Wednesday, July 18, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 10

           ඉතිං සති කිහිපයක් ගෙවී ගියේය. මට දෙව්මිට කතා කරන්නට සිතුණි. දෙව්මිට කතා කරන්නට සිතුවේ ඇගෙන් සිහිනයියා ගැන දැන ගැනිම මගේ අරමුණ විය.

හලෝ....කියමින් දුරකථනයට සම්බන්ධ වූයේ දෙව්මිය. මොහොතකට සියල්ල අමතක වූවා සේ මට දැනුනි‍.

හලෝ.....කවුද කතා කරන්නෙ...? 
               නැවතත් දෙව්මි ඇසිය..

දෙව්මි...මං...

ආනේ...රන්මුතු මොකද වුනේ මං ගෙදරටවත් කෝල් කලේ නැත්තෙ ඔහේ තත්වය මොන විදිහද කියලා හිතා ගන්න බැරි හින්දා...

මන්දන්නැ... දෙව්මි...

ඇයි රන්මුතු...?

මා සියල්ල දෙව්මි හා දෙඩුවේය. කියා අවසන් වන විට මා හොදටම අඩමින් උන්නෙමි.
 
ක හොදයි රන්මුතු...

ඇයි එහෙම කියන්නෙ...

සිහින අයියා කතා කලා. ඔයාට සතුටින් ඉන්න කිවුවා. ඇරත් සිහින  වගේ කෙනෙක් ඔයාලගෙ පවුලට ගැලපෙන් නැති බව දැන්වත් තේරුං ගන්න රන්මුතු.... 
              
                     කියා පසුව කතා කරන්නම් කියා දෙව්මි දුරකථනය විසන්ධි කලේය.

                       ජීවිතය ඉතිං තව මොනවා මගෙන් ඉල්ලාවිදැයි මා දන්නේ නැත. මට තේරුම් ගන්නට බැරි වුවද කොයිතරම් හඩ වැටුනද සිහිනයියා මගෙන් ඈත්වී ගිය බවක් මට දැනේ. එහෙත් මගේ අවසන් සුසුමෙත් තැවරි ඇත්තේ සිහිනයියාට ඇති ආදරය පමණය. සිහිනයියා නොදකින මහිත පාළු සොහොනක් මෙනි. ඒත් ඔබ කොහේදැයි මා දන්නේ නැත.
 
                        මට සතුටින් ඉන්නට කියා ඔබ ගොස්ය. සිහිනයියේ ඔබ ළග ඇර වෙන කොහේවත් මගේ සතුට නැති බව ඔබ නොදන්නවා වාගේ ගියේ ඇයි කියා මට අසන්නට බැරිවිය. අප්පච්චිට හිත හදා ගන්නම් කීවද සිහිනයියා අමතක කර හිත හදා ගන්නේ කෙසේද...?

                    මා පපුව අල්ලා හොදටම හඩමි. බිම පෙරළි පෙරළී හැඩුවද මගේ හැඩුම ඇසෙන මානයේ කවුරුත් නැත. වැලහින්නක වාගේ හඩා වැටුනද දුක අඩුවූයේ නැත. ෆැක්ට්‍රි යාමද මට තහනම් කටයුත්තක්ය. මම මගේ හදවත අතගා බැළීය. ඔබට බොහෝ පෙම් කරන බව පමණක් හදවත දනිමි. මා ඔබ කිසිදිනක අමතක කරන්නේ නැත. එමෙන්ම මට ඔබව අමතක වන්නේද නැත. මේ ප්‍රේමයේ තරම කිසිවෙකුට තේරෙන්නේ නැත.

                   දින සතිවී මාස හයක් පමණ ගෙවුණේය. නිවසේ සියළු දේ වෙනදා වාගේ සිදුවූයේය. මේ කාලය පුරාවට මැණිකෙ නැන්දා අපේ ගෙදරට නාවේය. මා කිසිවෙකුන් ඒ ගැන අසන්නටද නොගියේය. සිහිනයියා හිනයක්වීම ගියේය. ඒත් සිහිනයියා හොදින් බව දෙවෙනි අයියා මා හා කිවේය. එය ඇසීමද මට සතුටක් විය. සිහිනයියා දැක ගැනීමේ අමුතු අශාවක් මට ඇතිවිය. ඒත් එයට මට ඉඩකඩ ඇහිරී ඇත. ගෙවුණු හැම දිනයකම කාටත් රහසින් මා හඩා වැටුණි. අඩුම තරමින් ෆැක්ට්‍රියටවත් යන්නට දුන්නා නම් දුකක් නැත.  අප්පච්චි අයියලා හිතන්නේ මා හිත හදාගෙන කියාය. මා මියෙන තුරු මේ හිත හදන්නට බැරිබව ඔවුන් නොදන්නවා ඇත. සිහිනයියාටද මා සේම හිත හදා ගන්නට බැරිව ඇත.

