නමො තෙ මහමානව !!!
මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.
පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.
විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.
ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්‍රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.
සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.
සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.
ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.
වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.
සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.
එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.
"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.
"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.
"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.
එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.
මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්‍රී දේවියද එසේමය.
අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.
සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.
වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.
මන්ද්‍රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.
යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.
සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.
කතෘ ප්‍රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.
( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )
දිනිති දීපිකා
2020/04/16
Monday, May 11, 2020
Wednesday, November 13, 2019
පිපීගේ සිහිනය
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනිපිරියට " පිපී " කියල පූස් පැටියෙකුත් හිටියා. ඒ මිනිපිරියගෙ නම තමයි " හීන කුමාරි."
ඔන්න ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී, හීන කුමාරිට අවුරුදු හතක් විතර වෙනවා. මෙයාගෙ වයසක ආච්චියි සීයටයිත් දැන් හොඳටම වයසයි. මේ මිනිපිරී දවසක් අහනවා,
" ඇත්තටම ආච්චියේ, සීයෙ, කෝ මගෙ අම්මයි, තාත්තයි "
කවදාහරි මිනිපීරී ඕක අහන බව දැනගෙන ආච්චියි සීයයි කතා කරගෙන හිටපු විදිහට කතාව කිවුවා.
" මෙහෙමයි දුවේ. ඔයාව මේ කන්ද මුදුනෙ මාලිගයට අපට ගෙනත් දුන්නෙ සුළං කුමාරියි, සුළං කුමාරයයි තමා. ඒ දෙන්නට නිතරම ලෝකෙ පුරා ගමන් යන්න තියෙන නිසා ඔයාව අපට හදාගන්න දුන්නා. වයසක අපි දෙන්නටත් කවුරුත් නැති නිසා අපි ඔයාට " හීන කුමාරි" කියල නම තියල හදාගත්තා. "
" එහෙනම් ඇයි අම්මයි තාත්තයි මාව බලන්න එන්නැත්තෙ? "
" ඒ අයට ලෝකෙටම හුළං බෙදාහරින්න තියෙනවනෙ දුවේ. "
" ආච්චියි සීයයි මේ මාලිගයෙ නැතිවෙච්ච දාකට මං මොකද කරන්නෙ ? "
" ඒක අපි ඔයාට කියල දෙන්නම්කො. තවම ඔයා පුංචියිනෙ. "
--------------------------
කාලෙ ඔහොම ගෙවිලා තව අවුරුද්දකින් හීන කුමාරි වයසට ගියා. ආච්චියි, සීයයි එයාව අර අහස උසට තියෙන මාලිගයෙ උඩම තට්ටුවට එක්කගෙන ගියා. ගිහිල්ලා ඒ දෙන්නම හීන කුමාරිගෙ අතින් අල්ල ගත්තා. අල්ලගෙන මෙහෙම කියනවා
" හීන කුමාරි..අපේ චූටි දුවේ.. අපි දෙන්නා මැරිලා ගිය දවසට ඔයා මේ කාමරේ මෙන්න මේ කවුළුව ගාවට ඇවිත් ඇස් දෙක පියාගන්න. ඊට පස්සෙ ඔයා හිතන පතන දේවල් ඔයාට ඉෂ්ට සිද්ධ වෙනවා. හැබැයි අපි ජීවතුන් අතර ඉන්නකම් නම් මේ දේ කරන්න එපා. "
කියල ආච්චියි සීයයි හීන කුමාරිගෙ ඔළුව සිපගත්තා.
--------------------------
හීන කුමාරිට යාළුවොත් කවුරුත් නැහැ. එයාට හිටිය එකම යාළුවා පිපී විතරයි. දවසක් හීන කුමාරිට ඕනි වුණා පූස් පැටියව එයාට ලැබුණෙ කොහෙන්ද කියල බලාගන්න.
ආච්චිගෙනුයි සීයගෙනුයි ඇහුවම කිවුවෙ පූස් පැටියවත් සුළං කුමාරයයි, සුළං කුමාරියි ගෙනත් දුන්නා කියලමයි.
හීන කුමාරිට ලොකු ආශාවක් ආව මේ සුළං කුමාරියි, සුළං කුමාරයයි කවුද කියල දැනගන්න. එයා දවසක් පිපීගෙන් ඇහුවා.
පිපී කිවුවෙ,
" මං ඇස් දෙක අරිනකොටම හිටියෙ ඔයාගෙ ළඟ " කියල.
" ඔයාව ගෙනත් දුන්නෙත් සුළං කුමාරයයි, කුමාරියි " කියල ආච්චියි සීයයි කියන්නෙ.
" මටත් එහෙම තමයි හීන කුමාරියෙ කියල තියෙන්නෙ. "
"ඉතින් කවුද දන්නෙ ඒක ඇත්තක්ද කියල "
" අපිට බොරු කියල මොකකටද හීන කුමාරියෙ "
--------------------------
හැමදාම රෑට නිදාගන්න ගියාට හීන කුමාරිගෙ හිත හරිම නොසංසුන්. පූස් පැටිය කොච්චර කිවුවත් වැඩිය හිතන්න එපා කියල. එයාට ඕනි වුණේම සුළං කුමාරයයි, සුලං කුමාරිවයි කවුද කියල බලාගන්න. පිපී හිටියෙත් හීන කුමාරි ගැන බයකින්මයි. එයා කොයි වෙලේ මුරණ්ඩු වෙයිද දන්නෑ කියල.
අහස උසට තියෙන මාලිගයක කොච්චර දේවල් තිබ්බත් නැති දේකටම හීන කුමාරි දුක් වුනා. සුළං කුමාරයයි, කුමාරියි දකින හීනයක්ම හිත හිතා හිටියා.
--------------------------
ඔන්න එක දවසක් හීන කුමාරි කන්නෙ නැතිව බොන්නෙ නැතිව මේ ගැන හිතන්න ගත්තා. පිපී බලෙන් වගේ හීන කුමාරිගෙ කටට කෑම ජාති දානවා. ඒත් හීන කුමාරි දවස් දෙකක් විතර ඔහොම ඉද්දි,
මාළිගයෙ සද්දයක් නැති බව දැනුන පිපී මාළිඟෙ පුරා ඇවිදලා බැලුවා. ඒ බලද්දි වයසක ආච්චියි සීයයි පේන්න නැති බව දැක්කා. ඒ අයගෙ ඇඳ උඩ ලියුමක් තිබුණා. පූස් පැටිය ඇවිත් හීන කුමාරිට මේක දුන්නා,
ආච්චියි සීයයි මාළිඟයෙන් පිටට ගිහින්.ඒ අතර හීන කුමාරිට හිතුණා ආච්චියි සීයයි දවසක් කියල දුන්න දේ කරල බලන්න.
ඒත් පිපී ඒකට අකමැති වුනා.
" අපිට කිවුවෙ ආච්චියි සීයයි මැරුණම නේද ඒක කරන්නකියල. අපෝ මට නම් බැහැ හීන කුමාරියෙ ඒක කරන්න "
ඔය විදිහට දෙන්නා බහින් බස් වෙද්දි හීන කුමාරිව එක පාරටම වැටුණා. පූස් පැටියා බය වුනා. එයා හිතුවෙ දවස් දෙකක් විතර නොකා නොබී හිටිය නිසා හීන කුමාරිට කලන්තෙ හැදුනා කියලා. එයා දුවගෙන ගිහින් වතුර ටිකක් ගෙනත් හීන කුමාරිගෙ මුහුණට ඉස්සා.
ඒත් ඇස් ඇරියෙ නැහැ. පිපී ගියා ආච්චියි සීයයි ආපහු ඇවිත්ද කියල බලන්න එයාලගෙ කාමරයට. ඒ යනකම් හිටිය හීන කුමාරි
එකපාරටම ඇස් ඇරලා මාලිගයෙ උඩට දුවගෙන දුවගෙන ගියා. හීන කුමාරි ගිය අඩි සද්දෙ ඇහිලා පිපී ආපහු ආව. පිපීත් හීන කුමාරි පස්සෙන් ගියා.
හීන කුමාරි නැවතුණේ අහසෙ ගෑවෙන කවුළුව ගාව. නැවතිලා බලද්දි පිපිත් ඉන්නවා. පිපී කකුළෙ වෙලි වෙලී හීන කුමාරිට කිවුවා
" අනේ කවුළුව නම් අරින්න එපා. ආච්චියි සීයයි මැරිලා නැහැ. ඒ අය දැන් ආපහු එනවත් ඇති. අපි ඒ අය එනකම් ඉමු කියල."
