දන්නවද.....
මේ ලියන.....ලියවෙන
හැම අකුරක් ගානෙම...
දැවෙන...ලතවෙන...තැවෙන බව විතරක්ම මම.....
මේ අකුරු දැක වෙන තැවෙන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන විඳවන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන ලතවෙන අයෙක් නම් නැත...
ඒ සිටියේ නම්...උන්නා නම් මේ ලොවටම ඒ මාය....
මා විතරමය....
විඳින....විඳවන....මේ ආදරය දැනෙන හිතට බර වැඩි වූ හින්දාම මා මෙලොව අතැර යන්නට සිතා උන්නෙමි...සදහටම මේ නෙත් පියා ගන්නට හිතා උන්නෙමි...ඒත් හිතා වුන් දේවත් පතා වුන් දේවත් ඉටු කරගන්නට මට බැරිම වුන හැටි....
විසල් අහසක් තරම් සෙනෙහස පුදද්දිත් අබැටක තරම්වත් පෙරලා ආදරයක් නොලබන මා මේ මමම අදත් හුස්ම ගන්නේය...තවම මේ ලොව ජීවත් වෙන්නේය....දැල්වෙන පහන් සිලට අසීමිතව පෙම් කරන මෙරුවෙකු සේ එසේ නොමැති නම් තමාම දැවි දැවි පිච්චී යන බව දැන දැනම ගින්දරට පෙම් බදින පලගැටියකු සේ මමත් ඇබින්දක්වත් ආදරය නැති හදවතක හැපි හැපී ආදරය කරමි....ආදරයම හොයමි....ඒ හිත ළගම වෙලි වෙලි පෙම පුදමි...පුදන ප්‍රේමයට පෙම ප්‍රේමය සොයමි...ලතෙක් බවක් තෙතමනයක් නොමැති බව දැන දැනම ඒ වටාම කැරකෙති....
අනේ ගැහැණු හිතකට මේ සා ආදරය කරන්න හිතක් දුන්නේ ඇයි...මේ තරම් දෛවය දඩුවම් කරන්නේ ඇයි...තනිවම මම සිතමි...
ජිවිතය නම් වුනු මහගිරිදඹේ කොහේ කොතනක හරි මට වැරදී ඇත....ඒ මේ මෙතන කියා හරියටම කියන්නට මම තවම දන්නේ නැත....මට මමත් නැති ලොවක මම තවම හිදින බව විතරක් දනිමි...හුස්මක් හුස්මක් ගානෙ ආදරය කරද්දීත් නොදැනෙන නොපෙනනෙන ලෙස හිදිමින් මේ හිතට දෙන සරදම් නම් මොන තරම් අපුරුද....
හීතලක වැටෙන වැහි බිදුවකටත් පුංචිම පුංචි කුහුඹුවෙකුටත් ආදරය කරන්න තරම් මේ හිත පුරුදු වුයේ කොහොමද...එහෙම ආදරය කරන්නට හිතක් දුන්නේ කිමද....පැලෙන්නට ආදරේ පුදද්දීත් රලු කලු ගලක් සේ හිතක් පපුවක් නැති අයෙකු සේ හිදින්නේ කෙලෙසද....අනේ මේ ආදරය පරිත්‍යාගයක්ම කර මසිතට ආවෙ ඇයි.....
Sunday, September 4, 2011
Saturday, August 13, 2011
සදා සැනසුම...අමා දහමයි....
ගිනි වැදී හිදින දා...
ඉසුව දිය බිඳක් වාගේ...
සිසිල දුන්නා බණ පදය මට....
පිච්චෙනා මිහි මඩල යට...
ඇවිලෙනා දුක් ගිනි මැදදි
සිහිල් සුළගක් වගේ ඇවිදින්
නිමා දැම්මා මගේ හිත
පංසලේ බෝ සෙවණ යට.....
නෙතට කදුළැල් උනපු දා...
හිතට සැනසුම අහිමි දා...
වතට හසරැලි නොමැති දා...
හදට අරමක සුවය දුන්නා..
තෙමා සැනසෙන්නට අමා දහරින්.....
Sunday, August 7, 2011
Thursday, July 28, 2011
නුඹේ ළගම ඉන්න හිතෙනවා...
විඳගන්නට ජීවිතයේ සොදුරු සහින මැවෙනවා
දැකගන්නට ඒ සිහිනේ ඔබ ඇවිඳින් හිදිනවා....
හිනැහෙන්නට සංසාරේ මගෙ හිත මග බලනවා...
පෙන්වන්නට බැරි තරමට සෙනෙහස දලුලනවා....
පිනි බිංදුව හාදු පුදන මල් කැකුලක් නැවුම් උදේ...
සිහින් සරින් දුරක යන්න කතා කරනවා
හීන් හුළග හමා ඇවිත් ඔබේ සුවඳ ගෙනත් හදේ
කෝඩු සිතුම් හෙමින් හිතට එඹෙනවා...
පිපෙන පිච්ච රෑ මැද්දට සඳ එලියේ සුවද මටම
විඳගන්නට කියනවා
සේපාලිකා මල් ඇතිරුව මුදු පලසේ නුඹගෙ ළගින්
නවතින්නට හිතෙනවා....
දැකගන්නට ඒ සිහිනේ ඔබ ඇවිඳින් හිදිනවා....
හිනැහෙන්නට සංසාරේ මගෙ හිත මග බලනවා...
පෙන්වන්නට බැරි තරමට සෙනෙහස දලුලනවා....
පිනි බිංදුව හාදු පුදන මල් කැකුලක් නැවුම් උදේ...
සිහින් සරින් දුරක යන්න කතා කරනවා
හීන් හුළග හමා ඇවිත් ඔබේ සුවඳ ගෙනත් හදේ
කෝඩු සිතුම් හෙමින් හිතට එඹෙනවා...
පිපෙන පිච්ච රෑ මැද්දට සඳ එලියේ සුවද මටම
විඳගන්නට කියනවා
සේපාලිකා මල් ඇතිරුව මුදු පලසේ නුඹගෙ ළගින්
නවතින්නට හිතෙනවා....
Saturday, July 16, 2011
Wednesday, June 15, 2011
Friday, May 20, 2011
මගෙ වසන්තය...මට ලංවෙලා...
මේ වසන්තය මගේ....
හද සන්තකය නුඹේ...
ජීවිතේ ගිරි දුර්ගයේ....
පිය නගමු හරි සීරුවේ....
සීතලට උණුසුම තනා....
හදවතට පණ ටික පොවා...
අත්වැලක් වී ළග නැවතිලා...
මගෙ වසන්තය මට ලංවෙලා...