            එදා ඉරිදාවක් විය. අප්පච්චි උදේම මගේ කාමරයට ආවේය. අප්පච්චි අත පාර්සලයක්ද විය.

මගෙ මැණික කොහොමද....? 
                       කියා මා නළලත සිප ගත්තේය.
 
පුතේ අද සේනාධීර අන්කල් එනවා...එයා හොද තැනකින් ඔයාට යෝජනාවක් ගෙනත් තිබුණා...ඉතිං අද ඒ අය එනවා ඔයාව බලන්න...

මා අභියස හෙනයක් පිපිරුවා සේ දෙකකුළ පණ නැතිවී ගියේය. එහෙමම ඇදමත ඉදගත් මා අප්පච්චි දෙස බැලිය..

ඔව් පුතේ ඒ ළමයා හරි හොදයි. අද ඒ අය එනකොට අදින්න මං සාරියක් ගෙනාවා....

               සිහිනයියා වැනි හොද අය සිටියදි කපුවන් දමා නොදන්නා මිනිසුන් හොදයැයි තේරුවේ කෙසේදැයි...අප්පච්චිගෙන් අහන්න මට සිත් විය. ඒත් එසේ කියා අප්පච්චිගේ හිත රිදවීමට නොහැකි නිසා මම නිහඩව උන්නෙමි.
 
                         එදා උදයේ සිටම කුස්සියේ කෑම පිළියෙප වන බව මට සුවදින් දැණිනි. අනෙක් මෙහෙකරුවන්ද කඩිමුඩියේ වත්ත පිටිය ගේදොර අස්පස් කරන්නේය. දහවල් එකොලහ වන විට අමුත්තන් අපේ ගෙදරට ආ බව මා වාහන සද්දයෙන් හදුනා ගත්තෙමි. ඇද උඩ දමා තිබුණ සාරිය දෙස හිස් බැල්මෙන් බලා උන්නා මිස මහිත කිසි අරමුණක් නොවීය. අතරතුර ලොකු නැන්දා කාමරයට හිස දමා

කෝ....රෝසමල තාම ලැහැස්ති නැද්ද....? 
             කියා ඇසුවේය. කිසිවක් නොදෙඩූ මා දෙස බලමින් ලොකු නැන්දා

 එන්න මං අන්දන්න....
              කියමින් මට සාරිය ඇන්දවූවේය. කණ්නාඩිය තුළින් දුටු රුවට මේ මමදැයි විශ්වාස කළ නොහැකි තරමට මා හැඩට වුන්නි. අනෙක් ඇදුම්වලට වඩා සාරියට  පිරිපුන් බවක් මා සිරුරින් දිස්විය.

රෝසමලට ඇස්වහක් වදින්නෙපා...

        කියමින් ලොකු නැන්දා මා කොපුලතක් සිප ගත්තේය. අප්පච්චි පැමිණ මා අතින් අල්වාගෙන විසිත්ත කාමරයට යෑමට පඩිපෙළ බැස්සේය. ඒ අතර තුර 

පුතා සතුටින් නේද...?

           කියා අප්පච්චි විමසු විට කිසිවක් නොපවසා හිසින් මම ඔව් යැයි කීවෙමි. සිහිනයියා ගියදා සිට මට සතුට කොහින්දැයි අප්පච්චිගෙන් අසන්නට බැරිය. පුතාගෙ සතුට මගෙත් සතුට යැයි කිවූ අප්පච්චි අද මා සතුටින් දැයි අසයි.

මේ මගෙ මැණික....

         කියමින් අප්පච්චි වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකුද ඒ හා සම වයසේ පිරිමියෙකු හා හොදින් හැද පැළද සිටි පිරිමි ළමයෙකු ඉදිරිපිටදි කීවේය.

 —යමු ගිහින් කතා කරන්න.....
               කියමින් ලොකු නැන්දා අත තිබුණ බුලත් හෙප්පුව මා අතට දුන් අප්පච්චි අර පිරිමි ළමයා ළග නැවතිනි.