ඒ වුනාට හීන කුමාරිට කවුළුව ඇරලා එයාගෙ හිතට හිතෙන දේවල් හිතන්න ඕනි වුණා. ඒ විතරක් නෙමෙයි ආච්චියි සීයයි කියපු විදිහට සුලං කුමාරයයි, කුමාරියි ඇත්තටම එයාගෙ අම්මයි තාත්තයි ද කියල බලන්න ඕනි වුණා.
පිපී ගවුමෙ එල්ලිලා " එපා " කියද්දි හීන කුමාරි කවුළුව අරින්න හැදුවා. පිපීට වඩා ශක්තිමත් වෙච්ච හීන කුමාරි කවුළුව ඇරියා. සුදු පාට පුළුන් ගුලි ගුලි මාලිගේ ඇතුළට එනවා පිපී දැක්කා. ඒ සුදු පාට ඇතුළෙ හීන කුමාරි හැංගෙනවත් පිපී දැක්කා.
පිපී " හීන කුමාරී " කියල කෑ ගැහුවා. ඒත් ඒවා එයාට ඇහුණෙ නැහැ. එයාව පුළුන් ගුලි එක්ක තව තව ඇතුළට යනව විතරයි දැක්කෙ.
පිපී අඬ අඩ හීන කුමාරිට ඇඬ ගැහුවත් එක පාරටම හයියෙන් කවුළු පියන් වැහුණා. ඒත් එක්කම පිපී නිදාගෙන හිටිය සයනයෙන් අඩි ගානක් උඩට විසික් වුණා.
ඇස් පිසදාල වටපිට බලද්දියි පිපී දැක්කෙ තමන් නිදාගෙන ඉන්නෙ හීන කුමාරි ගාවම කියල. ඒ තද නින්දට දැකපු හීනයක් විතරයි කියල පිපීට තේරුණා.
නිමි
Wednesday, May 22, 2019
Thursday, January 10, 2019
අප්පච්චි ඊයෙ රෑ යන්නටම ගිහිල්ලා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා
තුරු මඬුලු තැනින් තැනකට හිස නමා
මුමුණාවි නෙක කතා ගම්ගොඩේ හැටි ගොතා
කේලමක දිඟ පළල මනින්නට මිම්මක් නැති නිසා
සුළං කිරිලියො යයි, ඇවිලෙනා ගින්නට පිඳුරුත් දමා
දහදියක මිළ ගණන් කැඳවන්න බැරි නිසා
වැව පහළ ගොයම් පැල ඉකිගසයි ලය පලා
කරන්නට දෙයක් නැහැ දරන්නට බැහැ කියා
ගඟත් ඉස්සී මුහුදට ගියා රිසි අතට මාවත් සොයා
ඉල් මහේ පිපිණු මලකින් නටුවෙන්ම උදුරලා
අහස් අම්මා ශාප දෙයි හරි වැරදි නොවිමසා
හිතේ හයියත් අවසානෙ නැතිවෙච්ච බව ලියා
අපේ අප්පච්චි ඊයෙ රෑ මැහි තෙලට ජීවිතෙ පුදා

Wednesday, November 14, 2018
මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා
මොනර පිල්වල හැඩය බල බල මොනර නැටුමකට හිටියා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා
තෙවෙනි ඇස කිය කියා බහුතර පිරිමි කලවා පොටෝ ගැහුවා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා
ගියේ ආවේ බස් දෙකක මහ සෙනඟ පොඳියට පිරිල හිටියා
ඒකේ රියදුරු තවත් හයියෙන් සද්දෙ හොඳහැටි වැඩිකලා
"අනේ අම්මපා මෙහෙම ගෑනුත් " කියන හඬවල් මටත් ඇහුණා
ඇත්තමයි ඒ නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා
රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා
කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා
ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඩුවා
වේදිකාවෙදි රෑට නැටුවට ජීවිතේ කටු තුඩු උල්ව ඇනුණා
පසුවදන -
සංගීත ප්‍රසංගවල නර්තනයට සහභාගීවන තරුණියක් එම සංගීත ප්‍රසංග ප්‍රචාරය වන පොදු මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරද්දී ඇයට ඇසුණ සිද්ධියක් හා සම්බන්ධය.

2018/11/14
Thursday, August 9, 2018
කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු
රිඳුණු පෑරුණු තුරු අඟිසි අස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
ළඟින් තැවරුණු සුවඳ කුසුමක්
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
පෙමාදර පිනි දියර සිහිලේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ
Thursday, July 26, 2018
අම්මා
ආදරේ ගැන හොඳටෝම අඳුරගෙන
ජීවිතේ මුල ඉදන් පහද පහදාදෙන
හාමතේ වැටීගෙන හදවතම දන්දෙන
සාගරේ කොයිතරම් පුංචියි ද "අම්මා" ළඟ
හිසේ සිට ගිනි අරන් ඇවිලෙද්දි
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන
මුසාබස් දෙස් දොවොල් නෑහිච්ච ගාණකට
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම
සනුහරේ විටින් විට අලුත්වෙයි කවි කතා
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම
Monday, July 9, 2018
මහන්සිය කැරකිල්ල අතැතිව
ගිලෙයි හිරු මහ මුහුද මැද්දක
හාන්සිය නැළවිල්ල මුසුකර
අඳුර හිනැහෙයි දෙනෙත් අද්දර
රැහැයියන් බකමූණෝ ළංකර
කවිකතා ගොතනව ඇහුණෙ ඉස්සර
පිහි ඇනුම්, වෙඩි තැබිලි මුසුවුණු
සොඳුරු රැය මේ ඩිස්නිලන්තයෙ
වීථිවිල කඩු හරඹ සැණකෙළි අතරතුර
පුංචි උන් පිස්තෝල සෙල්ලමෙ
කපුටො, කොවුලන් මරාගත්තට
ඩිස්නිලන්තය බොහොම පිරිසිඳු
භයානක වෙස්මුහුණ පළදා
ගෝනි බිල්ලන් ආවෙ ඉස්සර
දෙනෝදාහක් ඇස් ඉදිරිපිට
උන්ගෙ සාදය උන්ට රිසිලෙස
කවිකතා ගොතනව ඇහුණෙ ඉස්සර
පිහි ඇනුම්, වෙඩි තැබිලි මුසුවුණු
සොඳුරු රැය මේ ඩිස්නිලන්තයෙ
වීථිවිල කඩු හරඹ සැණකෙළි අතරතුර
පුංචි උන් පිස්තෝල සෙල්ලමෙ
කපුටො, කොවුලන් මරාගත්තට
ඩිස්නිලන්තය බොහොම පිරිසිඳු
භයානක වෙස්මුහුණ පළදා
ගෝනි බිල්ලන් ආවෙ ඉස්සර
දෙනෝදාහක් ඇස් ඉදිරිපිට
උන්ගෙ සාදය උන්ට රිසිලෙස
මහ රජුන් නිදි සුවයෙ සිහිනෙක
යුව රජුන් හිස් කරයි කහවණු
කේතුමතියත් පැරදිලා දැනටම
වීථි මැද්දේ පුදුම පෙළහර
යුව රජුන් හිස් කරයි කහවණු
කේතුමතියත් පැරදිලා දැනටම
වීථි මැද්දේ පුදුම පෙළහර
බැංකු කැඩුවා, සූදු කෙළියා
කේවට්ට රැළ සැනසුවා පැතුලෙස
බදුත් ගැහුවා බතුත් කැවුවා
ඩිස්නිලන්තයෙ මුත්‍රාත් හරි මිල
කේවට්ට රැළ සැනසුවා පැතුලෙස
බදුත් ගැහුවා බතුත් කැවුවා
ඩිස්නිලන්තයෙ මුත්‍රාත් හරි මිල
වැලේ වැල් නැති කුහුඹුවන්ටත්
උන්ට ආදරෙ කරති මහ රජු
හතේ හතවත් නැතිව පොරකන
දනන් පොහොසත් ඩිස්නිලන්තයෙ
2018/07/09
උන්ට ආදරෙ කරති මහ රජු
හතේ හතවත් නැතිව පොරකන
දනන් පොහොසත් ඩිස්නිලන්තයෙ
2018/07/09
Sunday, March 25, 2018
කල්පාවසානයට පෙර
ඔබේ එක් මිහිරැති හාදුවක්
ස්වප්නයකින් තොරව
ස්පර්ශ කලයුතුව ඇත
ඔබේ එක් මිහිරැති හාදුවක්
ස්වප්නයකින් තොරව
ස්පර්ශ කලයුතුව ඇත
ආදරේ යොදුන් ගණනය කල නොහැකි
ආනන්දනීය එක් රාත්‍රියක්වත් මට දෙනු මැනව
ප්‍රිය සම්භාෂණයක අතරමැද
සිහින් සංගීත නාදයක තාලයට
ඔබ උරහිසට වාරුවෙන ඒ ක්ෂණයකදී
චුම්භකව, ආලිංගන හාදුවක් පුදනු මැන
ආනන්දනීය එක් රාත්‍රියක්වත් මට දෙනු මැනව
ප්‍රිය සම්භාෂණයක අතරමැද
සිහින් සංගීත නාදයක තාලයට
ඔබ උරහිසට වාරුවෙන ඒ ක්ෂණයකදී
චුම්භකව, ආලිංගන හාදුවක් පුදනු මැන
සීසීකඩ විසිරි ගිය සුවඳ ස්වල්ප බැගින්
හදවත් මංජුසාවේ තැන්පත් කරමින්
ඔබේ ස්වරණ නේත්‍රාංගනීය කැල්මට
අලංකෘත වචන එකතුකරමින්
සඳදිය දහරක් යට නැහැවි නැහැවී
සෑම රාත්‍රියකම ඉන්පසු ලියන්නම්
හදවත් මංජුසාවේ තැන්පත් කරමින්
ඔබේ ස්වරණ නේත්‍රාංගනීය කැල්මට
අලංකෘත වචන එකතුකරමින්
සඳදිය දහරක් යට නැහැවි නැහැවී
සෑම රාත්‍රියකම ඉන්පසු ලියන්නම්
ඈත ඈත හිම කඳුවලට එපිටින්ද
මෑත ස්ටෙපස් තෘණ බිම්වලද තනිවන
සෑම හදවතක්ම මා හමුවද්දී,
අමරණීය කවියෙක් කියනු ඇත.
