහෙමයි නංගියෙ කියපු දුකා අයිය http://dukaa.blogspot.com/   හෙමත් නැත්නම් සුභාෂ් අයියව පුරුදු ලෙංගතු කමින්ම අදත් සිහිකරනව.  මන්ද යත් එදවස ජිවිතේ මුහුණ දුන්න ප්‍රශ්ණ හැල හැප්පීම් ජිවිතයටත් වඩා වේගයෙන් දුවමින් සිටි යුගයක්ම වු හන්දාය. කෙ හැමේම ඇයි මටම වෙන්නෙ අයියෙ කියා අසද්දි ඒ උඹ දකින විදිහ නංගි කියා කිවු සුභාෂ් අයිේ එදාටත් වඩා ජවයකින් ේ හරඹ දිවි ගමනෙ අද මා කරන්නෙ ඒ වැටි තැලී ොඩි වෙන තැනදීම මට හයියෙන් නැගී සිටින්නට අයියා දුන් වචන වලට පින් සිදු වන්නටය. අද ආපසු හැරී බලද්දී සතුටු වෙන්නට ෝ කාරණා ඇත. මඟ හැරුණයි ..වැරදුණායි කියා පසු තැවෙන්නට තිබෙන තැන් ම අල්පය. 

ොයිවෙලෙත් කිසිම කීකර කමක් නැතිව හැසිරෙන මේ සිතුවිලි ඔබ වැළඳ ගත්තෙ ආදරෙන්..කවියටත් වඩා ගීතයට පෙම් බැඳි මා දිනෙන් දින ගීත ෝකය දිනන්නට වැර ගනිද්දී ඔබ නිසා ලැබූ අපිරිමිති සතුට මා අමුතුවෙන් කියන්නට අවැසි නැත. සයිබරය යනු ගල් සහ මල් ද පිරුණ තැනක්මය. මෙන්ම කකුලෙන් ඇද බිම දමා සතුටු වන ඔවුන්ද හිඟ ොමැත. එවන් තැනකදී සැබෑ මිනිසුන් ොමයක් බ්ොග් ෝකේදි මට හමුවිය... අස්වැන්න ලියන http://aswanna.blogspot.com/ දයානන්ද රත්නායක අයියා, සමකය වේ ලියන http://samakayawate.blogspot.com/ නලීන් දිල්රුක්ෂ...වැනි මිනිසුන් පමණක් ොව  වැහි වැටෙන තැන ලියන http://wehimandarama.blogspot.com/ ආදරණීය පුංචි නංගි, මධුරංගේ සටහන් ලියhttp://madurangacreations.blogspot.com/  මධුරංග, ස්වයාක්ත ලියන http://swayaktha.blogspot.com/  ලියන නුවන් මල්ලි වැනි අය මා ේ බ්ග් ෝකේදී හදුනාගත් මිනිසුන්ය.. 

වර්ණයට පාට තවරණ දිේෂ් උමගිලිය මල්ලි...බට්ටිගෙ සිතුවිලි ලියන බට්ටි නංගි ..සිතුම් පැතුම් මල්ලි ,තොටුපල අයිොටි මල්ලි..තනි අලිය මල්ලි, අත්තම්මගෙ පෙට්ටගගෙ ොකු ෝන් , සිතුවිලි පලස අතුරණ සුදා, කූබු, නෙත්පානි, විමුක්ති, ජිංජිබිරිස්, අඩවි රජා, සිතුවිලි දැහැන, බීටා මල්ලි, ඇතුළු තව ෝ නංගිලා..මල්ලිලා...සමඟින් සෝදර පිරිසක් හමු වුේද මෙතනදීය.  කිසිදු කුහකත්වයක්, නැතිව හුදෙක් හදවේ සැනසුමින්ම ඔවු ොවුන් ඇවිදින් යන සැරිසර යන තැනක් වූ ආලවන්ත හුඳකලාේ සිට බලා උන් මට දුන් දිරිය වචනයකට කැටි කළ ොහැක. තව නම් ගම් රාශියක් ඇත. එහෙත් ොලිවුවා කියා තරහ වෙන්න එපා..තරහා ොවන බවද මා දනිමි. මෙයද අද අලුයම 4.30 ට අවදිවී තබන සටහනකි.  

  එමෙන්ම පහුගිය කාලේ මට ෝ මිතුරන්ේ බ්ග් සටහන් මඟ ඇරුණි. මේ බ්ොගයද කරන්නට බැරි තරමට මා රාජකාරී ජිවිතේ හිරවිය. බුකිොනවා දෙයක් එවලෙම ටයිප් කර විසි කර ගියද මා බ්ොගේ එොකරමි. මෙය මේ ප්‍රථම ්‍රේමය තරම්ම අමතක ොවන ඉසව්ව හන්දාමය. ේ ගලන දෙපයකින් නැගී සිටින්නට හයියක් දුන් ලෙංගතුම හස්තය මෙයම වු හන්දාය.  

ඉඳින්  තෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....


හැබැයි අවිේකී දිවියෙම හඳිස්සියෙ පටන් ගත්ත මගෙ අලුත් ්‍රේමය ගාවටත් එන්න කියල ආරාධනාවක් මම අද කරනව. ේ තමයි එතන. http://dinithigegeethaya.blogspot.com/ 


 

Thursday, March 7, 2013

*** දෙව්ලොව ගිය අම්මාට ලියමි. ***



අම්මේ දුටුව විට ලියමන මාගේ
වැහි කළු පිරෙන බව ඇත්තක්ය වතේ
එකටම වැටී එක වේලක් ගත්තු දිනේ
සිහියට නඟන් ඇරඹුම මෙහි ඇතිය හොදේ...

කණකර එකින් එක හන්දියෙ කඩයෙ තබා
පත පොත නැවුම් හසරැලි මුව දුන්නෙ එදා
ටක ටොක සැටලයට මුළු ජීවිතය ලියා
රුව ගුණ මලක් බිහිකළෙ ඔබම තමා....

මහ විදුහලේ ඉහළම ලකුණක්ම නිසා
ඉරණම එතන පැහැදිලි බව ඇසුණ තමා
කරණම් ගසා දර දිය ඔබ ඇද්ද නිසා
නොදකින සිහින පිබෙදන්න වුනා

එක එක ඉංගිරිසි ආරය ගත්ත නඩේ
ගොඩයේ එකිය මා විතරයිම වුනේ
අකුරෙන් අකුර දිලිසෙන විටදි පොතේ
දවසින් දවස තරඟය ජිවිතය වුනේ...

පෙව් කිරි ටිකට ණය වෙන බව දන්න නිසා
ගුණ දම් අතු ගෑවෙ පති ගෙය රකිනු කියා
වැල යන අතට මැස්සක් ගහනවා කියා
පැදුරෙන් බිමට වැටුනේ ඔබ මතක් වෙලා

සුවපත් කරන එක ගිලනුන් පිනක් පුතේ
කිය කිය දියණියව තැවුවා ඔබ බුදුන් වගේ
මුසපත් නොවන හදවත රිදවනා දිනේ
නැවතත් නොඑන ලෙස අම්මා ඇයි යන්න ගියේ...