මේ විශ්ව...

       කියා අර පිරිමි ළමයාව හදුන්වා දුනි. හිසවත් නොඋස්සවා මා ඒ ළමයාට බුලත් හෙප්පුව දික්කර දී ලොකු අයියාට තුරුල් වුනෙමි.ඒ උණුසුම මට රැකවරනයක් විය.

දහවල් කෑම වෙලාවෙන් පස්සෙ ඒ දෙන්නට කතා කර ගන්න ඉඩ දෙමුයි....

     කියමින් අප්පච්චිලා වෙන කතාවක පැටලිය. ඒ වැඩියමක් ව්‍යාපාර ලෝකය ගැනය.

යමු නංගි එළියට....

                කියා විශ්ව මට කතා කලේය. අකමැත්තෙන් වුවද ඔහු සමග මාද මිදුලට බැස්සේය.

     මං කැමතියි ඔයත් එක්ක කතා කරලා විස්තර ටිකක් දැන ගන්න...

                           විශ්ව කියයි. කිසිවක් නෑසුනු ලෙසම මා බිම බලාගෙන හිදියෙමි.
 
මං ඔයාට සදකිරණි කියන්නම්....

                           එසේ කියන විට මම දෑස ඔසවා ඔහු දෙස බැලීය. විශේෂත්වයක් නොදුටුවද ඒ මුහුණ තුළ යම් පැහැදිලි කමක් මා දුටුවේය. එය කෙසේදැයි කියන්නට මා නොදත්තේය. සිහිනයියා ගැන කියන්නට සිතුනද මේ ආගන්තුක පිරිමියා මා හදුනාගෙන තවම පැය කිහිපයකි. එවෙනි අයෙකු ළග මගේ හිත දිග අරින්නේ ඇයිදැයි කියා මා හිතත් සමග තර්ක කලේය.

ඔයා මාත් එක්ක කතා කරන් නැත්තෙ මට අකමැතිද...?

    යලිත් විශ්ව කියවයි. ඔහුට කියන්නට තරම් අකමැත්තක් පෙනුමේ නැත. නමුත් එක හිත දෙදෙනෙකු ළග නතර කරන්නට බැහැයි කියන්නට මට බැරිය. මගේ හිතේ අස්සක් මුල්ලක් නෑරම හිදියේ හිදින්නේ සිහිනයියාය. ඇගේ හැම ලේ බිදුවකම කැලතී තිඛෙන්නේ සිහිනයියාට ඇති ආදරයයි.

ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ගැන තියනවනම් මට කියන්න සදකිරණි....

        විශ්ව එසේ කියනවාත් සමග මම ඇස් උස්සා හොදට ඔහු දෙස බැලීය. විශ්ව හොද අයෙකු යැයි මට සිතුණි. එහෙත් මගේ ප්‍රේමය ගැන ඔහුට කියා මා ඔහුගෙන් සිහිනයියාව ඉල්ලන්නේ කෙසේද...? මගේ හීනය මුදුන් පත් කර ගන්නට නොව අප්පච්චිගේ හීනය කඩා ඉහිරවා දාන්නට බැරි කමකින් මම පසුතැවුනෙමි.

කමක් නෑ ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති නම් අපි වෙන දවසක කතා කරමු. යං ඇතුළට...

                 කියා ඔහු ඉස්සර විය. මා ඔහු පසුපසින් නිවසට ඇතුළු වනවිට 

දෙන්නත් එක්ක කතා කලාදැයි...

     විශ්වගේ මව ඇසීය. අසල ලොකු නැන්දාද රැදී හිදියේය.

ඔව් සදකිරණි හරි හොදයි....

           කියා විශ්ව කීවේය. මට ඔහු ගැන පුදුම සිතිණි. මා ඔහු සමග වචනයක්වත් දෙඩුවේ නැත.  එහෙත් ඔහු එසේ කීවේ ඇයි දැයි සිතමින් මා මගේ කාමරයට යන්නට පඩිපෙළ නැග්ගෙමි.

  
නෙතු පියා බැලුවෙමි
 හිත වසා හිදියෙමි
 මුව පියා ගත්තෙමි
 ඒත් ඔබ මා අසලමයි...

 එන්න එපා කීවත් ඔබහට
 හුළග වගේ ඔබ දැවටෙයි.....
 ලංවෙන්න එපා කීවත් මා
 සුවද වගේ ඔබ හමා ගලයි....