මෑත ස්ටෙපස් තෘණ බිම්වලද තනිවන
සෑම හදවතක්ම මා හමුවද්දී,
අමරණීය කවියෙක් කියනු ඇත.
ඒ සුන්දරාස්වාදයට ඉතින් ප්‍රිය කරමි මම.
Sunday, January 28, 2018
කවියක් ගැන
" රෑ සමනලිය, කාගෙත් සුන්දරිය, ගණිකාව යන ව්‍යවහාරයෙන් ද, ජබ්බා, ගොනා සහ බඩුව යන ව්‍යවහාරයෙන් ද පිරිමින් විසින් අමතනු ලබන ගැහැනිය සිය සේවාව සපයන්නේ පිරිමින්ට ම බව ඒ කාන්තාව සමග යහන්ගතවන පිරිමින් ම නොසිතයි. එමෙන් ම ඇය ද ඇට, මස්, ලේ නහරවලින් සුසැදි මිනිස් ප්‍රාණියකු බව නොසිතයි. ඇය පිළිබඳ ලියැවි ඇති කව් ගී අපමණ ය. ඒ අතරින් වඩාත් සංවේදී ගීතයක් ලෙස අමරසිරි පීරිස් ගයන ‘‘ළය නොපෙනෙන ළැම පමණක් පෙනෙන’’ ගීතය ඉතාමත් සංවේදි ය.
යට සඳහන් දිනිති දිපිකා කිවිඳියගේ කාව්‍ය නිර්මාණය ද ගණිකාවක හෙවත් රෑ සමනලියක පිළිබඳ ලියැවුණ කවියක් බව එය කියැවූ සැණින් ම වැටහෙන බව අරුමයක් නොවේ. එහෙත් මෙම නිර්මාණය නිමැවුම සඳහා කිවිඳිය යොදාගන්නා කාව්‍යාලංකාර පිළිබඳව නම් යමක් සඳහන් කළ යුතු ම ය. මම එය සටහන් කරන්නේ මගේ වීඳීමේ පරාසය අනුව ය. සමස්ත කවිය තුළින් පිළිබිඹු වන්නේ කුමක් ද යන්න වෙසෙසින් සඳහන් නොකරමි. එහෙත් මෙම නිර්මාණයේ පද ව්‍යවච්ඡේදනයට ලක් නොකර සිටින්නට නම් නොහැකි ය.
වර්තමානයේ ගණිකා වෘත්තියට පිවිස ඇති බහුතර කාන්තාවෝ මත් කුඩු හෝ වෙනත් කුමන හෝ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බව නොරහසකි. ඇය එසේ කරන්නේ ඇයිද යන්න ඇය සමග යහන්ගතවන පිරිමි නම් කිසිදු අවධානයක් යොමු නොකරන බව සක් සුදක් සේ පැහැදිලි ය. කිවිදියගේ අනුබූතියට ප්‍රස්තුත වන ගණිකාව ද කුමන හෝ මතුද්‍රව්‍යයක් පානය කර ඇති බව ව්‍යංගාර්ථයෙන් පිළිබිඹු කරන්නට කිවිඳිය යොදාගෙන ඇති රූපක සහ වක් බිණුම් කෙතරම් අපූරුදැයි විමසමු.
‘‘වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ’’
කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර සිටින පිරිමින් සේම කාන්තාවෝ ද මෙම ශරීර ලක්ෂණ (තමන්ගේ සිරුර තමන්ගේ නොවන තරමට නිසලව මෙන්ම දෑස් අඩවන් කරගෙන හෝ අහස දෙස යොමාගෙන) පහල කරන බව වෙසෙසින් සදහන් කළ යුතු නොවේ. කිවිදිය මේ සියල්ල පැවසිම සදහා යොදාගන්නේ වදන් අටකි. ඒ අන් කිසිවක් නොව කවිතාව ම ය.
ඇගේ බොකුටු හිසකෙස් මඳ සුළගට සැලෙන බවත් ‘‘බෝ ගසක්’’ නොව ‘‘කපුටු බෝගසක්’’ යට සිටින ඇගේ දෙනෙතේ දිස්නය හෙවත් ඇය ගොදුරකට ඉව අල්ලන බවත් කිවිඳිය ඉතා සුමට ව්‍යංගාර්ථයකින් පවසන්නී ය. එමෙන් ම ඒ ගණිකාව වෙත පාපි බැලුම් නොහෙලන ලෙස ද කිවිඳිය අයැද සිටින්නී ය. ඒ අන්කිසිවක් නිසා නොව අද රැයේ ඇය සමග යහන්ගතවන පිරිමියා ම හෙට උදයේ ඇය පරිභවයට පත්කරන බැවිනි.
පිරිමින් ඇයට ඇරයුම් කරන බව පසන්නට ද කිවිඳිය යොදාගන්නේ වක්ක්‍රෝක්ති හෙවත් වක් බිණුම් ය. කිවිඳිය කිසිවක් ම ඍජුව නොපවසන්නී ය.
‘‘විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ’’
යනුවෙන් කිවිඳය පවසන්නේ ඉහත යථාර්ථය යි.
ගණිකා ඇසුර පතන බහුතරයක් ම කනිකඩ ජීවිත ගත කරන පිරිමි නොව බිරිදක් සහ දරුවකු, දෙදෙනකු හෝ ඊටත්වඩා සිටික පිරිමියකු විය හැකි ය. ඔවුහු සිය නිවසේ දී මෙන්ම බාහිර සමාජයේ ජිවත්වන්නේ උපාසකයෝ ලෙසිනි. එමෙන් ම ඔවුහු ගනිකාවකට ඇරයුම් කරන්නේ ද ඒ අවට සිටින කිසිවකුට නොදැනෙන පරිදිය. මේ සියලු කාරණා පවසන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නි වදන් හතක් පමණි.
‘‘කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ’’
ගනිකාවකගේ හදවතෙහි පවත්නා දුක, වේදනාව පිළිබඳ වචනයෙන් පවසා ඇයට පිළිසරණක් නොලැබෙන බවත් එ’නිසා ම ඇය සිය සිරුර පුදකරන බවත් බොහෝ පිරිමි නොසිතති.