මල් පිපෙන්නට කල් යල් බලා...
වසන්තය හිනැහෙයි මුව පුරා...
සිත් පිරෙන්නට සෙනෙහස දරා...
පිය නගමු කෙම්බිම කරා....
හද සන්තකය නුඹේ...
ජීවිතේ ගිරි දුර්ගයේ....
පිය නගමු හරි සීරුවේ....
සීතලට උණුසුම තනා....
හදවතට පණ ටික පොවා...
අත්වැලක් වී ළග නැවතිලා...
මගෙ වසන්තය මට ලංවෙලා...
මල් පිපෙන්නට කල් යල් බලා...
වසන්තය හිනැහෙයි මුව පුරා...
සිත් පිරෙන්නට සෙනෙහස දරා...
පිය නගමු කෙම්බිම කරා....
Thursday, May 19, 2011
ආදරණිය දිලුම් මල්ලියේ....
හිතට දැනුන දුක කියන්නට බැරි තරම්...කවමදාවත් නොදැක්කත් ඔබ සයිබර් අවකාශයේ සොදුරු දේ ගෙනා ඉලන්දාරියා විය...ආදරණිය මල්ලියේ සසරෙ කවමදාවත් නුඹට මෙවන් දෙයක් නොවේවා...බ්ලොග් අවකාශයෙන් හදුනා ගත් ඔබ මුහුනු පොතේ දයාබරම සහෝදරයෙක් විය...මට කියන්නට මොකුත්ම දැනෙන්නෙ නැහැ..දරන්න බැරි මේ වේදනාව නුඹ නැති අඩුව අපිට දැනේවි හැමදාමත්...මටත් බැහැ නුඹට නිවන් සුව නම් පතන්නට...ඒ තරම් නුඹ අප ළගින් ඉන්නවා වාගේ දැනෙනවා...
Friday, May 6, 2011
යන්න යන්නම නුඹ ගිහින්...
කප්පරක් පෙම පුද දිදිත්..
ළග ළගම මා වුන්නමුත්..
මෙච්චරක් දුක විදගෙනත්..
යන්න යන්නම නුඹ ගිහින්...
තුන්යමෙ ම මම ඇස් ඇරන්..
තුන් සිතින් පෙම් සිහින දකිමින්..
තැවෙන්නට දුක් හුගක් තියමින්...
යන්න යන්නම නුඹ ගිහින්...
මතක මං පෙතෙ තනිවෙමින්...
මගෙ සඳේ මම ලතැවුලෙන්..
සුවඳ වත් මට නොතියන්..
යන්න යන්නම නුඹ ගිහින්....
ළග ළගම මා වුන්නමුත්..
මෙච්චරක් දුක විදගෙනත්..
යන්න යන්නම නුඹ ගිහින්...
තුන්යමෙ ම මම ඇස් ඇරන්..
තුන් සිතින් පෙම් සිහින දකිමින්..
තැවෙන්නට දුක් හුගක් තියමින්...
යන්න යන්නම නුඹ ගිහින්...
මතක මං පෙතෙ තනිවෙමින්...
මගෙ සඳේ මම ලතැවුලෙන්..
සුවඳ වත් මට නොතියන්..
යන්න යන්නම නුඹ ගිහින්....
Monday, April 4, 2011
නුඹ එන්න ප්‍රියේ..
මල් පිපී ලොවේ...
නුඹ සුවද දැනේ...
මල් සුවද දිගේ...
නුඹ එන්න ප්‍රියේ..
සද රාහු ගිලී...
මම දුකින් හිදී...
සඳ සදිසි මුවේ..
දුක් කදුළු පිරේ...
සඳ නොමැති රැයේ....
තරුමලත් නැතේ...
සඳ එළිය වගේ...
නුඹ එන්න ප්‍රියේ...
නුඹ සුවද දැනේ...
මල් සුවද දිගේ...
නුඹ එන්න ප්‍රියේ..
සද රාහු ගිලී...
මම දුකින් හිදී...
සඳ සදිසි මුවේ..
දුක් කදුළු පිරේ...
සඳ නොමැති රැයේ....
තරුමලත් නැතේ...
සඳ එළිය වගේ...
නුඹ එන්න ප්‍රියේ...
මගෙ පුතේ.....
පුතේ නුඹ මගෙ සිහින අහසේ...
දකින රන් සුදු සිහිනයයිනේ...
උපන් කූඩුව අතැර රහසේ...
යනු එපා නුඹ මගේ පුතුනේ....
ප්‍රේමයේ අභිමන සපල වූයේ...
නුඹට පණ දී උපන් දිනයේ...
පිපුනු නුඹහට නුවණ දෙන්නේ....
රජ වෙන්න නුඹ මතු දිනයේ....
දුවන දා නුඹ හෙට වංක ගිරියේ....
රන් පලස් අතුරා නෑ තමයි...
මගෙ පණ දී නුඹ රකින්නේ...
උතුම් මිනිසෙක් ලොවට දෙන්නයි...
අම්මේ....
සත් පියුම් මත ඇවිදින්න
ඉඩ නොලද්දත් අම්මෙ...
සත් සියක් කප් කල්ම...
නුඹෙ සෙනෙහෙ සුවදයිනෙ...
පලස් අතුරා නොමැති මාවෙත...
කටු කොහොල් විද ගිය ගමනෙ...
සෙවනැල්ල සේ නිති ළග රැදුනෙ...
නුඹ නොවෙද මගෙ අම්මේ...
සංසාර පිකෙතට ඉසින්නට...
පිංසාර සිතුවිල්ල හද රැදුනෙ...
දුක්දූර දිවිගමනෙ වැලපිල්ල...
සරුසාර අස්වැන්න නුඹ දුන්නෙ...
දරුපෙමට හිත පෙම්වත්ම හින්දා...
ගත රුහිරු ලේ කිරට වුන හන්දා...
ඇතිදැඩි කල පිනට මම වුන්නා..
ඒ පින් මතින් නුඹ බුදුවෙයි අම්මා...
Saturday, March 26, 2011
ඇය හිදියි නොවැ යසට...
මල් රුවට නෙත මුවාවී...
කිදුරු රුව නොදුටුවද...
මඩ යටක විමානය වී...
ඇය හිදියි නොවැ යසට...
කිදුරු රුව නොදුටුවද...
මඩ යටක විමානය වී...
ඇය හිදියි නොවැ යසට...
මඩ ගොහොරු ගඳ විලෙත්
පිපෙයි නම් අරවින්දයක්...
මඩ යටක විමානෙක වුවත්...
හිදියි සොදුරැති කිදුරියක්....
