කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ
හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.
#දිනිති 2017/08/11
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
සංවේදී කවි. දලඳා කරඬුව ගෙනයන සහ පෙරෙහැරේ යන සියළුම අලි ඇතුන්ට ඒ පිනෙන් ඊලඟට මනුස්ස ආත්මයක් වත් ලැබෙයි කියලා අපිට හිත හදාගන්න වෙන්නෙ.
ReplyDelete