 හදවත අතගා බැලුවත් මා
 ඔබ හැමතැන සක්මන් කරතී....
 ඒ පිය සටහන් මහිත උඩින් ගෙන
 පිටවෙන්නට යැයි කියනු බැරී....



Saturday, July 14, 2012

*** බුදු වන තෙක් ඔබ මවු වෙන්න ***

මුළු නිවස පුරා තිබුණ එලිය
ලාම්පුතෙල් කුප්පියේ...
කිරි වවුල් පැටිය ඇවිදින් හැපුනේ
තව ගිනිකූරක් කොහොමද
වැය කරන්නෙ අම්මේ....
ඔබ කඩන කඩන ගල් කැටයෙන්
අපි එළි දුටුවේ.....අපි එළි දුටුවේ.....

මහ මෝසම් වැසි ඇවිදින් වෙළේ වතුර පිට ගිය දවසේ
ඒ තනන්න ගිය අප්පච්චී නොඑන්න ගිය හැන්දෑවේ
ගැලු කඳුළු අපේ නෙතේ පිසින්න ඔබ වෙර ගත්තේ
මතු මතුත් ඉතින් ඔය දෑතට සවි බල ලැබෙනව අම්මේ.....

රන් පියුම් පිපෙන හදවත් අඹරේ
සිල් ගත්ත වදන් සවනත මිහිරේ....
පින් පුරමු ඉතින් සැම අත් බවයේ...
මවුන් වෙන්න බුදු‍වෙන තෙක් සසරේ....

2012/07/14
දිනිති





බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න

Friday, July 13, 2012

Saturday, July 7, 2012

....තාත්තා...

ජීවිතේ බර චක්‍කරයකින්
පොතට
එකතු කර කර ඇවිදින්නේය
අඩු කිරීම් කිසිත් නැති
ඉඳහිටක බෙදීම් ඇති
හැමදාම එකතු කිරීම් ළග
සමීකරණ විසදන්නේය....

බොහොමත් දවසට
සියයට ගණනින්
පොලිය ලැබෙන්නේය...

එහෙත් තාත්තා චක්කරය
කඩපාඩම් නොකලත්
හැමදාම ඉලක්කම් දමන්නේය.

මකනයට ඉඩක් නොතියයි.
තනි ඉරකින්ද නොකපයි.
හැකිනම් චතුරස්‍රයක
ත්‍රිකෝණයක දා සුරකියි...

අංශක සමබර කරන්නට
උපරිමව වෙහෙසෙයි.
සමපාද නොවුන හොත් තාත්තා
කනස්සලු සිත් ගන්නේ
සමාන ලකුණටම පෙම් බඳින හන්දාය.

අවසානයේ බැරම පමණක්
දරපු තාත්තා
හර පැත්ත ශූන්‍යව ගියද
ජීවිතේ චක්කර පොත වසා නොදමයි.

සියල්ලන්ටම බෙදීම් ලකුණෙන් බෙදා
තනි ඉරකින් අත්සන ගසා
මහ පොළව යට සැගවෙන්න
ඇගිලි එකතු කරන්නේ
තවත් සමීකරණ ගැටලු විසදමින්
අයකිරීම් කිසිත් නැතුවමය.




බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න

Friday, July 6, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 09


          ඉතිං මා සතියේ දවස් පහක් ෆැක්ට්‍රියට යන්නෙහිය. එය නිමවීමට පැයකට කලින් කෙසේ හෝ මා සමග පාරට එන දෙව්මි මට සිහිනයියා මුණ ගැසිමට උදවු වෙයි. අප්පච්චීට ඇය කියා තිබුනේ හැමදාම හවස ඇයටත් මටත් පරිගණක පන්තියක් ඇති බැවින් කලින් යන බවය. ඇය ඒසේ කියා තිබුණ නිසාම මටත් නිකන්ම අවසර ලැබී තිබුණි. මහමඟ කොතනක හිද හෝ දොඩමළු වන අපි පන්තිය නිමවන වේලාවට ඒ අසලට එයි.
 
මේක නම් එච්චර හොද සෙල්ලමක් නොවෙයි රන්මුතු....යැයි කිහිප විටක්ම දෙව්මි කීවේය. 

එච්චර හිතට ගන්නෙපා....මම කීවෙමි.

හෙට මගෙ උපන්දිනේ...සිහිනයියා මා මුණ ගැසුණු විට කීවේය.

මං දන්නවා....

මොනාද...?