රකුසු ඇස් ඇති විල් දියක් මත....
කොහොම ඉන්නද ප්‍රේමයෙන්...
හිරුත් නොඑනා බිම් කඩක් මත...
බැරිද ඉන්නට ප්‍රේමයෙන්...
Wednesday, March 9, 2011
මගෙ ළගක හිදින්....
නිල් අහස වසන්...
නුඹ වුන්නා ලගින්....
මද පවන අරන්...
නුඹ ගියා ඉතින්...
ගහකොලද කියන්...
මගෙ පෙමක තරම්...
මල් මතක තියන්...
නුඹ ඇයිද දුරින්....
හිරි වැටුනු හිතින්...
ඇස් දෙකට එඛෙන්...
මහ මෙරක පෙමින්...
මගෙ ළගක හිදින්....
Tuesday, March 8, 2011
නුඹ නමට මම ලියවුනා..
හිරු එළිය ළග පරවෙලා...
කුමුදු මල් පෙති විසිරිලා...
සඳ අහසෙ රෑ පායලා......
මගෙ සිතට හිනැහුනා...
දුර ගියපු නුඹ ගැන සොයා...
ළග තිබුණු හිත නැතිවුනා...
තරු ඇසට කදුලක් රදවලා...
හැම රැයම නුඹ සිහිකලා...
ලියන කවියත් නුඹ වුනා..
නොලියු කවියත් නුඹ වුනා..
අහිමි කවියත් නුඹ වුනා...
නුඹ නමට මම ලියවුනා...
වැසුනු ඇස ළග නැවතිලා...
හඩන සිතටම නුඹ නියවලා...
මා මගෙන් තව උදුරලා...
පෙමට පෙමවත් නැතිකලා...
නුඹ විතරමයි අඩු ප්‍රියේ....
රෑ පුරා මම නුඹ සොයා...
කුමුදු මල් ළග දුක ලියා...
වැටුනු සදරැස් දෙස බලා...
ඉදියා මගටම ඇස් යොමා...
ඉකි ගසා මං හඩනා දිනේ...
කැ ගසා නුඹ සොයනෙම් ප්‍රියේ...
හිත හදාගනු බෑ අනේ...
නුඹ විතරමයි අඩු ප්‍රියේ....
පාළු හිත ළග කළුවර තියා...
රෑක අහසට දුක ලියවලා...
පාඩුවෙම නුඹ බැස ගියා...
හිතක පැතුමන් වනසලා....
කුමුදු මල් ළග දුක ලියා...
වැටුනු සදරැස් දෙස බලා...
ඉදියා මගටම ඇස් යොමා...
ඉකි ගසා මං හඩනා දිනේ...
කැ ගසා නුඹ සොයනෙම් ප්‍රියේ...
හිත හදාගනු බෑ අනේ...
නුඹ විතරමයි අඩු ප්‍රියේ....
පාළු හිත ළග කළුවර තියා...
රෑක අහසට දුක ලියවලා...
පාඩුවෙම නුඹ බැස ගියා...
හිතක පැතුමන් වනසලා....
නුඹ ඇවිත් බලන්...
මල් පිපුන තරම්...
මුළු ලොවට කියන්..
මගෙ ආලෙ තරම්...පෙම් සිතින් බලන්...
නුඹ ගියපු දුරක්...
මම වුන්නා බලන්..
පෙර පුරුදු ලෙසින්...
නුඹ ඇවිත් බලන්...
හද ගැහෙන තරම්...
නුඹ සුසුම තියන්...
මගෙ තොලට උඩින්...
දැන් ඇවිත් බලන්...
නුඹ හිදින් ලගින්...
තරු අහස යටින්...
ඝන කළුව ඉරන්...
සුදු සඳක වදන්...
පෙම් හිතක ලියන්...
නිල් නයන බැලුම්...
මුදු සුවද විදන්...
හද ගැඹර තුලින්...
විද ගන්න ඉතින්...
මගෙ හිතම තියන්...
නුඹට ලියන්...
පෙම් අහස යටින්...
නුඹ හිදින් ලගින්...
මම උන්නා දුකින්...
ලේ ගලන් හිතින්...
උණු කදුළු උරන්...
ඇස් දෙකම පියන්...
මම උන්නා ලගින්...
රළු පරළු වදන්...
මගෙ මුවට කියන්...
ඇස් දෙසම බලන්...
නුඹ උන්නා තදින්...
මට සිලිටු කමින්...
පෙම් සුවය මවන්...
ළග ළගක වෙලින්...
මම උන්නා දුකින්...
නිමල පෙමද මට පවසන්...
නුවර වැවට හාදු තියන...
හීන් හුලගෙ ගතු කියනා...
හන්තානම පීරාගෙන..
හමන පවන පෙමද කියන්...
කලා වැවට වහංවෙලා..
රැලිති දියඹ කලත්තවා..
හිත ඇතුලෙන් වාන් දමා..
ගලන දියත් පෙමද කියන්...
තිස්ස වැවෙන් මල් නෙලලා...
බුදු සමිදුට දුක කියලා...
හඩන සිතෙන් නුඹ යදිනා..
නිමල පෙමද මට පවසන්...
නුඹ දන්නව නම්..
මගෙ සිහින අරන්...
තරු ඇසක් ලගින්...
මං වින්ද දුකක්...
නුඹ දන්නව නම්...
පුර හදත් අරන්...
නිල් අහස ඉරන්...
තරු පොකුර මතින්...
පෙම පුදන තරම්...
මං සිහින මවන්...
නෙතු මගට යොමන්...
දුක් වින්ද තරම්...
නුඹ දන්නව නම්..
තරු ඇසක් ලගින්...
මං වින්ද දුකක්...
නුඹ දන්නව නම්...
පුර හදත් අරන්...
නිල් අහස ඉරන්...
තරු පොකුර මතින්...
පෙම පුදන තරම්...
මං සිහින මවන්...
නෙතු මගට යොමන්...
දුක් වින්ද තරම්...
නුඹ දන්නව නම්..
නුඹ දුරට ඇදෙනවා...
සඳ නගියි බසියි...
දුක සැපද ගලයි...
නුඹ එනවා යනවා...
මම බලා ඉන්නවා...
ආදරය ගලනවා...
හිත මගක තියනවා...
ඇස කදුල පුරනවා...
නුඹ දුරට ඇදෙනවා...
මට නුඹව දැනෙනවා...
නුඹ අහක බලනවා....
මුළු ලොවම බලනවා...
මම ඔහේ ඉන්නවා...
දුක සැපද ගලයි...
නුඹ එනවා යනවා...
මම බලා ඉන්නවා...
