ක්ෂණයකින් ඇවිලෙන ගින්න සේ
ඇසිල්ලෙන් අංශු මාත්‍රයකින් ද,
විමසිල්ල කිසිත් නැති තැනකින්
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
විඩාබර වෙහෙසකින් සැදෑවේ
ඉරමලත් මුකුලිතව යන්න යන විට
හේතුවක් නැති හේතු මැද්දෙදි
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
සෘතු මාරු සංසිද්ධි හිඩැස් සිතුවිලි ගෙනත්
පෙති හැලුන මලකටත් කතාවක් තියෙද්දී
ආදරය බිංදුවෙන් බිංදුවට හැලි හැලි යද්දි
ප්‍රේමයට හැකිවේද දැවි දැවි නොදැවෙන්න
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
ප්‍රේමය කැමතිම ඇවිලෙන්න
ReplyDeleteසීතලම දෙහදක්
ප්‍රේමයෙන් අවුලන්න
ඇවිලි ඇවිලී
ප්‍රේමයේ එළිය
අඳුරුම අහුමුලු පවා
සොයා ගොස් එළිය දෙන්නට..