_________________________________
ගව්වෙන් ගව්ව දිව මාළිඟ සදනු කියා
බෝසත් සිතුම් අහකට නම් දමනු එපා
දළ සිඳ වැටෙන දවසක් මතු තිබෙන නිසා
අම්මට තාත්තට පිටුපා යන්න එපා....


( තම මව් එන්න කියද්දී ලංකාවට ොගිය මා මිතුරියට ේ මව ඇයට අහිමි වීම දැක ඇති වුන සිතුවිල්ලකි )

Saturday, February 23, 2013

වසන්තය එනව ඇත්තයි.



රාත්‍රිය නම් විසේකාරයි
එහෙත් ආදරණීයමයි
සලුපිලි ලිහන් ගහකොළ
අතපය විහදන්නෙ ඒකයි....

සඳ දිය නහවලා මල්
පෙති දෙපෙති විහිදයි
රෑ කුරුල්ලන් හිඟ මුත්
'හ්ම්' හඩ වුනත් මිහිරියි...

තණ පලස්වලට නොරිදා
පිනි බිංදු ඇස් අරියි
කණාමැදිරියො ලතාවට
රංඟනය අරඹන්නෙ ඒකයි...

වළාකුළු හුවමාරු වෙන
ගමනාන්තද නොනවතියි
එකිනෙකට නෙතු සල
කඳු පන්ති සඳ සිප ගනියි...

හිරුත් නොදුටුව අහුමුලු
විටක තරුපතිට හමුවෙයි
එහෙත් නොකියම හෙමින්
පිරිමඳියි නොරිදෙන්නෙ ඒකයි...

ලා එළිය දළු දමන මැදියමයි
හදවතක් පුබුදුවන හැඟුම් බෝමයි
සිනිඳුවට පිරිමැඳ පෙරාගත්තොත්
වසන්තය හිමිවෙනව ඇත්තයි...

Wednesday, February 20, 2013

ආදරණීය හදවත් ඇති මිනිසුනේ

                සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදාහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹ ඉස්සී පැද්දී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණඩු කෙක්කක් වගේ මා එල්ලෙන් ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූර හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..  
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න... 

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම. 


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.





Sunday, February 17, 2013

සීගිරිය රැකි බඹර රැහේ නායකයෙක් තම බඹර පුතු අමතන ලඳි

( එදවස සීගිරියෙහි ආරක්ෂාව සැපයූ සේනාසංවිධානය මෙකළ බඹර රංචුව යැයි මතයකි. අවාසනාවකට උනුන් අල්ලා කැළයට ගිහින් දමා ඇත. එහි ප්‍රථිපලයක් ලෙස සීගිරි චිත්‍ර නොදන්නා කෘමින්ගේ හානියට මුහුණ පා ඇත.)
_________________________________________________

 එකෙක් පාඟා මරා දමමින්
තවත් කෙනෙකුන් නැගී සිටිනා
පුරුද්දක් හැමදාම තිබුණා.
එතනදියි ම'පුතුනි හැරවුම් ලක්ෂය වෙලා
බොහෝ රැලි පෙරලිලා එන්නේ...

සිව්කොනම දේශයක රකින එක
නිරිඳෙක්ගෙ යුතුකමක්මය.
කිළිපොළා ඇවිලෙන දේශානුරාගය
එහෙව් වැසියන් හටත් උරුමය.

දුවා දරුවන් හැඬි දැඩිව ඇත්නම්
හිතේ සතුටින් දන් දුන් නිසයි අදත්
මෙ'බිම සතුටින් තියෙන්නේ.

දිව රැයේ නෙතු පියා නොගෙනම
කොහෙන් ඒවිද සතුරා බලන්නේ
එහෙව් නිරිඳෙක් රැකපු හන්දයි
ලොවේ මවිතය තවත් ඇත්තේ.

හිසත් ඇළකර ඔහොම හිනැහී
එපා පුතුනී බලන්නට ම'දෙස
මස්තකය පර්වතයෙ නන් සැපින්
සුව සඳන සුරපුරක් වැන්නේ.

තටු ගසා ඇලිමැලි නොවි පුතුනි
මානගෙන නෙතු හිඳිනු මැනවි
අවි උඹේ සිහි මඳ නොකර.
එහෙම වුවොත් උඹට හැකිවෙයි
නීල දිඟු ඇස් සොඳුරු ලාලිත ළඳුන්
සිනාසෙන මෙබිමම රකින්නට.

නපුරු දුදනන් ඇවිත් පරදා
ගත්තොතින් උදුරලා උනුනතට
අපේ දහඳිය හෙලු මෙබිමම
හඬා වැළපෙයි සත්තමයි පුතුනේ....

Thursday, February 7, 2013

හිතට එනවට ලියන කවි

බයක සෙවනැලි පිටක නැතිමුත් ඇතුළු හදවතෙ ඇවිදිතී
හෙටක අරුණලු දකිනු රිසියෙන් තව තවත් හිත් දොඩවති
එහෙත් සමහර ඵලත් අහිමිව ගසුත් හිටි ගමන් වැටෙති
කාට කිව හැකිද අත්විදි අදුරු මූසල නැවත නොඑතී

බෝගසක කොළ බිමට විතරයි හැරි හැරී රඟ දෙවන්නේ
බෝ සතුන් හට සිල් සුවඳ මතක් වන්නට කලක් යන්නේ
ටයර් දර සෑයවල් ගස් බැදපු හැටි ඇස් අපෙ දුටුවනේ
එහෙත් ඟං දියෙ පාවෙලා යන තවත් ගෙඩි කවුද දන්නේ

ඉරේ තැවරෙන රක්ත වර්ණය පෙනි පෙනිත් ජවයෙන්ම සිටිති
සඳේ සිහිලැල් ගුණය කිසිදින අධිරජුන් ඔබ හටත් නොදෙති
මඩේ සිටවු ලීයකින් කිසි ප්‍රායෝජනයක්ද නැති වෙති
එහෙත් ඇට නැති දිවක් හිමි වුන් රටේ ඉහළම තැනක හිඳිති

උතුරු සුළගින් හමා එන සුව දකුණටත් උරුමයම වන්නේ
පයට පෑගෙන දූවිලුත් පිස දෙන්න සමහරු දිවයි දෙන්නේ
තණ බුදින ගවයන් කොහොම සාලයේ නම් අපි රඳව ගන්නේ
හෙටත් හිරු එන එක එනවමයි වරද කවුරුද අනෙ සොයන්නේ

මගේ උරුමය මටයි උරුමය කිය කියා ගර්ජනා කරතී
රටේ ගහකොළ උඳුර ගන්නට නීතියක් මොකටදැයි සිතතී
ඔබේ හුස්මත් මගේ හුස්මත් එකම තාලෙට උඩ යට යතී
අනේ දෙවියනෙ කියනු බැහැ හෙට කාලයට ලොව නැවතුම් නැතී

Sunday, February 3, 2013

*** රාහු අපලය ගමට ඇවිදින් ***

එකෝමත් එක අතීතේ දවසක
නිදි කුම්බ අතු හිරි වට්ටවා
තණපලා කොළ කඩ කඩා ගිය
දෙවැට ළඟ නියර අද අඩනවා...