‘‘පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ’’
යන දෙපදයෙන් කිවිඳිය පවසන්නේ මේ ඛේදවාචකය නොවන්නේ ද? අනතුරුව කිවිදිය සමාජයෙන් ආයාචනයක් ද කරන්නී ය.
‘‘කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ’’
...යනුවෙන් කිවිඳිය අයැද සිටින්නේ එයයි.
රාත්‍රිය පුරා ඇගේ පහසෙන් සැනහෙන පිරිමියා අලුයම වන්නටත් පෙර ඇය හර දමා යන්නේ කිසියම් පලතුරක යුඹ උරා බීමෙන් ඉක්බිති එය කොතැනක හෝ අතහැර යන වවුලන් සේ ය. එය විද්‍යමාන කරන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නා ව්‍යඞගාර්ථය මෙසේ ය.
‘‘යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ’’
මෙම දෙපදය කියවන මොහොතේ දී පාඨකයාගේ මනසේ ක්ෂණයකින් අදාළ මතුපිට සිදුවීම චිත්‍රණය වීම අරුමයක් නොවුනද කිවිඳිය මේ වාග් මාලාව තුළින් ප්‍රකට කරන යටි පෙළ ඊට වඩා සංවේග ජනක ය.
සිය පාරිභෝගිකයා සන්තර්පණය කිරීමෙන් ඉක්බිති ඇය මහමගට බසින විට පසුදින පාන්දර විය හැකි ය. එවිට රාත්‍රී තාලයේ අටවා තිබූ රෑ කඩ ද අදාළ ස්ථානවලින් ඉවත් කරගෙන තිබෙන්නට පිළිවන. එමෙන් ම ඇය එසේ සිය පාරිභෝගිකයා සන්තර්පණය කරන්නේ කිසිදු කායික තාප්තියක අවශ්‍යතාවක් උදෙසා නොව සිය දරුවන්, දෙමාපියන් හෝ සොයුරු සොයුරියන් පෝෂණය කිරීම පිණිසම විය හැකි ය. කිවිඳය එය මෙසේ ගම්‍ය කරන්නී ය.
‘‘දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ’’
අවසන කිවිඳිය ඉල්ලා සිටින්නේ මේ කාන්තාව පිළිබඳ කවක් පබඳින ලෙසයි.
‘‘කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ’’
එවිට ඇය වචනයෙත් ස්තූති නොකළ ද ඇගේ සිත සැනසෙන බවද කිවිදිය පවසන්නී ය.
බොහෝ කව් ගි සදහා ප්‍රස්තුත වි ඇති මෙම චරිතය දෙස තරමක වෙනස් කෝනයකින් දකින්නට මෙන්ම ලාඨකයාගේ හදවතේ ගණිකාව පිළිබඳ සංවේදිතාවක් ඇති කරන්නට මෙම නිර්මාණය බොහෝ සෙයින් උපකාර වන බව සදහන් කළ යුතු ම ය. ගණිකාව යන් ද දරුවන් පෝෂණය කරන මවක්, දෙමාපියන් පෝෂණය කරන දරුවකු හෝ නොයුරු සොයුරියෝ පෝෂණය කරන සොයුරියක් ලෙස සිතන්නනැයි කිවිඳිය පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නී ය. සැබැ කවියකු හෝ කිවිඳියක නම් කළ යුත්තේ ගණකාව නම් වූ ඇයට ගැරහීම නොව, ඇය දෙස උපහාසයෙන් හෝ අපහාසයෙන් බැලීම නොව ඇය ද මනුෂ්‍ය කාන්තාවක ලෙස සැලකිම ය. දිනිති ඒ වගකිම සහ යුතුකම සිය නිර්මාණය තුළින් ප්‍රකට කර ඇත. "
Jayasiri Alwatta
18/01/08
කවියක් ලියා විඳින සතුට මේ හැර වෙන කුමක්ද ? අපමණක් ස්තුතියි ජයසිරි අලවත්තඅයියේ, ඔබේ වටිනා කාලය වැය කරලා "මම විඳි කවියක්" තුළ මේ අපූර්ව සටහන ලියා තිබුණාට.
වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ
විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ
යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ
Tuesday, January 9, 2018
තුති නැතත් හසරැල් වටියි
වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ
විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ
යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ
2018/01/07
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ
විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ
යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ
2018/01/07
Saturday, November 25, 2017
මලක මළගම
සැතක් කල හදක් අතැතිව
කන්ද නොසැලැයි අරඹකන්දේ
බතක් උයනට හිතක් නැතිවම
සද්ද නොකරම හඳත් පල්ලමට බැස්සේ
මන්න පිහියක් අතින් අරගෙන
ගෙදර වැට පොලු සීරුවෙන් තිබ්බේ
"කන්න දුන්නට ගහපියව් මට"
දෝංකාරෙක හඩක් ඇහුණේ
පියාඹා ගල්ගෙඩි ඇවිත් හැප්පී
එකින් එක උළු කැටයි බින්දේ
සියඹලා කොළ හොරෙන් හප හප
හිටිය කාරණ ගැනයි ඇහුණේ
රෙද්ද තදකර කොණ්ඩෙ උස්කර
අලුත් නෑනයි දොට්ට බැස්සේ
මගේ "තරු හැඩ" හෙව්ව උඹලට
"දෙයියො බලලා" කියනු ඇහුණේ
මලක් කිය කිය පෙතිත් මැද මැද
හුඟක් රැකවල් තිබුණ දවසේ
රැයක් කුමටද වෙන්න අතවර
කියා පරමල් ගැනයි ඇහුණේ
දැන් ඉතින් තව "කුමට පණනල"
කියා සද්දය අන්දෙසින් ඇහුණේ
මුදුන් ලීයට බරක් වැඩිවී
අක්කා දෙව්ලොව යන පාර දැක්කේ
ඉහට අත්දෙක ගස ගසා
දුවන් ආවට පලක් නැත්තේ
පිළුණු හොඳ්දක් කුමට කෑමට
කියා අක්කා ලියල තිබ්බේ.
--------------------------------------------------------------
තම පවුලේ එකම දියණිය අනාචාරයේ හැසිරෙන බව ගමපුරා ගිය කටකතාවක් හේතුකරගෙන ගම්මුන් විසින් නිවසට ගල් ගසන අවස්ථාවකි,
අවුරුදු 11ක් වයසැති ඇයගේ මල්ලී බිරාන්තව බලාසිටි අවස්ථාව හා සම්බන්ධය.

2017/11/25
Friday, November 17, 2017
මයිකල් ( අරයගෙන් තමා අහන්න වෙන්නෙ )
සයුර බලන බලන අත ඉස්සි ඉස්සි අඟර දඟරකම් කිරීම අපූරු දර්ශනයකි. අහසත් සයුරත් යාවෙන තැන කොතනදැයි ඇඟිල්ල දික්කර පෙන්වන්න පුලුවන් වුනත් ඒ වෙහෙස ගන්න අපි කවුරුත් කැමති නැහැ වගේම මයිකලුත් අකමැතියි.
මයිකල් කියන්නෙ වයස අවුරුදු තිහක තරුණයෙක්. හීන්දෑරි උස මෑකරල් පාත්තියක එල්ලෙන මෑකරලක් වගේ කියලත් හිතෙනවා. " කෝටු මෑ " කියල අන්වර්ථ නමක් දැම්මෙ කොල්ලො කුරුට්ටො දෙකේ තුනේ පන්තියෙදිමයි. එතනින් එහාට නම් දාන්න මයිකල් ඉස්කෝලෙ ගියෙ නැහැ.
මයිකල් මුහුදුබඩ පොල්වත්තට අහසින් පාත්වුනා නෙමෙයි. මයිකල්ගෙ මිත්තණිය එක්ක සොඳුරු මිහිරි මතක මයිකල්ට තිබුණත්, සුනාමියත් එක්ක සන්තකව තිබ්බ මිත්තණියගෙ ආදරයත් අහිමිවෙලා ගියා. පල්ලියෙ පියතුමා අම්මා, තාත්තා,ඥාතියා සහෝදරයා වෙද්දි පල්ලියෙම නවාතැන් ගන්න අවස්ථාව තිබ්බත් මයිකල් මඟ ඇරලා කොල්ලො කල්ලියට වැදුණා. ඒ හිතුවක්කාර කොලුකම නෙමෙයි. අතපය හතර ලොකුවෙද්දි අනුන්නේ නිකන් කන්න මයිකල්ගෙ හිත නැමුණෙ නැති නිසා.
