Saturday, February 25, 2023

නන්දා



සකිදා ගිහින් මඟහැර  ඇහි පියන් දෙක
රන්දා කඳුළු මැද වටපිට විමසිලිය අද
බන්දා පෙමින් ආතුර හද මඩල යට,
නන්දා තාම තෙමෙනව ඇති මහ ගෙදර මැද

සිසිලයි කියා කරදිය හුලඟ ද සිම්ඹේ
මිහිරියි ප්‍රියේ උඩරට  නා එක සොඳිනේ
සඳුදයි දිනය අත්සන් කර ලියමන ගත්තේ
දිළිඳුයි ප්‍රියේ ප්‍රේමය ඔබෙ දැන් වැටහෙන්නේ

වෙනදා තරම් ඉරහඳ නෑ යෞවන වෙන්නේ
නැතිදා සුවඳ මලක⁣ට තනිකම රජවෙන්නේ
හැරදා ගියත් ඔබමොබ මතකය ඇවිදින්නේ
නන්දා ගෑනු අපි ඇයි මෙච්චර ඉවසන්නේ ? 

#දිනිති  #ජංගමකවි  2023/02/25

3 comments:

  1. බන්දා තොරණ් ගම් හතකට මඟුල් කියා
    කැන්දා ගෙනා ඈ අතහැර ඔහුත් ගියා
    රන්දා කඳුලු සැම ඇස අග කඳුලු තියා
    නන්දා නිදයි මහ ගේ මැද දෑස් පියා.. 😭

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...