හෙට ඔයාගෙ උපන්දිනේ කියලා....

ඉතිං...

ඉතිං නෙමේ අයියෙ...හෙට අපි පන්සල් යමු...

ඔයාට එහෙම ගමනක් යන්න එන්න බැහැනෙ රෝසමල...

නෑ මං එන්නම්.

            සිහිනයියාගේ ඇස් දිලිසෙනවා මා දුටුවෙමි. මෙවෙනි ගමනක් මට යාමට ලැඛෙන්නේ නැත. එහෙත් හෙට ෆැක්ට්‍රියට යන්නේ නැතැයි මම සිතා ගත්තෙමි.
 
              උදෑසනින්ම පිබිදුනු මා සුදු දිග සාය හැද එයටම ගැලපෙන ටීෂර්ටයකින් සැරසුනෙමි. වෙනදා වාගේම ෆැක්ට්‍රියට යන බව අගවමින් මම පඩිපෙල බැස්සෙමි. සාලයේ සිටි අප්පච්චි  දැක මසිත බිය විය. හිතට හොරා මා කරන්නේ වැරැද්දක් බව දැනුනද මට සිහිනයියා මතකයට ආවේය. අද අප්පචීව මඟ ඇරියොත්..ලොකු අයියා එක්ක මා ෆැක්ට්‍රියට යා යුතුය. මේ දෙදෙනාවම මඟ හැර දෙවෙනිගෙ කාරයට නැග ගන්නට මා සිතා ගත්තේය. කොහොම වුනත් මට ටිකක් හිතවත් දෙවෙනි අයියාය.

මගෙ මැණික ලස්සනයි කියා අප්පච්චි මගෙ නළල සිප ගත්තේය.  
 මගේ හදවත කඩා වැටුනේ මා රවටන්නේ මේසා ආදරය කරන පියෙක්ව බව හැගීමෙන්ය.

යන්නම් අප්පච්චි කියමින් මා දෙවෙනි අයියාගේ වාහනයට ගොඩ විය. දෙවෙනි අයියා 

...මේ මොකද මේ....මට කැම්පස් යන්නත් පරක්කු වෙලා තියෙද්දි...

....හරි හලෝ මාව ෆැක්ට්‍රියට හැරෙන තැනින් දානව...දෙව්මි එතන ඉදන් යන්නම්.....

...ඇයි අප්පච්චි ලොකු අද යන්නෙ නැද්ද......

යනව යනව...මම මේ දුවන්නෙ දෙව්මිගෙ පුංචි අම්මා හොස්පිටල් එකේ නවත්තල...

ෆැක්ට්‍රියට යන්න කලින් බලන්න....

කොහේ තිබී ගණදෙවි නුවණ ආවාදැයි මම ම දන්නේ නැත...මේ මාමද......

පුදුමයකි...දෙවෙනි ෆැක්ට්‍රිය ආසන්නයෙන් මා බස්සවා ගියේය. ඒ වන විටද සිහිනයියා පෙනෙන මානයකට පැමිණ නොසිටියෙහිය. විනාඩි කිහිපයක් ගතවෙත්ම සිහිනයියා මෝටර් සයිකලයකින් පැමිණ මා ඉදිරිපිට නතර විය. හෙල්මටය ගලවා අතට ගෙන සිහිනයියා සුන්දරව සිනහාසුනි.  තිගැස්සුනු සිතින් හිදි මට සිනහාසෙන්නට අමතක වුණි.
 
ඇයි නංගි බයවෙලා වගේ...සිහිනයියා ආදරයෙන් විමසුවේය.
 
බයවෙන් නැද්ද අයියා....ඔයා බයික් එකකින් එයි කියලා මං හිතුවෙ නෑ...

මා කතාකල අයුරට සිහිනයියාගේ මුවරැදි සිනහව අතුරුදන් විය. බලාපොරොත්තු කඩවුණු කටහඩකින් කටහඩ අවදි කල සිහිනයියා

ඔයාව කාර් එකක ගෙනියන්න තරමෙ වත්කමක් මට නෑ නංගි.....මේ බයිසිකලෙත් මගෙ නෙමේ....යාළුවෙක්ගෙ....ඒ මුහුණ මත ඇදුන අසරණ බවට මගේ හදවත පිච්චෙන්නා බවක් දැනුනි.

