දකුණින් දැකුම්කළු මුහුදය
ගුවනින් ගුවන් කරණම්ය
හදවතින් ලංසු තැබූ සිතුවිලිය
දෙපයින් ලේ ගලන ගමනක
බඩ ගගා ඇවිදින මරණයකි
ජීවිතේ ඉතින් සොඳුරු වෙද ?
ජංගමය මිතුරු සුමිතුරෙකි
කඳුළු අහුලන හිතවතෙකි
අලුතින් කැකෑරෙන පෑරුමකි
අම්මා නගන හඬ දරු ස්නේහයකි
අත් හරින්නට බැරි බැඳීමකි
ජීවිතේ ඉතින් සොඳුරු වේවිද ?
බඩු මිල දිය සුළියකිය
වේතනය පෙන බුබුළකිය
කටවල් ගණන හතකිය
අත් දොලොසක් නැතිමය
දෙවියන් නොවූ අරුමෙකි
හුස්ම අල්ලන නිලයකි
ජීවිතේ සොඳුරු වේවිද පැනයකි
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
පොකර්මන් ගෝද මක්කද එක ප්ලේ කරාද?? හැක්
ReplyDeleteමක්ක දෙඩුවද මන්දා.
Deleteෂහ්... මටනම් හරියට ම පෙනුනෙ මෙන්න මේ ටික තමයි ඉස්සෙල්ලම...
ReplyDelete//බඩු මිල දිය සුළියකිය
වේතනය පෙන බුබුළකිය//
මේක පට්ට.... හැබැයි ඉතිං අත් 12ක් තිබ්බත්,
//ජීවිතේ සොඳුරු වේවිද පැනයකි//
බොහොම ස්තුතියි ආර්යන්.
Delete