අහස් තලයම සිඹින
විසල් පොල් ගස් දෙකක්
අතර මැද පිහිටි තැනිතලා
බිම කොහේදැයි හිතනවා....

නිල්ල නිලනා ගොයම් යායේ
අස්වැන්න නෙළු ඉපනැල්ලෙ
සිටවාපු උණ ගස් යුඟල ගැන
මතක සිහිනයක් වෙනවා...

වෙල් මුකුණුවැන්න කෝ
කරටි දිය හබරලත් නැහැ
ඇලක් තිබුණද සළකුණක්වත්
සොය සොයා ඇස් දුවනවා...

රාහු අපලෙට වැටෙකෙයියා මල්
සුවඳ එක්කම ඉස්ගෙඩියො ඇල්ලුව
අලුත බිම ඉහිරිච්ච ගොඩපොරය
ගෙඩිත් හිත යට රඟනවා...

කබරයෙක් දියබරියෙක් දිනක
නාගයෙක් වුව හමුවෙනා තැන්
වෙරළු ගහ යට ගොරක අතුවල
එල්ලිලා හිටි හැටි දැනෙනවා...

කොහේදෝ පස් කඳු ඇවිත්
නෑයො වෙන්නට ගමට පහළින්
තිබුණ සියළුම උරුමෙ හංගන්
නපුරු මන්දිර තනනවා....

Sunday, January 27, 2013

*** ජීවිතේ ලියාදෙමි දුරුත්තට ***




ඇබින්දෙන් එහෙ මෙහෙ දුවන සිතිවිල්ලකට
නිමිත්තක් ඇතිද ඇහැරෙන්න හදවතක මැදට
සුනංගුව හුඟක් තැන් පිරිමදියි සීරුවට
වැරැද්දක් නොම වෙන්න එයම වෙයි හේතුවට...

වසන්තය නැති වුනත් හමා යන පවන ළඟ
අසන්නට බොහෝ පණිවිඩම ඇත හිත් අඟක
එහෙ මෙහෙන් තටු ගසන කුරුල්ලෙකු දුටු විටක
සිල් බිඳින් නෑ එහෙත් උණුසුමයි සියොළඟම...

රෝම කූපත් ඉස්සිලා සීත සෘතුවට රවනකොට
ග්‍රීක ජාතික කවිත් කියවෙන්නෙ අහම්බෙට
කාකි පාටින් කබායක් පොරවගෙන ඉන්න මට
රෑක සුමිහිරි ගී කියන්නට හිතෙයි මදනලට...

වා කවුළු හැම තැනම වසා ඇත හිරවෙන්ට
මා සොයා පැමිණෙන්න බැහැ නේද සඳවතට
පිපෙන මල් හිඟ වුනත් සුවඳ ඇත මැදියමට
නොදුන් කවියක් කාටවත් ඇත ඔබට පුදන්නට....

ඇවිස්සෙන හැඟුම් පැතුම් වී එබෙනකොට
කනස්සලු හිතින් කම්මුලත් නටනකොට
හතරකොන සිර කරන් පපුව මැද ඔබ සිටිනකොට
ඇත්තමයි ජීවිතේ ලියා දෙමි මම ඉතින් දුරුත්තට....



Thursday, January 24, 2013

නොරටක උන්න මුත් ඇයි වෙනසක් අපි ගැන හිතන්නට



නිමිත්ත -
පිටරට අයට මොන සැපද යැයි ලංකාවෙ වාසය කරන මිතුරෙකුගෙන් ලැබුණ දෙයක් හේතුවෙනි.
_______________________________________________________

ඉරමල එක්ක තඹුරුත් මැලවී යන හින්දා
හිත්වල නැගෙන පැන කළුවර අරගත් හන්දා
පෙරකල පින පවම පරිසන් දෙනවද මන්දා
කවි පෙළ ලියමි දුරු රට සැපයක් නැති හන්දා...

අලුයම අයිස් කැට එක්කම මුහුණත් දොවලා
හිල්වුණ මේස් දෙක බැනියම ඇඟපත සිඹලා
දඟලන බඩේ පණුවන් හට සරදම් කරලා
කහවණු එවයි හුඟ දන පිටරට දුක් විඳලා...

මහතුනි හිතන්නේ අප රුක යැයි මුදල්වල
එනමුදු පසුම්බිය හිස් අපගේ බොහොම කල
දවසින් දවස හිරු සඳු වෙනසයි ගගන තල
දෙකකුල් දෙඅත් තව තව වැළපෙයි මැඳුරුවල...


ලයිසන් නැතුව  තම්බති බිත්තර පපුවේ
ඇහුවොත් මව් රටින් සතුටින් යැයි කිවුවේ
ලැබෙනව හොඳ කලක් සිත සිත දින ගෙවුවේ
එනමුත් තනිකමයි කලකිරුමයි ආවේ...


මැරුණම කවුරු කවුරුත් යන්නේ සිව් රියනකට
ඉපදුණ නිසයි මේ හැම ලැබුණේ දිවි ගෙවන්නට
තරහක් නොමැත වදනක් ඇත මාහට කියන්නට
සකියනි අපිත් මිනිසුන් ඇයි වෙනසක් මනින්නට....

Tuesday, January 22, 2013

*** උමතු සඳ ළඟයි ප්‍රේමය ***



දුරුතු සඳ මනමාල වී
මුදුන් අහසෙම නැංගුරම් දාලා
පුරුදු අකුරුම ඇවිස්සී
කවි මලක් හිත් වැටෙන් පැනලා....

බුරුතු ගානට වැටෙන හිම කැට
කෙනිත්තුමකට ඉස්සිලා
කූරු පයිනස් ඉති පේලියට
සිනාසෙනවා නැවතිලා....

නිමෙන දැල්වෙන පහන් සිළු
නෑ කණාමැදිරියො ගෙනල්ලා
සිවුරුහන් හඩ තාලයක් මැද
පළගැටියො දුර ඉගිල්ලීලා...

ගෙවුනු වස්සානයට පීදුණු
ඇපල් මල් බිම ඉහිරිලා
සිපගත්ත මුත් ආදරෙන් පෙර
සමනල්ලු තටු වට්ටලා...

රැලි නැතත් හෝ හඬත් හොර
සමුදුරත් නෙත් හංගලා
අහංකාරෙන් උමතු තරුපති
වැළඳගයි ස්නේහෙන් ඉපිලිලා...

ආලකම් හැම සඳට විතරයි
හුඳකලා හිත වැළපිලා..
දුම් දමන කෝපි බඳුනක්
කවියකින් හිත සැනසුවා...

රැයට අධිපති සඳම විතරද
විරුද්ධව හිත කරැලි ගැසිලා..
ලොවට රහසින් උමතු සඳ ළග
නැවතුමට ඉකිබිඳුම ඇහැරිලා.....