මං එහෙම දෙයක් හිතලා කිවුවා නොමයි අයියෙ....මට බයයි බයික් එකේ යන්න ඒකයි....මං කවදාවත් මෙහෙම ගිහින් නෑ.....හෙල්මට් එක දාන්නවත් දන්නෙ නෑ....දුක්බර හඩකින් මා මුවින් පිටවිය.

බයවෙන්න එපා නංගි මම ඔයාව මලක් වගේ පරිස්සමට එක්ක යන්නම්... කියා සිහිනයියා මා හිසට හෙල්මටය දමා ගාංචුව දැමුවෙහිය. නුහුරට සිහිනයියාගේ උරහිස අල්ලා බයසිකලයට නැගිමට සැරසුනු මා දැක දෙව්මි බකස් ගා හිනා විය. ඒකි කොහේ සිටන් මෙතනට කඩා පාත්වුනාද මන්දා...
 
එන්න එපා හිනාවෙන්න.....කියා මාසිහිනයියාගෙ බදවටා සුරත යවා ඒ සිරුරට තුරුල් විය.

හිනාවෙන්න නෙමෙයි මට වෙන්නෙ අඬන්න....දැන් උඹ මොකක්ද රන්මුතු ගෙදරට කිවුවෙ.....

දෙවිමි එසේ අසන විට මට දෙවෙනිට කිවුව බොරුව මතක් වුනේ. මම ඇයට එය කියා අවසන් වන විටම ඇය කීවේ...

දැන් ඉතින් යසට ඉදිය පුංචි අම්මව ලෙඩ කලා මදිවට...මේකි එනකම් කාපන්කො කටු......
 
දෙවිමි එසේ කියමින් කම්මුලේ අත ගසා ගත්තේය...මට තවත් සිනහ නැගී සිහින අයියාව බදා ගත්තෙහිය.

මා සමග පැමිණි සිහිනයියා කැළණිය පූජා භුමිය අසල මොටර් සියිකලය නතර කලේය.

දැං නැග්ග ව්දිහටම මාව අල්ලන් හෙමින් සැරේ බහින්නකො... 

           එසේ කියමින් සිහිනයියා මට බැසීමට උදවු විය. අනතුරුව හිසරැදි හෙල්මටය ගලවා එයද බයිසිකලය උඩ රැදවීය. ඉන්පසු මාතින් අල්ලා ගත් සිහිනයියා අසල කඩයකින් නෙළුම් මල් හදුන්කුරු පොල්තෙල් ආදිය මිළට ගෙන විහාරය දෙසට පිය එසවීය.

                පිළිවෙලට මල් පහන් පුදා බෝමළුවෙහි කොනක හිදගෙන අපි ගාථා කියුවෙමු..අනතුරුව බොහෝ දේ ගැන කතා කරමින් පසුව පැය දෙකක්ට අසාන්න වේලාවකදී දෙව්මිගේ ගෙදරට පැමිණියේය. අප දැක ඉදිරියට දුව ආ දෙව්මි තැති ගත් දෑසින් යුතුව 

හරි වැඩේ රන්මුතු වුනේ....

ඇයි....? මා කුතුහලය මුසුව ඇසුවේය...

ඔයාව එක්ක යන්න අප්පච්චි ආවා....

නෑ...

නෑ නෙමෙයි ඔව්....අද එයා දෙවෙනි එක්ක ආවෙ..මාත් එක්ක හොස්පිටල් යනව කිවුව කියල..පරක්කු නිසා මෙහෙ ආව..

ඉතින්?

ඒ ගමන මම කිවුව ඔයාව පුංචි ගාව තියල මම ඇදුම් ටිකක් ගෙනියන්න ආව කියල....

මෙන්න ඒ ගමන
 ඇයි දුව මට බොරු කරන්නෙ කියලා...

ඊට පස්සෙ....

ඔයාගෙ අප්පච්චි දැකලා තියෙනවා ඔයා කැළණි පන්සල ඉස්සරහා පාර පනිනවා...සිහිනයියවත් අදුරගෙන...ඒත් අප්පච්චිට විශ්වාස නැති හිංදා එහෙමම හොස්පිටල් එකටත් ගිහින් මෙහෙ ඇවිත් තියෙන්නෙ....

දෙවියනේ...කියමින් මා දෙව්මි වැළදගෙන හැඩුවෙමි. ඒ අතර තුර සිහිනයියා 

දැන් මොකද නංගි කරන්නෙ.....? කියා දෙව්මිගෙන් ඇසුවේය. දෙව්මිට කලින් මා ඉස්සර විය

මං එනවා අයියා ඔයා එක්ක ඔයාගෙ ගෙදර යන්න...