ආදරය ගලනවා...
හිත මගක තියනවා...
ඇස කදුල පුරනවා...
නුඹ දුරට ඇදෙනවා...
මට නුඹව දැනෙනවා...
නුඹ අහක බලනවා....
මුළු ලොවම බලනවා...
මම ඔහේ ඉන්නවා...
Sunday, February 27, 2011
නුඹ නම් නෑ කිසිදා දන්නේ...
කුසුමක් විකසිත වන්නට මල් පොට්ටුව
දුක් වින්ද තරම්....
බඹර කුලේ උන් නෑ කවදාවත් දන්නේ....
වැස්සක් දෙන්නට අහසක් දරාන
දුක් වින්ද තරම්...
පොළවට නම් නෑ කිසිදා වැටහෙන්නේ....
ගගුලක් හදනට උල්පත වී දිය බිදු
දුක් වින්ද තරම්
සිදු නම් නෑ කවදාවත් දන්නේ.....
පුරපස වන්නට සඳ හඩමින්
දුක් වින්ද තරම්....
කළුවර රෑ නම් නෑ දන්නේ...
කප්පර සෙනෙහස පොඳි බදිමින්
දුක් වින්ද තරම්
නුඹ නම් නෑ දන්නේ....
නුඹගෙ නමට මම පේ වෙන්නට
දුක් වින්ද තරම්.....
නුඹ නම් නෑ කිසිදා දන්නේ...
දුක් වින්ද තරම්....
බඹර කුලේ උන් නෑ කවදාවත් දන්නේ....
වැස්සක් දෙන්නට අහසක් දරාන
දුක් වින්ද තරම්...
පොළවට නම් නෑ කිසිදා වැටහෙන්නේ....
ගගුලක් හදනට උල්පත වී දිය බිදු
දුක් වින්ද තරම්
සිදු නම් නෑ කවදාවත් දන්නේ.....
පුරපස වන්නට සඳ හඩමින්
දුක් වින්ද තරම්....
කළුවර රෑ නම් නෑ දන්නේ...
කප්පර සෙනෙහස පොඳි බදිමින්
දුක් වින්ද තරම්
නුඹ නම් නෑ දන්නේ....
නුඹගෙ නමට මම පේ වෙන්නට
දුක් වින්ද තරම්.....
නුඹ නම් නෑ කිසිදා දන්නේ...
Tuesday, February 22, 2011
අපි ඉතිං වෙන්ව යමු....
රැයට පෙම් බදින
සඳ කුමරි මං වෙලා...
ඇස් අගට ළංවුන
උණු කදුළ නුඹ වුනා...
පෙම් සිහින දකින්නට...
නෙතු නොමැත නිදි තවම..
මල් සුවද විදින්නට
සමනල්ලූ දුර ඈත...
අත් බැඳන් දුර යන්න..
බැරි හින්දා වෙන් වෙන්න...
සෙවනැල්ල මම වෙන්නෙ...
නුඹ ලගින් ගැවසෙන්න...
Saturday, February 19, 2011
අප්පච්චී...
රාජ තේජසින් සමනල කන්දෙන් මතුවෙන හිරු රජු අප්පච්චී...
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...
ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...
ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..
Monday, February 14, 2011
ආදරේ අරන් නුඹ වඩින්න..
ආදරේ අරන් නුඹ වඩින්න...
සෞම්‍ය සද කිරණ දිගේ....
ජීවිතේ විදින්න ලගින් ඉන්න....
ප්‍රාණෙ සේ මගේ....
සුවඳයි...සිසිලයි විදිනා ප්‍රේමේ...
හීන දිගේ පාවෙලා යන්න
තාරුකා ඇස් වසා...
පාට නේක පුරවලා ගෙනෙන්න
නීල ආදරේ අපේ...
සුවඳයි...සිසිලයි...නුඹ ළග ප්‍රේමේ....
රෝස යායෙ සුවඳ අරන් එන්න
එති එතී විඳින්න...
නුඹේ සුවද මටම දෙන්න...
ජීවිතේ අපේ නෙලන්න...
සුවඳයි..සිසිලයි...දැනෙනා ප්‍රේමේ....
Wednesday, February 9, 2011
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
වහින වැස්සක් යටට වී මා...
හීන ඇහිදින පෙම්වතී...
හමන සුළගක් අතර සගවා...
පෙම එවාපන් කුමරෝ....
නුඹ නැතිව මම දුකින් හිඳිමී.....
ගොරවනා කළු අහස යට මා...
බයෙන් වෙව්ලා යතී....
නුඹ ලගක උන් උණුසුම සොයා...
මගෙ හිත අතරමංවී....
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
අමාවක රෑ තරුත් තනියම හුදකලා...
මා සේම වැලපෙතී....
කලා සොලොසක් අරන් වඩිනා තුරා...
මම මගක දෑසම තබා ඉමී....
කුමරෝ...ආදරෙ ගෙන එනු මැනේ....
හීන ඇහිදින පෙම්වතී...
හමන සුළගක් අතර සගවා...
පෙම එවාපන් කුමරෝ....
නුඹ නැතිව මම දුකින් හිඳිමී.....
ගොරවනා කළු අහස යට මා...
බයෙන් වෙව්ලා යතී....
නුඹ ලගක උන් උණුසුම සොයා...
මගෙ හිත අතරමංවී....
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
අමාවක රෑ තරුත් තනියම හුදකලා...
මා සේම වැලපෙතී....
කලා සොලොසක් අරන් වඩිනා තුරා...
මම මගක දෑසම තබා ඉමී....
කුමරෝ...ආදරෙ ගෙන එනු මැනේ....
Monday, February 7, 2011
....මගෙම නුඹත් දුරක ගියා....
රාහු ඇවිත් රැයට හොරා
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...
අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...
සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...
අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...
සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....
Sunday, February 6, 2011
නුඹට
නුඹ නමට බලන්...
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...
ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....
මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම......
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...
ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....
මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම......
Friday, February 4, 2011
Sunday, January 30, 2011
සිහිනය
තරු කැකුළක් වෙන්න හිතයි ...
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...
දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...
නින්ද වෙලා එන්න හිතයි
නුඹේ ඇසක් යට හිදින්න
සිහින අරන් එන්න හිතයි
නුඹෙ සිහිනය මට දකින්න..
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...
දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...
නින්ද වෙලා එන්න හිතයි
නුඹේ ඇසක් යට හිදින්න
සිහින අරන් එන්න හිතයි
නුඹෙ සිහිනය මට දකින්න..