Wednesday, January 2, 2013

* අතැර යන්නැති මතක බණ *

කළු ග‍ඟේ දිය රැලිති මැද
වියරු දිය සුලිය පුදුමයි
පාවෙලා සැහැල්ලුවෙ ආව
හල් ගෙඩිය ගෙන හැංගුවා ...

ජබොග් ගා නැගුණ සද්දෙන්
පිළිහිඩුව සිල් බිඳි බවයි
හොටය හප්පා කුඹුක් අත්තක
කෑ ගැසිල්ලක් නැති
මාලුවෙක් අවසන් 

ගමන නම් ගියාමයි....

නොන්ඩි ගහ ගහ වගේ පැද්දී
කොකෙක් මානා ඉන්න අතරේ
සමබරය ඉහිලුම් නැතිව ලීයක්
දිය කඳට හිස නමා ගත්තා....

හිරුට අමතක වෙච්ච තැන්
ඉඳහිටක සඳ බලා යනවාමයි
සාඳු කියමින් සිරිපතුල් වැඳ
ඇ‍ඳෙන දිය වුව නපුරු වෙනවාමයි...

ගල් තලාවක තවම ඉහිළුම්
නොදෙන ඉකිහඬ ඇසෙනවා
මල් මදාරා නැති වුනත් ඇය
එ'හිමි ඒ දැයි මඟ බලනවා...

වැලිපිළා ළය නැගෙන දුක් ගිනි
අකුරු අතරක අතරමංවේ

සැඟවිලා ගිය හල් ගෙඩිය ගැන
ගසක් පාමුල කඳුළු රැඳු....

පිනි ජම්බු මලක රොන්
දිය උඩක රංගන කලේ
හු නැතත් ළඟ බට කූඩෙ

අදත් ඇස් තෙත් කලේ...


Thursday, December 20, 2012

එයා - මම

එයා
ගේන්නෙම
හැම වෙලාවෙම
ඇන්ජයිනා වේදනාවක්මයි....

මගෙ වැඩේ
නයිට්ට්‍රේට පෙත්තක්
දිව යට
තියන්න හොයන එකමයි.

ඉවසන්න
බැරි වුනොත්
බයිපාස් එකක් කරනව
ප්‍රේමයේ නාමයෙන්.

Saturday, December 15, 2012

*** ඇය යන්න ගිහින් නොකියා***



ගරා වැටුනු මතකය මත්තේ
මා අත්වැල අල්ලා ඔබ ආවේ
ලෙංගතුකම් නැති හිත් අතරේ
ඔබ නිහඩව මා හා උන්නේ
මට මාවත් අමතක වී
කළ කී දේ මා නොදනී
හිනා අහුරවී ඔබ
මා අහසේ පෑයූවේ
අහම්බයෙන් හමු වූ අපි
මේ ජීවිත ගමනේ
පුරා හදක්වී ඔබ නැගුනේ
මගේ ලොවේ
අදුරක්වී නොයන්න දුර
එහෙම වුනොත් කදුළු පිරේ
හැමදාමත් මගේ නෙතේ
ඔබට සොදුරු හීන ඇතේ
නුඹට සෙනෙහෙ සිතක් ඇතේ
ඔඛෙ ලස්සන ඔය ජීවිත ගමනේ
කුඩා තිතක් වනු ඇත මා
එනමුත් මා පි්‍රය පෙම්වත
ඉදහිට හෝ මතක් වෙන්න
මා ගැන මතකය ඔබහට
අළුත් ලොවට ඔබ යනදා
මතක ඇතිව අරන් යන්න
කිසි කෙනෙකුට නොපෙනෙන්නට
ඔය හිත පතුලේ තියා ගන්න
මගෙ සෙනෙහේ,,,,,,,,


       සුදුපාට කොඩිවැල් යටින්, හය දෙනෙකුගේ කරමතින් සිව්රියන් බිම්කඩක සදහටම සැතපීි ඇය නිදා ගත්තාය¡ නොවේනම් ඇය යන්නම යන්න ගියාය. මට සදා කාලිකව ඈ අහිමි විය¡ ඈ දමා එන්නට බැරි කමින් මා තවම වැළපෙයි. තවමත් නැවුම් පස් පිඩවල් අතරින් රිංගා මට ඇගේ සුවද දැනෙයි. ඒ කතා කරන හඩ මහිත තුළට ඇසෙන්නා බදුය. කෙසේ ඈ මා තනිකර යන්න ගියාද? මා දන්නේ නැත. එහෙත් මේ සොහොන් බිමෙහි මට ඇයව තනිකර යන්නට නම් බැරිය¡ යන්තම් කළුවරකදීත් මගේ ලමැදට තුරුල් වන ඇය අද පටන් තනිවම ඉන්නේ කෙසේදැයි මට හිතා ගන්නට බැරිය.

මිතුරන් කිහිප දෙනෙක්ම මගේ පිටට තට්ටු කර

—දැන් ඇති යන් ˜ කියන්නා සේ කීවේය¡ නැවත මගේ ඉකිබිදුම අළුත් විය.

—මට සමාව දෙන්න මැණික.....මං ඔයාට දුක් දුන්නා....ඔයාට මෙහෙම වුනේ මං හින්දා.....අනේ සුදු ඔයාගෙ මරණෙට වග කියන්න ඕනෙ මමයි....මගේ හීනවලට පණ දෙන්න ඔයා ඔයාගෙ ජීවිතය උගසට තිබ්බා....අන්තිමට සිද්ද වුනේ ඔයාව මට විතරක් නෙමෙයි අපේ දරුවටත් නැති වුනා.....කියන්න රත්තරං ඒ ළමයා අම්මව අහනකොට මං කොහොමද කියන්නෙ ඔයා ඉපදෙන කොට අම්මා නැති වුනා කියලා....මට කියලා දෙන්න මේ තරම් කැප කිරීමක් ආදරය වෙනුවෙන් කරන්න ඔයා කොහොම පුරුදු වුනා....? සුදු...., මට බෑ තනියම ඉන්න....එන්න රත්තරං.... එන්න....

—වරෙන් බං යන්න....උඹේ දුක නොදැනෙනවා නෙමෙයි.......ඒත් දැන් උඹ ඔතන ඉදලා තේරුමක් වෙන්නෙ නැහැනෙ.......රංගිකා වෙනුවෙන් අර දරුවව බලා ගනින්.....

— මා නැගිටවන්නට හැදු සුරාජ් කීවේය...
 ඔහු කී දෙය ගැන මට නොසිතා ඉන්නට බැරිවිය. නමුදු රංගිගේ කතා කරන ඇස් දෙක මගේ හිත උඩ මැවී පෙනුනි. ඒ අසරණ දෑසින් අයදින්නේත් එයම නොවේදැයි මට මොහොතකට සිතුණි. මගේ විලාප හඩ පමණක් මුළු පරිසරය පුරා දෝංකාර දි මටම ඇසුණි. ඒ මුසල පරිසරයේ මට ඈ දමා එන්නට බැරිවිය. දැඩි නිහඩතාවය මැදින්

 — යං......˜ කියා නැවත සුරාජ් මා අත ගත්තේය... කොතරම් යං යං කීවද මිතුරන් මා දමා තනිකර නොගියේය...
 