එහෙම කරන්නඑපා රෝසමල....අපි බලමු අප්පච්චි මොකද කරන්නෙ කියලා....

මට ඔයාව නැති කර ගන්න බෑ අයියා....

මං හින්දා ගෙදර අය නැති කර ගන්න එපා නංගි....එසේ කියා සිහිනයියා පිට අත්ලෙන් ඇස් දෙක පිස දමනවා මා දුටුවෙමි.

අප්පච්චි ආයිත් මාව ෆැක්ට්‍රි එකට එවන්නැති වෙයි. මම කීවෙමි. සිහිනයියා කිසිවක් කීවේ නැත.

එන හැමදේකටම අපිට මුහුණ දෙන්න වෙනවා නංගි....

කියන තරමට ඒක ලේසි නැති බව මා දන්නෙහිය.  සිහිනයියාගෙන් දුරස් වීමට මට කෙසේවත් හිත හදා ගන්නට බැරිය.

මං මගෙ ජීවිතෙන් ඉල්ලන්නෙ ඔයාව විතරයි නංගි... එසේ කියා සිහිනයියා යන්න ගියේය. ඊට විනාඩි කිහිපයකට පසු දෙවෙනි අයියා මා රැගෙන යාමට පැමිණියේය.
 
කිසි කතා බහකින් තොරව කාරයට නැග ගත් මා දෙස බැලු දෙවෙනි අයියා

ඇයි රෝසමල දැන දැන ගින්දරට පැන්නෙ....? මහිත තිගැස්සුනා පමණක් නොව නැවත කදුළු අලුත් විය. දෙවෙනි අයියා එක අතකින් මහිස පිරිමදිමින්...

සිහින නරක කෙනෙක් නෙමේ...ඒත්...ඔයා දන්නවා නේද එයාගෙ පවුල් පරිසරය...ඒ මදිවට එයා අපේ ගෙදර වැඩකරන කෙනෙක්ගෙ පුතෙක්...

මං සිහිනයියට ආදරෙයි....එයා නැතුව මට ජීවත් වෙන්න බෑ දෙවෙනි අයියෙ...ඒ මගෙ ජීවිතේ...

කිසිවක් නොදෙඩූ දෙවෙනි අයියා
 දැන් ඉතිං හිත හදාගන්න යැයි අගවමින් සුසුමක් හෙළීය.

              නිවසට යනවිට අප්පච්චිගේ වාහනයද ගරාජය තුළ විය. එහෙයින් වෙනදා නැති බියක් මා තුළ ඇතිවිය. කාරයෙන් බැස ගත්තද නිවසට ඇතුළුවීමට මගේ දෙපා පණ නැතිවිය. අසරණ වූ දෑසින් මා දෙවෙනි අයියා දෙස බැලීය.....

 ඔහු එක අතකින් මා අල්ලා නිවසට ඇතුළු විය. අප්පච්චි පේන්නට නොසිටියේය. අඩියට දෙකට මම මගේ කාමරයට රිංගා ගත්තෙමි. කාමරයේ දොර වසා දමනවාත් සමගම මට හයියෙන් හැඩුණී. ඇතිවෙන තුරු ඇදටවී මම හැඩුවෙමි. වෙනදාට මගේ කාමරයට එන මැණිකෙ නැන්දාද නාවේය. සමහරවිට අප්පච්චි මැණිකෙ නැන්දාට බැණ වැදුනාද දන්නේ නැත. එහෙත් අප්පච්චි එවෙනි අයෙකු නොවන බව මා දනිමි. ලොකු අයියාද චූටි අයියාද මා සොයා නාවේය. දැං ඉතිං කුමක් වේවිද...?මා දන්නේ නැත. මට මේ දුක දරාගන්නට බැරිය. රැය එළිවෙන තුරු හැඩුවේය. එහෙත් දුක තුනී වූයේ නැත.

රෝසමල දන්නවද...?අප්පච්චි ඊයෙ රෑ එළිවෙනකම් නිදි නෑ.... 

එසේ කියමින් උදෑසන දෙවෙනි අයියා මගේ කාමරයට ආවේය.

ඇයි ඒ ඇයි කියා අසන්නාක් මෙන් හඩා හෙම්බත්වී සිටි මා දෙවෙනිගේ මුහුණ දෙස බැලීය.