මගේ සිතුවිලි වල අදත් නුඹ සිහින ගොඩ නගන හැටි හරි අපූරුයි...සුදු අයියේ....ඒත් අපිට අපි අයිති නෑ නේද...
Saturday, January 29, 2011
අත්තටු රිදුනා පමණයි..Part 04
නදුනීත් මමත් හැන්දෑවේ හන්දිය පැත්තට ගියේය. ඒ නදුනිගේ පෙම්වතාට දුරකථන පණිවිඩයක් ගැනීමටය. එහෙත් මගේ හිතේ හිටියේ දැහැන් දැක ගැනීමය. අපි එතුළට යන විට වෙනදා වාගේම දැහැන් ළගින් සිතුමිණී නංගීද හිදියේය. මා දෙස ඇස් කොනිනවත් නොබැලු දැහැන් නදුනීට දුරකථන කුටිය පෙන්වා නැවතත් ඇය අසල හිද ගත්තේය.
හිතන්න.. මා එතරම් අසරණ වූ මොහොතක් මගේ ජීවිතයේ තවත් නොතිබුණී. ඊයේ දුරකථනයෙන් කතා කළ දැහැනුත් මෙහි දැන් හිදින දැහැනුත් දෙදෙනෙකු බව මට සහතිකය. ඒත් මට තේරුම් ගන්නට බැරි කෙසේ මේ ලෙස චරිත දෙකක් රගපාන්නේද කියාය. මගේ යටි පතුල් සීතල වීගෙන එන බව මට දැනුණි. හිතෙන් දෙවියන් බුදුන් සිහිකර මා මගේ හිතට ශක්තිය ඉල්ලුවේය.
—මොනාද සිතු කරන්නෙ...ඉන්නකො ළගින්...මට ඇසෙන්නට දැහැන් ඇයට හයියෙන් කියයි.
—ඉතිං දැහැන් මං මේ ඔයා ළගනෙ ඉන්නෙ..
—තව ටිකක් ළගට එන්න සිතු
මෙය අසා සිටින්නට බැරි වන සේ මගේ කන්වලට අගුල් දමා තිඛෙන්නෙ නම් කෙතරම් හොදද දැයි මට සිතිණි. මා පණ පිටින් මැරනෙ බව මට දැනුනි. එහෙත් එක පාරටම මගේ සිතුවිලි වැල නැවතුයේ නදුනි මා අතින් අල්ලා ගත් හින්දාය. මට පියවි සිහිය ලැබුණි. හිතින් දෙවියන්ට ස්තුති කරමින් මා මගේ හිතට කිවේ දැහැන් මගේ නොවන බවය. මට මෙලොවදීම පල දෙන පාපායක් කරන්නට බැරි බව මම දනිමි. ටික මොහොතකට හෝ මා මගේ හිතේ වහලෙක් වූ එක ගැන දැන් මට දුක සිතේ.
—සෙව්මි ආදරය දෙනවා මිස කිසිදා කිසිවක්ම පෙරලා ඉල්ලන්නේ නැත. හැමදාමත් මගේ ආදරය නිදිහසේ තිබුනාවෙ යැයි මම මගේ හිතට කීවේය.
—යන්නම් දැහැන්...යන්නම් නංගී කියා කියන්නට තරම් ශක්තියක් මා තුළ ගොඩ නැගුණි. දැහැන්ටද තේරුම් ගන්නට අපහසු වන්නට ඇති මගේ ඒ වෙනස. නමුත් සැබෑ සෙව්මි ඇය බව කියන්නට මට දැහැන්ට අමතක විය. ඇත්තම ඇත්ත සෙව්මී අනුනගේ වත්තක මලක් කඩා තමන්ගේ දෝතින් බුදුන්ට පුජා කරන්නටවත් බැරි අහිංසකියක් බව තවම දැහැන් නොදන්නවා ඇත. කවමදාටවත් සෙව්මීට අනුන් රිදවන්නට බැරිය. හැමදේම දෙනවා මිස ආපසු කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. මගේ මේ දේවලට නදුනී අනන්තවත් බැන්නේය. ඇය කීවේ...
—උඹ ඉතිං දාන පාරමිතාව පුරපන්..
—ඒ මොකක්ද නදුනි ඒ...
—තව ඒ මොකක්ද කියලා අහන ලස්සන...ඔය තරම් අහිංසක වෙන්න එපා බං...දැන් දැක්කා නේද දැහැන්...කොල්ලො ඔහොමම තමයි...
හිතන්න.. මා එතරම් අසරණ වූ මොහොතක් මගේ ජීවිතයේ තවත් නොතිබුණී. ඊයේ දුරකථනයෙන් කතා කළ දැහැනුත් මෙහි දැන් හිදින දැහැනුත් දෙදෙනෙකු බව මට සහතිකය. ඒත් මට තේරුම් ගන්නට බැරි කෙසේ මේ ලෙස චරිත දෙකක් රගපාන්නේද කියාය. මගේ යටි පතුල් සීතල වීගෙන එන බව මට දැනුණි. හිතෙන් දෙවියන් බුදුන් සිහිකර මා මගේ හිතට ශක්තිය ඉල්ලුවේය.
—මොනාද සිතු කරන්නෙ...ඉන්නකො ළගින්...මට ඇසෙන්නට දැහැන් ඇයට හයියෙන් කියයි.
—ඉතිං දැහැන් මං මේ ඔයා ළගනෙ ඉන්නෙ..
—තව ටිකක් ළගට එන්න සිතු
මෙය අසා සිටින්නට බැරි වන සේ මගේ කන්වලට අගුල් දමා තිඛෙන්නෙ නම් කෙතරම් හොදද දැයි මට සිතිණි. මා පණ පිටින් මැරනෙ බව මට දැනුනි. එහෙත් එක පාරටම මගේ සිතුවිලි වැල නැවතුයේ නදුනි මා අතින් අල්ලා ගත් හින්දාය. මට පියවි සිහිය ලැබුණි. හිතින් දෙවියන්ට ස්තුති කරමින් මා මගේ හිතට කිවේ දැහැන් මගේ නොවන බවය. මට මෙලොවදීම පල දෙන පාපායක් කරන්නට බැරි බව මම දනිමි. ටික මොහොතකට හෝ මා මගේ හිතේ වහලෙක් වූ එක ගැන දැන් මට දුක සිතේ.
—සෙව්මි ආදරය දෙනවා මිස කිසිදා කිසිවක්ම පෙරලා ඉල්ලන්නේ නැත. හැමදාමත් මගේ ආදරය නිදිහසේ තිබුනාවෙ යැයි මම මගේ හිතට කීවේය.