—රංගි හීනෙනවත් හිතන්න ඇතිද සුරාජ් එයාට මෙහෙම දෙයක් වෙයි කියලා.....එහෙම දැනගෙන ඉදිය නම් මම කවමදාවත් දරුවෙක් හදන්නෙ නෑ.....ඒත් රංගි.....අනේ මගෙ අසරණී.....

—දැන් මොනා කරන්නද විකසිත.....උඹ හිත හදා ගන්න බලපන් ඒ රංගි වෙනුවෙන් අර දරුවා වෙනුවෙන්....˜

—උඹට තේරෙන්නෑ සුරාජ්....ඒකි මං වෙනුවෙන් මොන තරම් දේවල් නැති කර ගත්තද....?එයාගෙ අම්මා තාත්තා,නෑදෑයො එපා කියලා ආවෙ මාත් එකක්....මං හින්දා මොන තරම් දේවල් දරා ගත්තද? ඒ ඔක්කොම අයින් කළත් මට කොයිතරම් ආදරේ කළාද? ඒ වගේ අය ලෝකෙ හරි අඩුයි සුරාජ්.....ඒ විදිහට හැම ගෑනිටම ආදරේ කරන්න බෑ....ඒ තියා රංගි වගේ ගෑණු හැමෝටම හම්බ වෙන්නෙත් නෑ.....

—ඒක හරි විකසිත......ඒත් ලොකු හාමුදුරුවො බණට කිව වගේ අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවනෙ....ඒක කවදද.....? කොයි වෙලාවෙද කියලා අපි කවුරුත් දන්නෙ නැහැනෙ.... අපිට මරණය වෙනස් කරන්න බැහැ විකසිත.....හිත හදාගන්න බලපන් මචං....දැං යන්......

අකමැත්තෙන් වුවත් මා ඇගේ සොහොන ළගින් නැගිට්ටේය. නැවත වරක් කෑ ගසා හඩන්නට සිතුනද මා මිතුරාගේ කර මතට වාරුවී හිස තද කර ගත්තේය.

—අනේ විකසිත අපෙ අම්මලා කියන කෙනාව මට බදින්න බෑ.....

—මං දන්නවා රංගි....ඒත් ඉතිං මටත් කියලා හරි හමන් විදිහෙ රස්සාවක් නැහැනෙ.....

—ඔය ඉතිං මෙයාට පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව බදින්න.....මට තමයි අර බූරුවව බදින්න වෙන්නෙ.....
එසේ කියා ඇය නෝක්කාඩු බැල්මෙන් මදෙස බැළීය. ඇයව තව ටිකක් කේන්ති ගස්සනවා යැයි සිතා,

—ඔව් එතකොට අර සිංදුවක් තියෙන්නෙ.....
,බිරිද මගේ.....නෑ මා ඔබගේ බිරිද නොවේ......ඒ සිංදුවෙ වගේ අම්මලා කියන කොල්ලව බැදලා ඉන්න තියෙන්නෙ.....,

—ආස ඇති නේද විකසිත.....?එහෙම වුනොත් මම මැරෙනවා....ඔයා නැතුව මට වෙන කවුරු ලැබුනත් වැඩක් නෑ....ඒ මම ඒ තරමටම ඔයාට ආදරය කරන හින්දා විකසිත......
එසේ කියා ඇය ඉකිබිද හඩන්නට පටන් ගත්තේය.....

—කෝ ඉතිං විහිළුවක්වත් තේරෙන්නෙ නැහැනෙ.....මං බොරුවට එහෙම කිවුවෙ....මේ බලන්න රංගි......

—මං වෙන කෙනෙක්ට ඔයාව අයිති වෙන්න දෙන්නෑ සුදු.....
සමාජෙ ජීවත්වෙන්න ගෑනියෙක්ව ඕන කමට මට කාව උනත් බදින්න පුළුවන්......නමුත් මට ඕන ඔයාව රංගි....ඔයාගෙ ආදරේ මට ඕන....තේරුණාද....?

මං උඹව කාටවත් අයිති වෙන්න දෙන්නෑ සත්තයි..... එවිට අර රතුවී තිබුණු ඇස් ලස්සනට හිනා වෙන්න සැරසුණි.

 ඇගේ ආදරය ගැන කියන්නට මා දන්නේ නැත. එ තරමට ඈ මට ආදරය දුන්නාය....ආදරය ගැන කියා දුන්නාය.....ඒ ආදරයෙන් මට ජීවත්වෙන්නටද පුරුදු කළේය.

—ඒත් විකසිත ඔයාට දැන්ම මාව බදින්න බැහැනෙ.....එහෙම වුනොත් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම බිද වැටෙයි.... ඔයාට ඔයා දකින අනාගතය දකින්න බැරිවෙයි.....මට එහෙම කරන්න බෑ විකසිත.....

—ඔය ඉතිං......දැන් ඔයාමනෙ සුදු කීවෙ මං නැති වුනොත් ඔයා මැරෙනවා කියලා.....
මං දන්නවා රංගි අම්මලා කියන ඊදහ ගාව ඔයාගෙ සතුට නෑ.... බයවෙන්න එපා කෙල්ලෙ මං වෙන කෙනෙක්ට ඔයාව අයිති කර ගන්න දෙන්නෙ නෑ....ඔයා මගේ...

—අනේ මන්දා විකසිත මං ඔයාට ලෝභකම් කරන තරම දන්නෙ මං විතරයි. ඒ තරමට මං ඔයාට ආදරෙයි...ඒත් මේ හදිස්සියෙ මාව බැන්දොත් ඔයාට ඔයාගෙ අනාගතය නැතිවෙනවා. ඒ හින්දා මට බෑ ඔයාගෙ අනාගතය අදුරු කරන්න....මගේ ආදරේ නිදහසේ තිබුනාවෙ විකසිත....ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ. එත් මගෙ ආදරය ඔයාව හිර කරලා තියන්න බෑ.....මම දන්නෙ එච්චරයි.....

රංගි වූ කලී ආදරයේ ප්‍රතිමූර්තියයි. කොල්ලෙක්ට ආස හිතෙන ලෙස ඈ ආදරය කරන්නීය.....ඇය වගේ ලස්සනට ආදරය කරන ලෝකයේ වෙන කිසිම කෙල්ලෙකු ගැන මා නොදැන හිටියාය. එතරම් අපූරුවට ඈ ආදරය දෙන්නේය. ඒ ආදරයට වශී නොවන ලෝභ නොසිතෙන පිරිමියෙකු හිදියේ නම් එය අවාසනාවක්ය. එහෙම ආදරය දෙන අයෙකුට ජීවිතය මේ තරමට සරදම් කලේ ඇයිදැයි මට තවම හිතා ගන්නට බැරිය. මේ ආත්මයේ ඇය කළ පවක් නැති තරම්ය. එහෙත් දෛවය ඇයට හරස්වී ජීවිතය උදුරා ගත්තේය. නොඑසේනම් මට සිතෙන්නේ ඇය වන් අයගේ ජීවත්වීමේ අයිතිය සොබා දහම විසින් ඉඩ නොදි උදුරා ගන්නා බවය.