පාසැල් ගමනත් හතරෙ පන්තියෙදි වගේ නැවතුණේ හරියට රැල්ලකට අහුවෙලා ගිලිච්ච බෝට්ටුවක් වගේ. නටබුන් මුහුදු පතුලෙ තිබ්බත් මල කකා තියෙන යකඩයක් වගේ මයිකල් ආදරය සෙනෙහස අහිමිව තනිකම අත්වින්දා.
වැල්ලෙ පොල්ගහක් යටට වෙලා තනියම මුහුද දිහා බලන් ඉද්දි, සිවුරුහන් කර කර රැල්ලට සිංදු කියන මයිකල් වැල්ලට මුළු ජීවිතයම දුන්නා වගේ. හැම වැලි කැටයක්ම මයිකල්ගෙ දෙපාවල වෙලි වෙලි ආදරෙයි නොකිවුව කියන්න බැරිතරම්.
මුහුදු හුළඟක ගසාගෙන එන පිළී ගඳ ගඳක් විදිහට නෙමෙයි දැනුණෙ. මයිකල් හරිම ආසාවෙන් හුස්ම ගන්නෙ වැල්ලෙදි. ලුණු රසය ජීවිතේ රහ තමයි කියල මයිකල් දැනගත්තෙ ළදරු කාලෙදිමයි. ඒ කරෝල වේලල තමන්ගෙ බඩ පුරවපු මිත්තනිය නිසා.
" මොකද මයිකල් උඹ මුහුද හින්දන්න වගේ කල්පනා කරන්නෙ."
මයිකල්ගෙ ඇතුල් හිත මයිකල්ගෙන්ම අහද්දි ඒ සංවාදය හරියට අම්මෙක් පුතෙක් වගේ
" මොකුත් නැහැ "
" මොකුත් නැතිවෙන්න බැහැ ගොයියෝ "
" මං කිවුවනෙ මොකුත් නැහැ කියල "
" ඔය උඹේ මුහුණෙන් පේන්නෙ "
" මං කිවුවනෙ මොකුත් නැහැ කියල "
" ඔය උඹේ මුහුණෙන් පේන්නෙ "
" මුහුණෙන් පේනව නම් මගෙන් අහන්නෙ මොකටද "
" මේ උඹ හැරෙන්නෙ වැල්ලටද රැල්ලටද කියල මට කියන්න එපා "
එකම තර්කය දෙන්නා දෙපැත්තෙ ඉදන් කියා ගන්නවා වගේ.
----------------------------------------------------------------------------
මයිකල් වැල්ලෙ කාටත් එක වගේ. මා දැලක් අදින්න අඬගැහුවත් හා කියල යනවා. වාඩියක් මුරකරන්න කිවුවත් හා කියනවා. බෝට්ටුවක යං කිවුවත් හා කියනවා. මාළු කඩේ බලාගනින් කියල කඩේ මරිසා අක්කා කිවුවත් හා කියනවා.
මයිකල් දැනන් ඉදියෙ හා කියන වචනය විතරයි. ඒ නිසාම මයිකල්ට මුදල් අගහිඟය නැතිතරම්. එහෙම වුනා කියල ඕන හැටියෙ මුදලක් තිබුණෙත් නැහැ. එදා දවස කාටවත් බරක් නොවි ජීවත්වෙන එක මයිකල්ගෙ පුරුද්ද වුනා.
දවසක් මරිසා අක්කගෙ කඩේ බලාගන්න ගිය වෙලවක මරිසා අක්කා යන්න කලින් කතාවට අල්ල ගත්තා.
" ඈ බන් මයිකල් උඹ කසාදයක් බදින් නැද්ද "

හිනාවකින් සංග්‍රහ කරපු මයිකල් මාළු කූරියන්ට අයිස් ලංකරලා මැස්සො පන්නන්න ගත්තා.
" උඹෙන් විහිළුවට නෙමෙයි ඇහුවෙ "
" උඹෙන් විහිළුවට නෙමෙයි ඇහුවෙ "
" හිතාගන්න බැ බන්. "
" හිතල බලපන්. අර පල්ලියට යන පාරෙ කොනේ කඩ කෑල්ල තියෙන්නෙ. ඒක පිරිසිදු කරගෙන මොකක් හරි පටන් ගෙන ගෑණිත් එක්ක ජිවත්වෙයන්. උඹත් තනියමම මැරිල යන්නද හිතන්නෙ."
පිළිතුරක් නොදී නිහඩ වුනා මයිකල්.
--------------------------------------------------------------------------------
දැන් ඉතින් මයිකල්ගෙ ඔලුවෙ කසාදයක් ගැන එක එක විදිහෙ නැට්ටුවො, බෙර කාරයො, කස කාරයො පෙරලි කරනවා.
මයිකල් දවසක් හැන්දෑවෙ පොල්වත්තෙ පවුල් පන්සල් වෙච්ච කිහිප දෙනෙක් ගාවට ගියා.
මයිකල් - " කසාදෙ ගැන මොකද හිතෙන්නෙ "
එක අයෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "
මයිකල් - " කසාදයක් බදින්න කියල. මොකක් වෙයිද දන්නෑෙ "
තවෙකෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "
මයිකල් - " මරිසා අක්කා කසාදයක් බැදපන් කිවුවා. මොකෝ මාමෙ "
තවකෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "
මයිකල් - " ගෑණියෙක් ගනින් කිය කියා කියනව හන්දියෙ කඩේ අක්කා. අනේ මන්දා බන් අයියෙ. උඹට මොකෝ හිතෙන්නෙ"
තවකෙක් - " අරයගෙන් තමයි අහන්න වෙන්නෙ. "
ඕවගේ ගමේ කසාද බැන්ද හැම පිරිමියා ගාවට වගේ ගියාට මයිකල්ට ලැබුණෙ එකම උත්තරය.
ආපහු වැල්ලට ගිහින් රැල්ලට බැන බැන වැලි වලින් කකුල් දෙක වහගත්තු මයිකල් තමන්ටම මෙහෙම කියාගත්තා.
මටත් වෙන්නෙ ඔය සෙතේම තමා. අරයගෙන් තමා අහන්න වෙන්නෙ ඉතුරු ජීවිත කාලෙම කසාදයක් බැන්දම. මේ තනිකඩකම මළකඩ කෑවත් මං මෙහෙමම ඉන්නවා කියල මයිකල් කසාද සිහිනය අත්හැරලා එදා රෑට මුහුදු යන්න ලැහැස්ති වුනා.
---------------------------- නිමි ------------------------------

Wednesday, November 1, 2017
ප්‍රේමයේ විවේකය ඔබට සුහදාණෙනී
අමන්දානන්දයට පත්කළ
ඒ අරුමැති හෝරාව
තදින් කොනිත්තාත්
අමතක කළ නොහැකිය.
හිත වට බමන
සෑම චිත්තාවලියකම
අංශුමාත්‍රිකව හෝ ඔබ සිටී
ගිලිහෙන, ඇමිණෙන, දළුලන
සියළු හෘදයානන්දනය
ඔබම බව පුන පුනා මින්පසු
නොකියමි.
වැස්සක චමත්කාරයකත්
සීතලක අසීමිත ඕනෑකමකත්
අතරමැද සිට අතවනන දවසක
ඔබ තුරුල්කරගමි.
ඝනැති පොරෝනයක් යට
සිනිදුවට ඔබ මා විතරක් දැවටෙන
සිහිනයක එතෙක් පාවෙමි.
ඉතින්, ප්‍රේමාන්විත සුහදාණෙනි,
ඔබට විවේකය,
ආදරේ අතරමැද හිස් තැනක සිට.
2017/10/30
Sunday, October 29, 2017
තනිකඩ එල්සා
" කණ්ණඩිය වුනත් හැමදේම පේන්නැහැ "
" හදවත කතා කරන්න නම් කණ්ණඩිය ඉස්සරහට යන්න "
" ඇත්තටම ඔයා ඇයි අද මාත් එක්ක මෙතනම නැවතුණේ "
" ඇත්තටම ඔයා ඇයි අද මාත් එක්ක මෙතනම නැවතුණේ "
" මට හිතුණා ඔයාව අදුන ගන්න "
" මාව අදුන ගන්නවා කියන්නෙ ඔයාව අදුන ගැනීමක් තමා "
" වෙන්න පුලුවන් "
" වෙන්න පුලුවන් නෙමෙයි. ඒක තමයි ඇත්ත "
----------------------------------------------
සිරි සිරි නදින් අයිස් වැටෙන හඬ පිටින් ඇසෙද්දි, සති අන්ත මොඩ්ලින් මැගසින් එකත් අරන් ගිනි උදුන ගාව වාඩිවෙච්ච එල්සා තාලයකට කකුළක් පද්දනවා. ඒ කකුලෙ සෙවනැල්ල යට බූල් පුස් තඩිය වැතිරගෙන.