—යන්නම් දැහැන්...යන්නම් නංගී කියා කියන්නට තරම් ශක්තියක් මා තුළ ගොඩ නැගුණි. දැහැන්ටද තේරුම් ගන්නට අපහසු වන්නට ඇති මගේ ඒ වෙනස. නමුත් සැබෑ සෙව්මි ඇය බව කියන්නට මට දැහැන්ට අමතක විය. ඇත්තම ඇත්ත සෙව්මී අනුනගේ වත්තක මලක් කඩා තමන්ගේ දෝතින් බුදුන්ට පුජා කරන්නටවත් බැරි අහිංසකියක් බව තවම දැහැන් නොදන්නවා ඇත. කවමදාටවත් සෙව්මීට අනුන් රිදවන්නට බැරිය. හැමදේම දෙනවා මිස ආපසු කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. මගේ මේ දේවලට නදුනී අනන්තවත් බැන්නේය. ඇය කීවේ...
—උඹ ඉතිං දාන පාරමිතාව පුරපන්..
—ඒ මොකක්ද නදුනි ඒ...
—තව ඒ මොකක්ද කියලා අහන ලස්සන...ඔය තරම් අහිංසක වෙන්න එපා බං...දැන් දැක්කා නේද දැහැන්...කොල්ලො ඔහොමම තමයි...
—නදුනී දැහැන්ට දොස් කියන්න එපා...හැමදාම මම දැහැන්ගෙ..එයා මගේ නෙමේ වගේම මටත් එයාව එපා තේරුණාද...
—මං දන්නෑ උඹේ ඔය හතර බීරි කතා...
—තේරුම් ගන්න උත්සහා ගන්නත් එපා...
—ඔව්..ඒත් මට බෑ සෙව්මි උඹ හූල්ලලා මැරෙනවා බලන් ඉන්න.. මොකද මං උඹේ පුංචි වෙනසත් හොදට අදුරනවා.
—හරි නදුනි මං නැහැයි කිවුවෙ නැහැනෙ
—එහෙනම් තේරුම් ගන්න උත්සහා ගනින්...
—ඒත් මං කැමති නෑ කවුරුවත් දැහැන්ට මොකුත් කියනවට...මොනවා උනත් මම දැහැන්ගෙ හැමදාමත්....
—කෙහෙල්මල...ඔන්න ඕකව අමතක කරලා දාපන්..උඹට නිවී සැනසිල්ලෙ ඉන්න බෑ සෙව්මි නැත්නම්...
—ඒක කවදාවත් වෙන්නෑ නදුනි...දැහැන්ව අමතක කරනවා කියන්නෙ මං මාවම අමතක කරන එක...ඉතිං මට මාව අමතක කරන්න බැහැනෙ නදුනි...
—හැමදාමත් සෙව්මි ඇයි දුක එකතු කරන්නෙ...
—කමක් නෑ නදුනි...ඒක දුකක් වුනත් මගෙ සැනසීම තියෙන්නෙ එතන තේරුණාද....
—වැඩකට ඇති දෙයක් හිතපන්....එසේ කියා නදුනි නිහඩ විය.
සෙව්මී...සෙව්මී...නිගිටපන් කියා අම්මා මා නැගිට වන්නට උත්සහා කලාය. ඒත් මුළු ඇගම පන නැතිවී ඇති බවක් මට දැනේ. එමෙන්ම කිලෝ ගානක බරක් මගේ හිසට දැනින. යන්තම් දෑස අරින්නට තැත් කළද එය ව්‍යර්තවී කදුළු බිදක් මා නෙතගින් ගලා වැටුණි.
—මොකද දුවේ...ඇයි මේ... එසේ කියා අම්මා මගේ නළලට අත තිබ්බේය. ඒ අතේ තිබුණ සීතලද නැත්නම් මගේ ඇගේ තිබුණ ගිනි රස්නය හින්දාමද නොදනිමි මට අපූරු සුවයක් දැනුනි.
—අම්මෝ කෙල්ලට සහලෝලා උණ නේද...කතාකරපන් දුවේ...අම්මා මා ඔසවන්නට තැත් දැරුවේය. එහෙත් මුළු ඇගම වාරු නැතිව මා සයනය මතට වැටුනි. —අනේ කෙල්ලට මොකද වුනේ....කියා අම්මා හීනෙන් වාගේ කියනවා මට ඇසුනි. එතැන් පටන් මා සිදුවූ කිසිවක් දන්නේ නැත.
මට පියවි සිහිය ලැඛෙන විට මා සිටියේ රෝහල් ඇදක් මතය. මගේ ඇද වටා තනි නොතනියට හිටියේ අම්මා පමණක්ම විය. යන්තම් —මොකද අම්මෙ වුනේ කියා මා අසන විට ඒ විඩාබර දෑස තුළ කදුළක් නළියන්නට විය.
—අනේ පුතේ මං හිතුවෙ උඹව මට ආයිත් කවමදාවත් නැති වෙයි කියලා...ඒ තරම් මම බය වුනා පුතේ...ආදරේ වැඩිවූ විට අම්මා පුතේ කියා මා අමතයි. උඹ දවස් 3 කින් පුතේ ඇස් ඇරියෙ. මේ ඇද ගාවට වෙලා මං දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙ උඹව සනීප කරලා දෙන්න කියලා.
අම්මා ගැන ඇති ආදරය තව තවත් දැඩිව මට දැනුනි. වෛද්‍යවරු පවසා ඇත්තේ දරාගැනිමට නොහැකි මානසික කැළඹිල්ලක් හේතුවෙන් මගේ පියවි සිහිය අතුරු දන් වී ගොස් ඇති බවය. එහෙත් අම්මාට කියන්නට බැරිය. මට දරා ගන්නට බැරි වූ දෙය නම් දැහැන්ට මටත් වඩා මා ආදරය කළ හින්දා කියා. මම සියල්ල දරා ගතිමි. අනේ දැහැන්...මං මේ රෝහලේ ඇදක් උඩ දුක් විදිනවා. දැහැන් ඔයාට පේනනෙ නැද්ද....මාව දැනෙනවා මාව තේරෙනවා කිවුව ඔයාට මං මේ විදින දුක පේන්නෙ නැද්ද දැහැන්...මොනවා වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ අම්මගෙ ආදරේ විතරයි. මම හොදින් හුස්මක් ගත්තේය.
—රුවල් බිදුනු නෞකාවේ...
හබල ඔබයි...
පිළිසරණ ඔබයි...
නුඹයි මගෙ අම්මා...