මට අද වාගේම මතකය. ඇය මා හා එන්නට සැරසුනේ එක හිතින්ය. ඒ හිතේ තිබුන දුක  නම් මට කරදරයක් වදයක් වීමට බැරි යැයි හැගීමය. ඇය මට කරදරයක් නොවන බව කොතරම් ඒත්තු ගැන්වීමට මා හැදුවත් සියළු දේ ඈ ඇගේ පිට පටවා ගත්තේය.

—විකසිත තව පාරක් හිතන්න....මේ ඔයාගෙ ජීවිතේ....මට බෑ ඔයාගෙ ජීවිතේ විනාශ කරලා දාන්න....ඔන්න ඔහේ මං අම්මලා කියන කෙනාව මැරි කරන්නම්....

—සුදු....ඔයාව මට කරදරයක් නෙමෙයි....තේරුම් ගන්න.....ඒ කෙනාව මැරි කලාම එතන ඔයාගෙ සතුට නෑ නේද රංගි....? අපි දෙන්නෙක් නෙමෙයි නේද....එක් කෙනෙක් නේද....? එහෙනම් ඇයි ඔහොම හිතන්නෙ....

—මන් දන්නවා විකසිත ඔයා මට ආදරෙයි....මාත් ඔයාට ආදරෙයි.....ඔයාට මං ආදරේ හින්දමයි මට බෑ කිවුවෙ....

—හරි ඕන එකක් වුනාවෙ....මට දරා ගන්න පුළුවන් ඔයාව මට වැඩි නෑ....

—හ්ම්.....මං එන්නම් විකසිත.....
 එසේ කියා ඇය මා හා  ආවාය. ඇයව මාල හතක් බැද පොරුව මත තියා මගේ කරගන්නට බැරි වුයේ මගේ දුප්පත් කම ඇගේ දෙමාපියන්ට මදි පුංචි කමක් වීමය. සුන්දර මනමාලියෙක් වන ඇගේ හීනය ඈ අත්හැරියේ මා හින්දාය...එදා ඈ කීවේ,

—මනමාලියෙක් වෙන්නම ඕනද විකසිත....මේ ඊට වැඩිය සතුටක් මා ගාව තියෙන්නෙ.....

මට නොතේරෙන්නෙත් ඇගේ මේ ඉවසිමය....නොවේනම් මේ තරම් දරා ගන්න ඇයට පුළුවන් වූයේ කෙසේද....? මේ තරමින් පරිත්‍යාග කරන්නට ඇයට ලෝභ නොදැනෙන්නේ ඇයි....? ආදරණීය සුදු.....ඔබ මහමෙර වාගේය..... නොවේ නම් මහා පොළව සේය.... ඒ තරමට නිහඩව නිසොල්මනේ හැම දෙයක්ම දරා ගන්නා අයෙකු මා දැක නැත. ඇගේ ඒ ආදරය මට සදහටම අහිමි විය.

ඉතිං අපි විවාහ විය. හතර වරිගයේ මහ පිරිස් අපිට නොවුනි. රෙජිස්ටාර් ඉදිරිපිට තවත් යහළුවන් කිහිප දෙනෙකු මැද ඈ මගේ කර ගත්තේය. එදා ඒ ඇස් දිලිසුනේ ලොවේ ඇති සියළු සැප ඈ වෙත ළගා වූවා මෙනි.

ඇය සොදුරු විය. රැයක පිපෙන රෑ මනමාලියා මලක් සේ සුන්දර වුන ඇය වත හිමිදිරියේ හිනැහෙන පිච්ච මලක නොකිළිටි නිර්මලත්වය ඈ තුළ තිබුණි.

—දැන්නම් විකසිත මට දිනන්න දෙයක් නැතුව වගේ....මගේ ආදරය මට ලැබුනා නේද....? අදහන්නත් අමාරුයි විකසිත.....

පූසි පැටවක් වාගේ අහිංසකව ඈ මගේ නිරුවත් පපුවට තුරුළු වී සෙනෙහස දුන්නා සේම සෙනෙහස විදගත්තාය. උදේ පාන්දර අවදි වී මට රැකියාවට යාම සදහා අවැසි සියල්ල ඇය අතින් සතුටින් කලේය. ඇය නමට පමණක් සීමා වු බිරිදක් නොවී දෙවුදුවක් වූවාය. හැමදාමත් මා එන පෙරමග ඈ බලා හිදියි. දවස පුරා වූ මහන්සිය ඇය දැකීමෙන් නිවී යයි.


ඔබ මට හමුවූයේ....අද ඊයේය...එහෙත්...
ආත්ම ගණනක හුරු පුරුදු සුවද මට ඔබ ළග තිබුණි.....
ඉස්සර කාළෙකදීත් ඔබ මගේ වී ඉන්නට ඇත...
මවට දරුවෙක් සේ...ගසට පොත්තක් සේ...
ඔබ මා හා මගේ ජීවිතය හා බැදි ඇත...
එයට දෙන්නට අරුතක් මා දන්නේ නැත....
නමුත්...
අද ඔබ....
මගේ සිනහව වී හමාරය.... දැන්
මගේ ජීවිතය
මගේ හුස්ම ටික....
පමණක් නොව මගේ ආත්මයද ඔබම වී ඇත....
අදරණීයම වූ සුදු
එය එලෙස වූයේ සංසාර පුරුද්දට දෝයී මා දන්නේ නැත....
කෙළෙස නමුත් ඔබ මගේ ආදරයයි.....


        එතැන් පටන් ගෙවුන හැම දිනකම අප සතුටින් හිදියෙමු. නමුදු අවාසනාව පසුපස බව මා පමණක් නොව ඇයද නොදැන හිදියේය. විවාහ වී මාසයක් යන්නටත් පෙර ඈ අසනීප වූවාය.

     නමුදු රංගි කීවේ ඇයට අසනීපයක් නැතැය යන්නය. ඇගේ අකමැත්ත මතම මා ඇය කැටුව පෞද්ගලික රෝහලකට ගියේය. පරීක‍ෂණ ගනණාවකින් පසු විශේෂඥ වෛද්‍යවරයා පැවසූ දෙය මේ දැන් ඇසෙන්නා සේ මට දැනෙයි. මගේ ඇග සීතල වී ගිය එය නම් අදද අදහන්නට බැරිය.

—මිස්ටර් ඒකනායක.....මෙහෙම කියන්න වුන එක සොරි....ඒත්....ඔයාගෙ වයිප්ගෙ ලෙඩේ ටිකක් විතර සීරියස්....ඒත් නියමිත ප්‍රතිකාර කළාම යථා තත්වයට ගන්න පුළුවන්....