ගිනි උදුන ගාවට පුච්චන ඇට වර්ගයක් ලං කරපු එල්සා සඟරාවෙ මුල පිටුව දිහා හොඳට බැලුව. කවද හරි එල්සගෙ ඡයාරූපයකින් මේ මුල් පිටුව සැරසෙන්නෙ කවදද කියල ඇයට නොහිතුනා කියන්නත් බැහැ.
නිලට නිලේ දිලිසෙන ඇස් දෙක මවිත කරගෙන පද්දන කකුල එක්ක එල්සගෙ අරමුණ වෙනස් වුනේ. එකපාරට විදුලිය විසන්ධි වීමත් එක්ක. මේ කදුකරයෙ සීත කාලෙට කවදත් ඔහොමයි. තත්පර ගානක් ඇතුළත ආයෙත් යථා තත්වයට පත්වෙනවා. පුරුදු ජීවන රටා නිසා අමුතු තිගැස්සමක් නැති වුනත්, නුහුරු ශබ්දයකට එල්සගෙ කණ යොමුවුනා.
හතර පැත්තෙන්ම විශාල තාප්පයක් බැදපු මහල් 2 කින් යුක්ත නිවසක්. තාප්පයට පිටින් වෙනම යකඩ දැල් වලින් ද ආරක්ෂාවක් දාල. වත්ත පුරාම ඇවිදින කළු දඩයම් බල්ලො දෙන්නෙක්. දත් විලිස්සාගෙන එද්දි ජීවිතයට ආස කෙනෙක් ඒ පැත්තක්වත් බලන්නෑ.
තාරාවන්ගෙ බිත්තර උදේ පාන්දරම හිල් කරල බොන්න ආස නිසාම තාරාවන් හදන එල්සට උන්ගෙ ආරක්ෂාවත් ලැබුණෙ මේ දඩෝරියන්ගෙන්මයි.
වයස අවුරුදු 54 ක් වුනත් ඒ තරම් පෙනුමක් නොතිබුණ එල්සට ආයෙත් අර නුහුරු ශබ්දය ඇහුණ.
" ඔය විදිහට නෙමෙයි, මේ විදිහට හොදයි "

" නැහැ නැහැ මේ පාට තමා ලස්සන "
" ඔයා මම කිවුවට අහන් නැහැනෙ. මේ බලන්නකො "
" පොඩ්ඩක් පිටත් ගැවිලා මේ බලන්නකො "
" ඔයා කියන කියන විදිහට මට ඉන්න බැහැ "
" කොච්චර කළත් ඔයාම තමා "
මේවගේ එක එක දේවල් ඇහෙද්දි එල්සගෙ අතේ තිබ්බ සඟරාවත් එක්කම වෙව්ලන්න ගත්තා. ඇය පාවහන් දෙක පළදමින් දොර අරිනවදෝ නැද්ද කියන කල්පනාවෙන් ආයෙ ආයෙ සවණ් යොමු කළා.
එක එක විදිහෙ දෙබස් වලින් එක එක දිශාවලින් ඇහෙද්දි ඇයට තනියම ජීවත්වෙන එක ගැන තරහකුත් නාව කිවුවොත් බොරු.
===============================
" එල්සා.. මේ ඔයාට මගෙන් තිළිණයක්.. "

" අනේ ඒක හරිම ලස්සනයි පීටර් "
" ලස්සන වගේම ඔයත් ලස්සන වෙයි ඔය පාටින් සැරසුණහම "
" ආදරවන්තයින්ගෙ දවසෙ ආදරය අමතක නොවෙන්නම ජීවිතකාලෙ පුරාම මම මේක තියාගන්නවා "
" ඕක පාවිච්චි කරද්දි ඉවර වෙනව ලමයො "
" මම මේක ආදරෙන් මට පේන ඉසව්වකම තියාගන්නවා. පරිස්සමට "
" මැරුණත් මම ඔයාගෙ ආදරවන්තයා තමයි ඉතින් "
" අයි ලව් යු සෝ මච් පීටර් "
===============================
එක පාරටම ඤාව් කියාගෙන ළඟ සිටිය බූල් පූස් තඩියා සාලයෙ තිබ්බ කණ්ණඩි මේසයට පැන්නා.
ඒ එක්කම එතන තිබුණ ලිප්ස්ටික් එක බිමට වැටිල පිපිරුවා.

ඒ සද්දෙත් එක්කම එතනට දිවුව එල්සට තමන්ගෙ ප්‍රතිබිම්බය පෙනුනා.
ලිප්ස්ටික් කූර දිලිසි දිලිසි පෙරලෙනවා පෙනුනා.
එතකොටම තමන් තවමත් අවිවාහකව බව එල්සට මතක් වුනෙත්, හරියටම පීටර් මෙලොව හැර ගිහින් හත්වසර ගෙවෙන්නෙත් ඒ රාත්රි්ය පහන් වන දිනටමයි.
මෙච්චරවෙලා අර දෙබස් ඇහුණෙ තමන්ගෙන්ම ඇතුලතින් බව දැනෙද්දි එල්සා පපුවට අත තියාගෙන එතනම බිම ඉදගත්තා.
--------------නිමි----------------
දුවට මවක මිස වෙන කවුරුද
සළු ලිහී නිරුවතින් රුක් ගොමුත් සිටියාට
හිම පොකුරු දෑත පා ලැජ්ජාව වැහුවාට
වටපිටේ සැරිසරන දූවිලුත් හූ සද්ද දැම්මාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
හිම පොකුරු දෑත පා ලැජ්ජාව වැහුවාට
වටපිටේ සැරිසරන දූවිලුත් හූ සද්ද දැම්මාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
අහස කැහැපොට ගහන් වැනි වැනී රැවුවාට
සුළඟ හකුලන් නහය වලාකුළු උදුරන් දිවුවාට
පොළව රිදවුම්, ඉඳිමුම්, පැළුම් සඟවගෙන සිටියාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
සුළඟ හකුලන් නහය වලාකුළු උදුරන් දිවුවාට
පොළව රිදවුම්, ඉඳිමුම්, පැළුම් සඟවගෙන සිටියාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
ඇන ඇනම රිද්දනා වෙරළකට වාරකන් තිබුණාට
පැන පැනම නටන රැල්ලක උස් හඬක් ඇසුණාට
සිප්පි, පොඩි බෙල්ලො, මින්රැලක් කරතියන් ආවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
වසන්තය ඒ තමයි විසිල් පාරක් අතීතයෙ තිබ්බාට
අනන්තය පෙනෙන පපු කුහරෙ ඇරඹුමක් නොදැක්කට
බමන්නට බඹරුනුත් සමනල්ලු පරදවා ගී සිංදු කියුවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම
වන්දනා නඩ පිටින් සංචාර පක්ෂියො එහෙ මෙහෙට පැන්නාට
සංසාර වංගුවේ තනි අතින් අතිපුඩිය ගසන්නට නොගියාට
විනය කර්මය බලන්නට සනුහරේ අලුයමම ඉණිවැටත් පැන්නාට
ලප පිරුණු සඳවතක පිරිමදියි තටු ලිහිණි අම්මා තවම

2017/10/28
Monday, October 23, 2017
මුහුදු දෙයියො මා ගත්තා
අම්බා කවි කිය කියා
අම්මේ මාදැල ඇදෙයි
හද්දා වැහි නොවැස්සාට
හිත පාරන තැන් පෙනේවි
තැනින් තැනට වෙට්ටු දමා
මාළු මාරුවෙන්න බලයි
හයියෙන් ඇදපන් කිය කිය
මුදලාලිගෙ හඩ ප්‍රබලයි
සුලං කෝඩ කැරකීලා
ගොඩබිමකට අඩගසනවා
පල්ලියෙ විහිදෙන එළියෙන්
පපුවෙ නිතර කුරුසෙ ඇදෙයි
පොලවෙ වැතිරිලා සැගවීගත්
මඩුවෙක් කකුලට හැපුවට
හූ තිය තිය බෑ අඩන්න
අම්මේ උඹ ළඟ නෑ පෙනෙන්න
මුහුදු යනව දැල් අදිනව
පාන් කකා වතුර බිබී
බීඩි කොටේ දුම් කැරැල්ල
හදවත් දුක කොටුකරන්නෙ
පපුවෙ මැද්දෙ උඹෙ එල්ලෙන
ඔය ලස්සන කුරුස කණුව
අම්මේ සිඹ සිඹ නිදිනැතිවම
වැල්ලේ උඹ කවි ලිවුවද
නෙතට උළෙලවල් අම්මේ
මේ සාගර වටපිටාව
හිතට අවුල වැඩි වැඩියෙන්
මාළු හිඟය නැති වරුවට
ජෙරුසෙලමට යන පාරේ
වෙහෙස නිවාගන්න අපිත්
කල්වාරිය කඳු මඳුනත
සිප එන සුළඟට බාරයි
ඉකිය වසා ගනිම් අම්මෙ
මුකාරි ගී හඬ නොනගන්
කරඳිය සුළඟට කැරකී
මුහුදු දෙයියො මා ගත්තා.