ඇත්තටම මාත් රුවල් බිදුනු නෞකාවක් වගේ නේද කියලා මට දැනෙනවා. කොහොම වුනත් දැහැන් මම මේ දැනුත් කියන්නේ මට ඔබව අයිති කර ගන්නට අවැසි වූයේ නැත. එහෙත් ඔබ මේ තරම් හිතට වංචාවක් කලේ කෙසේද...මට තේරුම් ගන්නට බැරි එයමය.
ඉතිං මම දැහැන් ගැන සිතුවෙමි. ඒ මගේ හිත හොදටම රිදී තිබුණ හන්දාය. ඇත්තටම දැහැන් ඔයා සිතුමිණිටද මටද වැඩියෙන් ආදරේ...මං නම් හිතන්නෙ සිතුමිණීට කියලා. ඒත් මට අහන්න බැරි වුනානෙ මේ විදිහට මටත් ආදරේ කරන්නෙ ඇයි කියලා. මම නම් සසර මගේ හැමදාමත් ඔයාට ආදරේ කලා දැහැන්. ඔයාගෙම වෙලා ළගින් ඉන්න වරම් නැති වුනත් මං තනියම ඔයාට ආදරේ කළා. කොහොම වුනත් කමක් නෑ දැහැන් මගේ හිතට එන දේවල් මං ඔයාට ලියන්නම්. ඒක ඔයාට හෙට දවසටවත් ප්‍රායෝජනවත් වෙයි. අම්මාත් නදුනීත් ගිය පසු මම දැහැන්ට ලියුමක් ලියන්නට පටන් ගත්තේය.
ආදරණීය දැහැන්
කොහොමද...ඔයා හොදින් කියලා මං හිතනවා. ඔයාට මෙහෙම ලියන්න ගත්තෙ හුගාක් දුක හිතුන හින්දා...ඒ විතරක් නෙමෙයි.. ඔයාට මේවා කවදහරි අවශ්‍ය වෙයි කියලා මට හිතෙනවා. ඇයි දන්නවද...දැහැන් ඇත්තටම ආදරය කරද්දි පුංචි දේටත් හිත රිදෙනවා. කොහොම උනත් මං කියන්න යන්න ඒ දේ නෙමෙයි.
අද මම රෝහලේ ඇදක් උඩට වෙලා අසරණව මේ ජීවිතේ අහිද ඇහිද එකතු කරන්න දගලනවා. ඒ දේවල් සිද්ද වුනේ මම හදවතින්ම ආදරය කරන්න ගිය හින්දා කියලා මං දන්නවා. ඒත් මං ඔයාට ආදරේ කලේ ඔයාව අයිති කර ගන්න නෙමෙයි දැහැන්. නමුත් ඇයි දැහැන් ඔයා ඔයාගෙ හිතට වංචාවක් කලේ. තමන්ගෙ හිත තමන්ම රවට්ට ගන්න එපා දැහැන්. ඔයාට කියන්න දෙයක් තිබුණ නම් මාත් එක්ක කියන්න තිබුණා. මම කවදාවත් වැරදි විදිහට හිතන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයා දන්නවා මං හැමදාම ඔයාට කියනවා දුක මට දීලා ඔයා සතුට ගන්න කියලා. ඉතිං ඇයි දැහැන් ඔයා මට කිවුවෙ නැත්තෙ ඔයාගෙ සතුට ඔයාට ඕන කියලා. මං දන්නවා ඔයා සිතුමිණිටයි මටයි දෙන්නටම ආදරෙයි කියලා. ඒත් ඔය විදිහට නාස්ති වෙන්න ගියිහම ඔයාගෙ අරමුණ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නෙ නැහැ නේද..දැහැන්. යාළුවො ඕන තමයි ඒත් රෙස්ටුරන්ට් ගානෙ ගිහින් සිහිය විකල් වෙනකම් බොන යාළුවො මොකටද දැහැන්...ඇයි ඔයා දැන දැනම විනශ වෙන්න හදන්නෙ...
දැන් මට දැනෙන මානසික වේදනාව මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒත් දැන් මං හිත හදා ගන්නවා. ඒ කියන්නෙ ඔයාට ආදරේ කරන් නැතුව ඉන්නවා කියලා නෙමෙයි... මං ඔයාට ආදරය කරන්නම්. ඒත් ඔයා මට ආදරේ කරන්න එපා. නදුනි හැමතිස්සෙම අහනවා කෝ දැහැන් ආවද කියලා. මට දෙන්න උත්තරයක් නෑ දැහැන්. මට කියන්න තියෙන්නෙ එකම එක උත්තරයයි. ඒ ඔයා වැඩ කියලා. බිසී කියලා තමයි. ඒත් දැහැන් දවසට පැය 24 ක් තියෙන එකේ ඔයින් එක විනාඩි 10 කට මාව ඇවිත් බලන්න බැරිද... මං ඔයාට ිපි කීයක් එවුවද...අඩු ගානෙ එකම එක ිපි එකක්වත්. දැක්කත් නොදැක්ක වගේ ඉන්න එපා දැහැන්. මට නෙමෙයි.. අනාගතයෙදි ඔයාගෙ සිතුමිණිට හරි වෙනින් ගෑණු ළමයෙක්ට හරි ආයිම එහෙම කරන්න එපා. කෝල් කලාම මම වැඩ කියලා පෝන් එක තියන්න එපා. තමන් ආදරේ කරන කෙනෙක්ට තව කෙනෙක් කතා කරන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද... එහෙම කතා කලහම මං බිසී කිවුවම කොයි තරම් හිත රිදෙනවද දැහැන්. මට එහෙම කලාට කමක් නෑ..එත් තමන්ට ආදරේ කරන වෙන අයට එහෙම කරන්න එපා. ඒ වගේම මොන තරම් අවංක වුනත් ගෑණු ළමයෙක්ගෙ හිතත් එක්ක විහිළු කරන්න එපා. ගෑණු ළමයෙක්ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා. ගෑණු හැමදාමත් බොළදයි තමයි ආදරේ ළගදි. ඒත් ඒ බොළද කමත් එක්ක තියෙන ආදරේ ගෑණියෙක්ගෙ මුළු ජීවිතේම වෙනවා. මොන තරම් මහන්සියෙන් වැඩ කලත් එක පුංචි මොහොතක හෝ අහන්න —ඔයාට කොහොමද...ඔයා හොදින්ද..කෑවද..බිවුවද කියලා. ඒ නැතුව ආදරෙයි ආදරෙයි කිය කිය කොච්චර ලිවුවත් කිවුවත් ඒක වචනයක් විතරක් වෙනවා. ආදරය දැනෙන්න ඕන දැහැන්. එතනයි තමන් ආදරය කරනවා කියලා දැනෙන්නෙ.. සාගරයක් තරමට ආදරය හිතේ තියාගෙන ආත්මාර්ථකාමියෙක් වගේ ජීවත් වෙන්න එපා දැහැන්.. හැම වෙලාවෙම මමත්වයෙන්ම හිතන්න එපා. ඔයාට වගේම අනිත් අයටත් රිදෙනවා දැනෙනවා.. හැම තිස්සෙම යාළුවො එක්කයි අරයා මෙයා එක්කයි කතා කර කර ඉන්න වෙලාව තියෙද්දි තමන් වෙනුවෙන් බලා ඉන්න කෙනෙක්ට මොහොතක් දුන්නට පාඩුවක් වෙන්නෙ නැහැනෙ දැහැන්. නොදුන්නොත් තමයි පවක් වෙන්නෙ.