—කියන්න ඩොක්ටර්....රංගිට මොකද වෙලා තියෙන්නෙ....

—මේකයි මිස්ටර් ඒකනායක....එයාගෙ පපුවෙ සියුම් නහරයක් හීනිවෙලා තියෙන්නෙ....ඒත් අපිට මේක සුව කරන්න පුළුවන් වෙයි.....

මගේ දෙනෙත් අභියස හෙනයක් පිපිරුවා සේ මගේ හිස කැරකෙන්නට විය. එහෙත් මෙවන් මොහොතක ඇයට ඇත්තේ මගේ පිහිට පමණන් නිසා මා හිත තද කර ගත්තේය...

ඉතිං වෛද්‍ය මතය අනුව ඇයට ප්‍රතිකාර කිරීම පටන් ගත්තේය. එමෙන්ම වෛද්‍යවරුන් පැවසූයේ හැකි සෑම අයුරකින්ම ඇයව සතුටින් තබන ලෙසය. නමුත් කිසිදූ දිනක ඇයට දරුවෙක් බිහිකිරීම වැනි කාරුණක් ඇගේ සිරුරට ඔරොත්තු නොදෙන බවක්ය.

මගේ අහිංසකී....ආදරයේ දෙව්රුව වූ ඔබ හිතේ කරුණාව දයාව ඉවසීම මහා සාගරය තරම් විය.

 ඈ වැනි අයෙකුට දෛවය මෙතරම්ම අකාරුණික වූයේ ඇයි දැයි මට සිතා ගන්නට බැරිය..
සෙනෙහස දෝරෙ ගලන ඒ රත්තරං හදවතේ සියුම් නහරයක් කුඩා වන්නට තරම් ඇගේ දෛවය ඇයට නපුරු වූයේ මන්ද....මෙතරම් බෝසත් ගති ඇයට සොබා දහමද වියරු විය...

—විකසිත මන් දන්නවා....මං ඉක්මනට සනීප වෙනවා....මට ආයිත් ඔයාට උයලා පිහලා කන්න දෙන්න පුළුවන්....ඔයාගෙ ලෙයින් හැදූන දරුවෙක් මගේ කුසින් බිහි කරන්න පුළුවන්....ඇත්තමයි විකසිත මට පුළුවන්....

කෙතරම් රෝගාතුර වී සයනය මත හිදියත් ඈ තුළ වූයේ නොසැළී හිදීමේ ආත්ම ශක්තියයි..
වෙන අයෙකු නම් මෙවන් මොහොතක මානසිකව ඇද වැටී රෝගය තවත් බරපතල වන්නේය...
නමුදූ රංගි එසේ නොවූවාය....පුදූම දනවන සුළු චිත්ත ධෛර්ය ඇයට වීරිය දූන්නාය.

—සුදූ....ඔයා ඔය දේවල් ගැන හිතන්න එපා....අපිට දරුවො ඕන නෑ....ඔයා සනීප වෙන්න....

—අනේ විකසිත මේක ඒ හැටි අමාරුවක් නෑ....මට පුළුවන් දරුවෙක් හදන්න.....ඔයාට ඕන කිවුවා වගේ මං වගේම බෝනික්කියෙන් මං ඔයාට දෙනවා විකසිත....මේ බලන්න මම සතුටින් ඉන්නෙ.....එසේ කියා ඈ මා වැළද ගත්තාය.

ඇයව පරීක‍ෂා කළ වෛද්‍යවරයාටද සිතා ගැනීමට නොහැකි තරම් කෙටි කාලයකින් ඇය සුව අතට හැරුණි. නැවත ඇය නිවසට ආවේය. ඇගේ දෙමාපියන් ඈ බලන්නට නාවේය. ඔවුන් සිතුවේ ඇයව පවුලෙන් අයින් කළ ගානටය. එහෙයින් කිසිම දිනක ඇයට ඇගේ දෙමාපියන් දක්නට නොලැබිණි. නමුත් රංගි කීවේ ,

—දරුවෙක්ව දෙමාපියන් ලොකු කරන්නෙ ගොඩක් බලාපොරොත්තු ඇති. ඉතිං මට බැරි වුනානෙ විකසිත ඒ අයගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න. ඒක නිසා මං දැන් ඒ ගැන හිතන්නෙ නෑ....

එහෙත් කිසිදූ මොහොතක ඇය මට වරදක් නොකියයි. ඈ කියන්නේ ඇගේ සැනසුම මා වූ බවය. හැමදාමත් මට නොතේරෙන්නේත් මෙයමය....

රංගි මලක් මෙන් යලිත් පිබිදූනේය.. ඇය හිනැහී සැනසුනි. ඇයට බලාපොරොත්තුව වූයේ මාය. ඇගේ සිනහව වූයේ මාය¡ ඇගේ සතුටේ හිමිකරු වූයේ මාය¡ මගෙ සුදූ....ඔබට දිනන්නට තිබූ අනාගතය මාය. මගේ හෙට  දවස ඔබේ කරගත් ඔබ මට අහිමිව ගිය අරුමය. මා කෙසේ දරාගන්නද....? අනුන්ගේ දූකත් ඔබේ දූකත් කරගත් ඔබට මේ වූයේ කුමක්ද....? එය දන්නේ දෙවියන් පමණය....

—විකසිත....අපි බෝධි පූජාවක් තියන්න යන්...

මා නිවසේ ඉන්නේ බොහෝ අවස්ථාවන්හිදී ඇය මට කියයි....කිසිදූ පැකිළිමකින් තොරව මා ඈ කැටිව පන්සල් යයි. ඈ හැමදාම බුදූන්ගෙන් ඉල්ලුවේ කවරක්දැයි මා නොදන්නේය. එහෙත් හැම බෝගහක් වටාම ඇය බැතිබරව පැදකුණු කළාය. එවන් මොහොතක ඒ මුහුණ තුළ තිඛෙන නිරාමිස සැනසීම කුමක්දැයි මට පැහැදිලිව තෝරා බේරා ගන්නට බැරිවිය. එහෙත් දිනෙන් දිනම ඇය සතුටින් හිදියේය. වෙනදාට වඩා වැඩි නැවුම් බවකින් ඊළග දින ඇය පිබිදූනි. මේ වෙනස මට තේරුම් ගන්නට බැරිවිය.
 
ඇගේ ඒ වෙනස ගැන මට බය සිතුණු වෙලාවල් නොතිබුණා නොවෙයි....එවිට මා සුරාජ් හා කතා කරන්නේ ඈ ගැනය.
 
—මට වෙලාවකට බයයි සුරාජ් රංගි ගැන....

—ඒ ඇයි විකසිත....?

—    නෑ මචං....එයා මොනා කරන්න ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ....දැන් ඉස්සරට වඩා රංගි සතුටින් ඉන්නවද දූකින් ඉන්නවද කියලා මට තෝරල බේරල වෙන් කරන්න දන්නෙ නෑ...

