( එදවස සීගිරියෙහි ආරක්ෂාව සැපයූ සේනාසංවිධානය
මෙකළ බඹර රංචුව යැයි මතයකි. අවාසනාවකට උනුන් අල්ලා කැළයට ගිහින් දමා ඇත.
එහි ප්‍රථිපලයක් ලෙස සීගිරි චිත්‍ර නොදන්නා කෘමින්ගේ හානියට මුහුණ පා ඇත.)
_________________________________________________
එකෙක් පාඟා මරා දමමින්
තවත් කෙනෙකුන් නැගී සිටිනා
පුරුද්දක් හැමදාම තිබුණා.
එතනදියි ම'පුතුනි හැරවුම් ලක්ෂය වෙලා
බොහෝ රැලි පෙරලිලා එන්නේ...
සිව්කොනම දේශයක රකින එක
නිරිඳෙක්ගෙ යුතුකමක්මය.
කිළිපොළා ඇවිලෙන දේශානුරාගය
එහෙව් වැසියන් හටත් උරුමය.
දුවා දරුවන් හැඬි දැඩිව ඇත්නම්
හිතේ සතුටින් දන් දුන් නිසයි අදත්
මෙ'බිම සතුටින් තියෙන්නේ.
දිව රැයේ නෙතු පියා නොගෙනම
කොහෙන් ඒවිද සතුරා බලන්නේ
එහෙව් නිරිඳෙක් රැකපු හන්දයි
ලොවේ මවිතය තවත් ඇත්තේ.
හිසත් ඇළකර ඔහොම හිනැහී
එපා පුතුනී බලන්නට ම'දෙස
මස්තකය පර්වතයෙ නන් සැපින්
සුව සඳන සුරපුරක් වැන්නේ.
තටු ගසා ඇලිමැලි නොවි පුතුනි
මානගෙන නෙතු හිඳිනු මැනවි
අවි උඹේ සිහි මඳ නොකර.
එහෙම වුවොත් උඹට හැකිවෙයි
නීල දිඟු ඇස් සොඳුරු ලාලිත ළඳුන්
සිනාසෙන මෙබිමම රකින්නට.
නපුරු දුදනන් ඇවිත් පරදා
ගත්තොතින් උදුරලා උනුනතට
අපේ දහඳිය හෙලු මෙබිමම
හඬා වැළපෙයි සත්තමයි පුතුනේ....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
දැන් ඉන්න බඹර පුතාල ඕවා දන්නවද..
ReplyDeleteමේ ගැන නම් කියන්න වචන නැ දිනිති... කවුද හරි කවුද වැරදි මහා උගතුන් ගන්නා තීන්දු තමා සීගිරිය වැනි තැන් වල ක්‍රියාවට නැංවෙන්නේ..එම තීන්දු ජනප්‍රවාදය හා කොතෙක් ගැලපේද,
ReplyDeleteඒ කාලෙත් ඉදලද කොහෙද :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!