ගෑණියෙක්ව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනි නැහැ දැහැන්. අඩුම ගානෙ එකම එක වචනෙකිනුත් ගෑණියෙක් මහා හුගාක් සතුටු වෙනවා. ඒ තරමට ගෑණියෙක්ගෙ ආදරය බොළදයි. සරලයි. බොහොම පුංචි පුංචි දේවලින් තමයි ගෑණියෙක් සතුට ලබන්නෙ. ඉතිං ඒ බොළද දේ ගාව අපූරු සුන්දරත්වයකුත් තියෙනවා නේද දැහැන්. නිකන් ඉන්න වෙලාවට නිවී සැනසිල්ලෙ හිතලා බලන්න.
ආදරය කියන්නෙ දෙන දෙයක් දැහැන්. ඒක පරිත්‍යාගයක්. කැප කිරීමක්. එතනදි පෙරලා කිසි දෙයක් බලාපොරේත්තු වෙන්න බෑ තමයි. නමුත් අපි දෙන ඒ ආදරය හින්දා තව කෙනෙක් ලබන සැනසිම වචනවලින් කියන්න බැහැ නේද දැහැන්...ඒ වගේම කොයිතරම් කාලයක් අපි මේ ලොකේ ජිවත් වුනත් අපිට ඉතුරු වෙන්නෙ අපි කරන හොද නරක විතරයි. ඒ නැත්නම් මනුස්ස කම විතරයි දැහැන්. මං මේ කියපු දේ වලට හිත රිදුන නම් සමාවෙන්න. ඒත් මං හිතනවා මට නැතත් අනාගතයෙදි ඔයා අදරය කරන සිතුමිණි නංගිට හරි වෙනින් ගෑණු ළමයෙක් වෙනුවෙන් හරි ඔයාට මේවා ප්‍රායෝජනවත්වෙයි. ඒකයි මං ලීවෙ. ඉතිං දැහැන් පරිස්සමෙන් හොදින් ඉන්න. මහ හුගක් ආදරෙයි.
සෙව්මි.
See U...Part 05
See U...Part 05
Saturday, January 22, 2011
ආවෙ කිම නුඹ...
නවම් සඳ ඇවිදින් අහසට...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...
තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...
පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...
තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...
පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...
Sunday, January 16, 2011
නුඹ තාම නැතේ යෞවනේ....
මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....
හීන මල් පිපී....
පාන ලෙංගතු...
කාට කෝම කියා දෙන්නෙ...
මගේ ආදරේ හැටී....
පාව යන්න වළාකුලේ....
මාගේ සෙනේ එක්ක ඔහේ....
ආවා දුරක නිරන්තරේ....
තාම නුඹ නැතී....
කිටි කිටියට හීතලේ...
හෙමි හෙමිහිට අප ලංවුනේ....
යන තැනකට ගලා යන්න...
සෙනේ ගගුල සිදී නැතී....
මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....
නුඹ තාම නැතේ යෞවනේ....
හීන මල් පිපී....
පාන ලෙංගතු...
කාට කෝම කියා දෙන්නෙ...
මගේ ආදරේ හැටී....
පාව යන්න වළාකුලේ....
මාගේ සෙනේ එක්ක ඔහේ....
ආවා දුරක නිරන්තරේ....
තාම නුඹ නැතී....
කිටි කිටියට හීතලේ...
හෙමි හෙමිහිට අප ලංවුනේ....
යන තැනකට ගලා යන්න...
සෙනේ ගගුල සිදී නැතී....
මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....
තනිය.......
නීල නෙතු ලග තාරුකා පරදින රැයේ...
හීන හිත ළග මං ඇඩුව තනියම පැලේ...
පාන සිනහව තාරකා මන්ඩිය ගත් පැයේ...
ආල කම් නැති නුඹ දුරයි මට හැම වෙලේ....
Saturday, January 8, 2011
පොඩි මිතුරේ....
හිරු නැගෙන පැයේ...
මගෙ සිනා අරන්..
යලි වරෙන් ඉතිං....
පොඩි මිතුරේ.....මගෙ පොඩි මිතුරේ...
නුඹ ඉන්න රටේ...
හොද පරිස්සමක්..
තියනවාද කියලා....
මට කියා යන්න ඉතිං....
පොඩි මිතුරේ...මගෙ පොඩි මිතුරේ....
නුඹ නැතිව මෙමං...
හද දුකම දරන්...
නෙතු මගට යොමන්...
දැන් හිදමි ඉතිං.....
පොඩි මිතුරේ....මගෙ පොඩි මිතුරේ....
නුඹ අහිමි සෙනෙහස මගේ....
ජීවිතය කවියක් වගේ
නුඹ නොලියු කවියක් වගේ.....
සිහිනය සරදමක් වගේ
නුඹ නොවිදි දඩුවම වගේ....
ඇස කදුළ නලියන පැයේ
හිත ලගට නුඹ දුර වෙතේ....
නෙක රුප ඡායා පසු වෙතේ
නුඹ නොදුටු රූපය මගේ....
හිත දුරක යන වෙලේ
නුඹ නාපු සිතුවිලි වුනා....
මා ලද ජීවිතය පුරා
නුඹ අහිමි සෙනෙහස වුනා....
නුඹ නොලියු කවියක් වගේ.....
සිහිනය සරදමක් වගේ
නුඹ නොවිදි දඩුවම වගේ....
ඇස කදුළ නලියන පැයේ
හිත ලගට නුඹ දුර වෙතේ....
නෙක රුප ඡායා පසු වෙතේ
නුඹ නොදුටු රූපය මගේ....
හිත දුරක යන වෙලේ
නුඹ නාපු සිතුවිලි වුනා....
මා ලද ජීවිතය පුරා
නුඹ අහිමි සෙනෙහස වුනා....
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

