—    ඇත්ත. මාත් හිතුවෙ රංගිට ඒ විදිහට පපුවෙ නහරයක් හීන්වෙලා තියෙනවා කියලා ඩොක්ටර් කීවම අපි එයාට කියා ගන්න බැරුව පසු තැවුනා....ඒත්....දැන්....එයාට එහෙම දෙයක් තිබුණද කියලා හිතන්නත් පුළුවන්ද....?

—    ඒ වෙනස තමයි මටත් දරා ගන්න බැරි සුරාජ්....

—    අසුභවාදි වෙන්න එපා විකසිත...හැමදේම හොදට සිද්ද වෙයි....
       
හැමදේම හොදට සිද්ද වුනද අවසානයේ වූයේ නරකක්ම නේදැයි මට මේ දැන් සුරාජ්ගෙන් අසන්නට සිතේ. එහෙත් දැන් එසේ කියා මා මිතුරාගේ හිත රිද්දවා ලබන සැනසුමක් නැත. ආපසු රංගි මා සොයා එන්නේ නැත.

    මගේ අකමැත්තෙන් වුවද ඇය මවක් වෙන්න හින දැක්කාය. ඇගේ හිනය හැබෑ කරන්න මා මැලි වූයේ මටත් වඩා මා ඇයට ආදරය කළ හින්දාය. එහෙත් රංගි කීවේ ඇගේ සතුට ඇයට දෙන ලෙසය... අවසානයේ ඇය මවක වූවාය.

    —විකසිත මට මේ සතුට දරා ගන්න බෑ....ඇය ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා පැවසු වෙලේ රංගිගේ ඇස්වල තිබුණ ආලෝකය ඇයට මුළු ලෝකයම ලැබුණ වැනිය.

    ඉතිං එතැන් පටන් ඇය කුස තුළ හිදින දරුවා වෙනුවෙන් වෙහෙසුනි. දරුවාට රිදේවි යැයි බියෙන් ඇය හයියෙන් හුස්මක්ද ගත්තේ නැත. කුසට නියමිත කාළය පැමිණෙන විට වෛද්‍යවරයා කීවේ.....

    —දරුවයි අම්මයි දෙන්නම සනීපෙන්....ඔය විදිහටම අපි දරුවා ලැඛෙන්නත් සතුටින් මුහුණ දෙන්න සතුටින් ඉමු....කියාය. ඒ හැම ඇය නොපිරිහෙළා ඉටු කළාය.

    —විකසිත මට අමාරුයි....මීට දින කිහිපයකට උඩදී හිමිදිරි පාන්දර ඇය කීවේය.

    —රංගි ඔහොම ඉන්න මං ඉක්මනට වාහනයක් කතා කරගෙන එන්නම්....

    —කලබල වෙන්න එපා විකසිත...හෙමින් සැරේ ගිහින් එන්න...ඒ මොහොතේත් ඇය සිතුවේ මා ගැනය¡ මා හැකි ඉක්මනින් ඈ රෝහල වෙත රැගෙන ගියේය. මට දැනුදූ මතකය....ඒ ඇස්වල දූක්බර බවත් සමග රැදූන මහන්සිය ඇය වචන වලට නොපෙරලුවාය.

    —විකසිත මං හොදින්...ඔයත් හොදින් සතුටින් ඉන්න....

   හිතන්න, ඇය හොදින් යැයි කියා යන්නම යන්න ගොස් තිබුණි. දරු ප්‍රසූතිය සදහා ඇගේ හදවත සවිමත් එකක් නොවී ඇත. අධික රුධිර පීඩනයද සමගින් ඇය දූර ගමන් ගොස් තිබුණි. වෛද්‍යවරු මවත් දරුවාත් දෙදෙනාම රැකගැනිමට වෙහෙස ගත්තද අවසානයේ දරුවා දමා මව දෑස් පියාගෙනය. හැම මොහොතකම මගේ හීනවලට පදූන් ඇය ඈ වාගේම ලස්සන සිගිති දූ පැටියෙක් මට තනියට තබා ඈ සුරලොව ගොස්ය. මගේ පැතුම ඉටු කරමින් ඇය ඇගේ ගමන තනියම ගිහින්ය. නමුදූ මට ඇය නැති ජීවිතයෙන් පලක් නැති බව ඇයට අමතක වන්නට ඇත. මොනවා ලැබුනද මගේ ජීවිතයට ඇය නැතිව ඒ කිසිවකින් මට වැඩක් නැති බව ඇයට කියා ගන්නට බැරිවූ කමට මා දූක් විදිමි.



—සුමුදූ සුදූ සේල දවටා
 සිහින් සරයට හිනැහෙනා
 සියක් කුසුමන් මැද දිලිසෙනා
 සිහින දෙව්දූව ඔබ මගේ....
 සහසක් ලොව තුළ
 සතර දිගන්තයේ පීරා සෙවුවද
 සියුමැලි මගෙ කොද කැකුළිය
 සොයා ගන්න මට බෑ ආයෙත්....
 සවන් තුළට කොදූරා
 සිනහ වතින් මුව පුරවා
 සෙවුවන්දියෙ මගෙ කියන්නකෝ
 සසර මගේ හැමදාමත්
 සදහට ඔබ මා තකිකර නොයනා බව....


Thursday, December 13, 2012

***එකම මොහොතක් ඔබේ වෙන්නට හිතනවා*** _________________________________________



අඳුර අහුමුළු අතර සරමින් මොනවදෝ මට කියනවා
සොඳුර නුඹ ගැන හිත හිතා කාලයද දින දින ගෙවෙනවා
මැදුරු මන්දිර කිසි වගක් නැති ආලයක් හිතෙ පිරෙනවා
පවුරු පදනම් බිඳ දමා ඔබ සොයාගෙන මං ඇදෙනවා.....

අහස සමුදුර ක්ෂිතිජ ඉම නේත්‍රා යුග රවට්ටනවා
උඩක තරුපති බිම් මලක් බිම හූල්ලා මඟ බලනවා
පවස නිවනට දිය බිඳක් ගෙන එන්නෙ කෙදිනද හිතනවා
විලක සුපිපුණ සියපතක් ඔබ මගේ වෙන්නට යදිනවා....

රැයද දහවල නොවේ වෙනසක් ඇස් දෙකම මගෙ තෙමෙනවා
ගසට ඈදුනු පොත්ත සේ ඔබ ළඟම ඉන්නට පතනවා
ඉහළ අත්තක මලක් නෙලනට උඩ පනින්නටම වෙනවා
නිකට ළඟ අත ගෙපැල දොරකඩ පෙම් සිහින තව දකිනවා...

සාලියට හිමි අශෝකා වෙන්නෙ නැති බව මං දන්නවා
රෝමියෝ ළග වෙලා ජුලියට් ඉන්න බැරි හැටි පෙනෙනවා
ප්‍රේමයේ මුල් බීජ ඉන්දුව දෑස් හදවතෙ තියෙනවා
කවදහරි ඔය පපුවෙ උණුහුමෙ මොහොතකට මං ඉන්නවා....

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...