අම්මේ මාදැල ඇදෙයි
හද්දා වැහි නොවැස්සාට
හිත පාරන තැන් පෙනේවි
තැනින් තැනට වෙට්ටු දමා
මාළු මාරුවෙන්න බලයි
හයියෙන් ඇදපන් කිය කිය
මුදලාලිගෙ හඩ ප්‍රබලයි
සුලං කෝඩ කැරකීලා
ගොඩබිමකට අඩගසනවා
පල්ලියෙ විහිදෙන එළියෙන්
පපුවෙ නිතර කුරුසෙ ඇදෙයි
පොලවෙ වැතිරිලා සැගවීගත්
මඩුවෙක් කකුලට හැපුවට
හූ තිය තිය බෑ අඩන්න
අම්මේ උඹ ළඟ නෑ පෙනෙන්න
මුහුදු යනව දැල් අදිනව
පාන් කකා වතුර බිබී
බීඩි කොටේ දුම් කැරැල්ල
හදවත් දුක කොටුකරන්නෙ
පපුවෙ මැද්දෙ උඹෙ එල්ලෙන
ඔය ලස්සන කුරුස කණුව
අම්මේ සිඹ සිඹ නිදිනැතිවම
වැල්ලේ උඹ කවි ලිවුවද
නෙතට උළෙලවල් අම්මේ
මේ සාගර වටපිටාව
හිතට අවුල වැඩි වැඩියෙන්
මාළු හිඟය නැති වරුවට
ජෙරුසෙලමට යන පාරේ
වෙහෙස නිවාගන්න අපිත්
කල්වාරිය කඳු මඳුනත
සිප එන සුළඟට බාරයි
ඉකිය වසා ගනිම් අම්මෙ
මුකාරි ගී හඬ නොනගන්
කරඳිය සුළඟට කැරකී
මුහුදු දෙයියො මා ගත්තා.
Saturday, October 21, 2017
"විස්ඩම් " කෙටි කතාව.
=======================
"කෝ කෝ පරක්කුයි හාමිනේ "
" ආහ් මේ එනවා පොඩ්ඩක් ඉන්න "
" පොඩ්ඩක් ඉන්න කිය කියා දැන් කොච්චරද "
" මොකද අනේ හඳිස්සිය "
" හඳිස්සි කියන්නෙ කට්ටිය ගියහමද අපි යන්නෙ "
" සාදය ඉවරවෙන්නෙ රෑටනෙ "
" ඉතින් "
" ඉතින් ගාන්නෙ හැමෝම රෑ වෙනකම් ඉන්නවද ? "
" ආහ් මට තේරුණා.. මෙයාට අලුත් වංසක්කාරියො ටිකක් මඟ ඇරෙයි කියල. මතක කියාගන්නව මං නොකිවුවයි කියන්න එපා. ඔය එක එක සුනඛිගාව කූන් කූන් ගාල මට අහුවෙන්න එපා ...'
" ආහ් මට තේරුණා.. මෙයාට අලුත් වංසක්කාරියො ටිකක් මඟ ඇරෙයි කියල. මතක කියාගන්නව මං නොකිවුවයි කියන්න එපා. ඔය එක එක සුනඛිගාව කූන් කූන් ගාල මට අහුවෙන්න එපා ...'
" හරි හරි මං කීන් කීන් ගාන්නම්කො. දැන්වත් යමුද ? '
' මේ බලන්න මගෙ වලිගෙ අග මල හරියට ගැටගැහිල නැහැනෙ '
' මේ බලන්න මගෙ වලිගෙ අග මල හරියට ගැටගැහිල නැහැනෙ '
" ඔය වලිගෙ මලක් ගැටගැහුවට කවුරු බලන්නද ? වංසක්කාර සුනඛයොද ? "
" හපොයි මෙයාගෙ කට. යං ඩාලින් "
------------------------------------------------------------
" හපොයි මෙයාගෙ කට. යං ඩාලින් "
------------------------------------------------------------
වෙල්කම් සාදය නිව් ස්ට්‍රීට් ඇවනිව් එකේ හතරවෙනි ශාලාවෙ තිබුණෙ. පරම්පරාවට එකතුවෙච්ච අලුත් සාමාජිකයන්ගේ ඡායාරුප මුද්‍රණය කරල බැනර් දෙපස එල්ලලා තිබුණ නිසා අලුත් ස්වරූපයක් ගත්තා.
මම හෙන්රි ද විස්ඩම්. මගෙ පරම්පරාව තමයි ද එලෝන් පටුමගෙ භාරකාරයො. මගෙ බිරිඳ තමයි මිසිස් විස්ඩම්. අපට තවම දරුවො නැහැ. බිරිඳව කරකාර බැන්දෙ දැනට මාස අටකට කලින්. අපේ වර්ගය බුල් ඩෝග්. ඒත් ඒක මිශ්‍ර වෙච්ච දෙයක් තමා මගෙ බිරිඳට තියෙන්නෙ.
" කෝ කොහෙද ඉන්නෙ "
අල්ලපු මේසෙ හිතවතාගෙ තට්ටු කිරිල්ලෙන් මං ගැස්සුනා
" චියර් පාරක් දානවද "
ෂැම්පේන් වීදුරුව අතේ තියාගෙන ටයි එක අතින් හද හදා ඔහු කිවුවෙ.
මිසිස් විස්ඩම් මගෙ ඉදිරිපස පුටුවෙ. ඇය මස් අඩු කට්ටක් නියපොතු පරිස්සම්කරගෙන සූප්පු කර කර ඉන්නවා. ඊයෙ නේල් පොලිෂ් එකට ගිහින් රෑ ගෙදර වැඩත් නොකර ඉදිය හැටි මට මතක් වුනා.
" හාමිනේ.... ඔයත් ගන්නකො ෂැම්‍පේන් ග්ලාස් එක. "
කණේ කරාබුව වටේට හෙල්ලෙන්න ඔලුව උස්සල බලන ගමන්
" වේට් ඩාලින් "
" ඕකේ ඕකේ "
" සෝ සෝ මිස්ටර් විස්ඩම්... කොහොමද තොරතුරු "
ආයෙමත් අල්ලපු පුටුවෙ කෙනා
" නතින් ඉස්පෙෂල්. "
" නැද්ද අලුත් ආරංචි එහෙම "
එහෙම අහද්දි කට කණ දක්වා ගිය බව මම දැක්කා. ඒ නොකිය අහන්නෙ අපිට තාම දරුවො නැද්ද කියල. මගෙ වයිෆ් හයික්ලාස් ෆැමිලි එකක බව හැමෝම දන්නව. ඒ වංසක්කාර අහංකාරකම ඇගේ බාහිරිනුත් පේනවා. පේනව විතරක් නෙමෙයි පෙන්වනවා.
" අයෑම් රෙඩි ඩාලින් "
" එහෙනම් හැමෝටම චියර්ස්...."
" චියර්ස් ..චියර්ස්.. "
කිය කියා අහල පහල අය එක්කත් ශබ්ද නැගෙන්න ග්ලාස් හප්පගත්ත.
