ගිම්හානෙ කොයි තරම් රළුදැයි
මලානික කුරුල්ලෙක්ගෙන් අහන්න
සන්තානෙ මොන තරම් දේ ඇතිද
තනිවෙච්ච හිතකින් දැනගන්න
කෝඩුකාර සමනලුන් නැති අවකාශයක
පුරුදුකාර මල් පිපෙයි පෑවිල්ලෙ
වැරදිකාර සිතුවිල්ල තියෙනකන්
සංසාර ගමන දිඟයි කැරකිල්ලෙ
අත්ලකට පුරුදු ස්පර්ශ වැදෙනකොට
හද පත්ල නින්නාදදෙයි ඇතුළතට
පත්‍රයකට පිනි බිඳක් වැටෙනකොට
සිනාසෙන්නෙත් ඒ වගෙයි පුරුද්දට
කවිකාර බැල්මක් තියෙන වලාකුළකට
අත වනා එන්නැයි කියන්නට පුළුවන්ද
මඳහාසෙ නැතිවෙලා යන දේදුන්නකට
රවා රවා ඉන්න එක හොඳ නැහැ නේද
පසුකරන් යන සෙවනැලි පේනකොට
හරි හමන් දුකක් එන්නේ කී දෙනෙක්ටද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
දුවන් යන්නට බැරි අය කොච්චරද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
ReplyDeleteදුවන් යන්නට බැරි අය කොච්චරද////
පට්ට දිනිති අක්කෙ...
ජයවේවා
බොහොම ස්තුතියි මල්ලියෙ
Deleteජීවිතේ මග ඇරුණ තැන් කොච්චරනම් ඇත්ද අක්කෝ.. ඒත් ඉතින් ආයෙම ඒ දේවල් ලබා ගන්න බැහැනේ..
ReplyDeleteහිතට දැනුන කවි ටිකක්.
අපි කාගෙත් මඟ හැරුණ තැන් අප්‍රමාණව ඇති මල්ලි ජිවිතේ...
Deleteහරිම සාරයි...
ReplyDeleteස්තුතියි දේශක යෝ..
Delete