ඔය අතර හාමිනේ යට ඇසින් මං දිහා බැලුව ෂැම්පේන් උගුරක් තොලගාන්න හදන අතර. මට තේරුණා මොකක් හරි නුහුරක් බව
" වයි ඩාලින් "
" අනේ ඩාලින් මගෙ වලිගයෙ මල් පොකුර නොට් ෂුවර් වගේ "
" ආහ් ඒකද ? "
වයිෆ් එහෙම කියද්දි අල්ලපු මේසෙ කෙනාගෙ බිරිඳත් සමච්චලයට කට කොනින් හිනා වුනා
දැන් දැන් පරමාණු මිසයිල එක තැන හැප්පිලා පිපිරෙන්න යන බව මට පුරුදු ඉවට තේරුණා. ඒත් එක පාරටම
" මිස්ටර් විස්ඩම් කම් විත් අස් එන්ජෝයි "
ආයෙමත් අල්ලපු තැන කෙනාගෙ කටහඩ
එහෙට පනිනවද මෙහෙට පනිනවද හිතාගන්න බැහැ මට.
ගෑණිගෙ පස්සෙන් ගියොත් මගෙ පරම්පරාවම බිංදුවට දැම්ම කියල සාදය පුරා විතරක් නෙමෙයි සාදය ඉවරවෙලත් මාස ගානක් රැව් පිළිරැව් දෙයි.
එහෙම නොගියොත් සාදය කියල නොබල මගෙ ප්‍රිය බිරින්දෑ ගොරවගෙන මගෙ ඇගට පනින බවත් ඇත්ත.
ඔය අතර ;
" ගෑණියෙක් හදාගන්න ඕනි තමන්ට ඕනි විදිහට "
" ගෑණිට බයවෙලා ඉන්නෙ පොන්නයො "
" හරියට ගෑණි කන්න බොන්න අදින්න දෙනව වගේ "
" වංසෙ කබල්ගාන්න ගියහම ඔහොම තමයි "
" අපේ ගමේ එකියක් ඉදියෙම නැහැනෙ "
" දැන් ඉතින් ගලේ රීපු බළල වගේ තමයි "
එකපාරටම සීතල දෙයක් මුහුණට වදිනව වගේ දැනෙද්දි මං හයියෙන් බුහ් බුහ් ගාගෙන පුටුවෙනුත් නැගිට්ටුනා. බලද්දි අල්ලපු මේසෙ කෙනා අයිස් වතුර ටිකක් ඉහල. මගෙ ඇගේ ලේ රත්වුනේ මගෙ ගැණි අතේ තිබ්බ එකෙන් දමල ගැහුව කියල .
-------------------------------------------------------------
සංගීත සාදයට එක එක වර්ගයෙ සුනඛ රංචු රංචු නටන්න ගත්තා. අලුතින් සාමාජික වෙච්ච නාඹර සුනඛියක් මා වටා කැරකෙනවා කියල මට දැනුනා. ඒත් මගෙ ඇස් හෙව්වෙ බිරින්දෑ කොහෙද කියල. ඇය තාලෙට හිස පද්දමින් නර්තනයක.
මමත් හෙමින් හෙමින් ඉව අල්ල අල්ල කිට්ටු කලා. ඇයත් හීන් කෙඳිරියක් නගමින් නැට්ට වන වනා බිම හෑරුවා.
මම ආයෙමත් මගෙ බිරිඳ දිහා බැලුවා. ඇස දෑසද අඬවන්ව නර්තනයට සමවැඳිලා
කසාදයක් බැන්දට මගෙ පිරිමි හිත පත්තුවෙලා රත්වෙලා නලියන්න ගත්තා. හැමදාම එකම හොඳි කනව වගේ මට මාස ගානක ඉදන් වෙන රහ ලැබුණෙම නැහැ. ඉස්සර නම් රැලේ රජා වගේ හැම එකියක්ගෙම දුක සැප බැලුවා. හිතේ ඇතිවුන නොහිතපු සොවත් එක්ක මම නාඹුර සුනඛිට වල්ගෙන් තට්ටුවක් දැම්මා
" අනේ මෙයා "
කියල ඒකි ඇඹරෙන්න ගත්තා.
මෙච්චර වෙලා මට පැණි හල හල ඉඳල දැන් ඒකි බබාවෙන්න හදනවද ? ඒ සිතුවිල්ලෙන්ම ආයෙත් මිසිස් විස්ඩම් දිහා බැලුනා. ඇය නර්තනයට දැහැන්ගතවෙලා. පිරිමි පෞරුෂය හිතට අරගෙන මම අර සුනඛි වටේ හිනාවෙවි කැරකුණා.
මේකි නැට්ට මගෙ මූණෙ උලාගෙන ටිකක් එහාට ගියා.
"යකූ අලුත් බඩුවල ගණන් " කියල නොසංඩාල මගෙ හිතට නාව කියන්න බැහැ.
මේකිගෙ කැරකිල්ලට රහ බලන්න හිතුණට හැමදාම රැකගත්ත මිස්ටර් විස්ඩම් පරම්පරා අභිමානය මගෙ හිතට ආව. ඒ ක්ෂණයෙන් මං බිරිඳ ඉන්න තැනට ගිහින් ඇයත් එක්ක නර්තනයට එකතු වුනා.
-------------------------------------------------------
විනාඩි දහයක් පහලොවක් ඔහොම යද්දි සංගීත කණ්ඩායමේ සද්දය පරයා ඝෝෂාවක හඩක් ඇහෙන්න ගත්තා. බිරිඳයි මායි එකපාරට ඒ සද්ද එන පැත්ත බලද්දි
සාදයට ඇවිත් හිටපු ගැහැණු ටිකක් අර සුනඛිට වටකරගෙන ගහනවා. මම මොනවත්ම සිද්ද නොවන වගේ
" මොකක් හරි කලබලයක් වගේ නේද ස්විටි " කියල බිරිඳගෙ අත අල්ල ගත්තා
" ගෑණු කෙහෙවලු පටලවගෙන මචං " අල්ලපු මේසෙ ඉඳපු එකා මගෙ පිටට තට්ටුවක් දැම්මා.
ඒ තට්ටුවට මම ඒ පැත්ත බලද්දි
අර ගෑණුන්ගෙන් ගුටි වරුසාවට මැදිවෙලා හිටිය සුනඛි දුවගෙන ඇවිත් මගෙ බෙල්ල බදාගෙන
" මයි ස්විට් හාර්ට් මාව බේරගන්නකො "
කියල එල්ලුනා
මිසිස් විස්ඩම් ඇස් ලොකු කරගෙන දත් විරිත්තාගෙන වල්ගෙ පුප්පගෙන මගෙ ඇඟට පනිනව විතරයි මට මතක.
-----------------------නිමි ---------------------
#දිනිති 2017/10/20

Friday, October 13, 2017
ඇරඹුම - අවසන
අතපය කකුල් එක විලසට කෙඳිරිල්ල ඇසේ
අසරණ සිතින් නෙත් යුග අද නැටුමකම විසේ
යන එන සුළං ඇයි මොකදැයි දැන් රංචු ගැසේ
පද ලිය ලියා ගිය ලියකගෙ හද දොරටු වැසේ
සඳරැස් බොන්න ආ තරුවැල් මුකුළු කතා
ආගිය කතා කී තුරුලිය නින්ද පතා
කවුළුව අසල තනිකම කෙහෙරැළිත් ගොතා
තරඟෙට තනයි යුවතිය හිනැහේය සිතා
ආගිය කතා කී තුරුලිය නින්ද පතා
කවුළුව අසල තනිකම කෙහෙරැළිත් ගොතා
තරඟෙට තනයි යුවතිය හිනැහේය සිතා
ගිලිහුණ පසුව වැහි බිංදුව සෙනෙහසක් සොයා
වැරදුණ තැනක් ගැන නොබලයි යළි දෙනෙත් අයා
පැරදුන පසුව හදබිත නොපතයි කිසිම දයා
ඇරඹුණ තැනම ඇත මලකට අවසනත් ලියා
වැරදුණ තැනක් ගැන නොබලයි යළි දෙනෙත් අයා
පැරදුන පසුව හදබිත නොපතයි කිසිම දයා
ඇරඹුණ තැනම ඇත මලකට අවසනත් ලියා
#දිනිති 2017/ 10/ 13
Friday, August 11, 2017
මගේ අම්මා බිමින් තියපන්
කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ
හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.
#දිනිති 2017/08/11
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ
හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.
#දිනිති 2017/08/11
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...