අප්පච්චි රෑ එළිවෙනකම්ම ඇඩුවා...මට මතකයි නංගි ඔයා ඉපදුනේ අම්මා මැරුනෙ එකටමයි. එදා ඉදන් අප්පච්චි අපි පස්දෙනාව ලොකු කලේ තනියම. තව කසාදයක් කර ගන්න අප්පච්චිට ඕන තරමි ඉඩකඩ තිබුණා ඒත් මේ මගෙ මැණික කිය කිය ඔයා දිහා බල බල අප්පච්චි ජීවත් වුනා. කොච්චර ව්‍යාපාරවල හිටියත් අප්පච්චි අපි ගැන නොසොයා ඉදියෙ නෑ. වැඩකාරයො කී දෙනෙක් හිටියත් ඉඩ තිබුණ හැම වෙලාවකම අප්පච්චි අපි ළග හිටියා. අපිට පණ වගේ ආදරය කළා. ඒ ආදරය හැමදාම වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ...එහෙම කරපු අප්පච්චි අද හරියට අසරණ වෙලා රෝසමල...

දෙවෙනි අයියා එසේ කියන විට මගේ දෑසින් හෝ ගා කදුළු කඩා වැටුණි. කිසිවෙකු විසින් මගේ පපුවට පිහියකින් හත් අට පාරක් අනින්නා සේ දැනුණි.
 
සිහින නරක කෙනෙක් නෙමේ. මන් දන්නවා...ඒත් තමන්ගෙ එකම දුවව සිහින වගේ කෙනෙකුට දෙන්න ගියාම අප්පච්චිට මොකද වෙන්නෙ රෝසමල...?

මට සිහින නැතුව ඉන්න බෑ..

අප්පච්චිද සිහිනද කියලා තීරණයක් ගන්න....

මගේ හුස්ම හිරවිණි.

මං එහෙම කරන්නෙ කොහොමද...?ඒ දෙන්නම මට ඕන නැත්නම් මං මැරෙනවා...මම දෙවෙනි අයියා බදාගෙන හැඩුවෙමි.

පිස්සු කියන්නෙපා....දෙවෙනි අයියාගේ හඩ සැරවිය.

ඉතිං මම මොකද කරන්නෙ...?

අප්පච්චි වෙනුවෙන් සිහිනව අමතක කරන්න...දෙවෙනි අයියා කීවේය.

මට සිහිනව අමතක කරන්න බෑ....

දෙවෙනි අයියා යන්න ගියේය. ඉතිං මා හඩා හෙම්බත් වී හිටියේය. හිස අත් බදා හැඩුවද මට තීරණයක් ගැනීමට බැරිවිය. රාත්‍රියේ හෙමින් හෙමින් අඩි තබා අප්පච්චිගේ කාමරය දෙසට ගියේය.  

අප්පච්චි ඇදමත දිගාවී හිස් බැල්මෙන් සිවිලිම දෙස බලා හිදියි. සියළු බලාපොරොත්තු සුන්වී ගියා වැනි හැගීමක් ඒ මුහුණේ ලියැවී තිබුණි මා හඩාගෙනම අප්පච්චිගේ දෙපා අසල වැතිරුණි.

මගෙ මැණික කියා මා තුරුල් කර ගත් අප්පච්චි හොදටම හැඩුවේය. ඔහු මට ගැහුවානම් බැන්නානම් ඉවසන්නට තිබුණි. ඒත් මේසා අසරණ වූවෙකු සේ හඩා වැටීම මට දරා ගන්නට බැරිය.

මම හිත හදා ගන්නම් අප්පච්චි.... 

         එය මා හිතා මතා කිවුවා නොව මට කියැවිණි. අප්පච්චි විදුලි සැරයක් වැදුනා මෙන් මා මුහුණට නැඹුරු විය. ඒ ඇස් ආලෝකයෙන් දිලිසෙනවා මා දැක්කෙමි. එමෙන්ම බලාපොරොත්තුවක සේයා ගොඩ නැගෙන ආකාරය ඒ දෑස තුළින් මා දුටිමි. අප්පච්චිගේ ඇස් දෙක තුලින් සිහිනයියාගේ අසරණ නිල්පාට ඇස්දෙක මට මැවී පෙනිණි.

 —අනේ මට සමාවෙන්න... 

කියමින් අප්පච්චි අතහැර මා කාමරයට දිවුවෙමි.

රන් රුවන් මුතු මැණික් ළග
ජීවිතේ දිලිසුනා හරියට
පිනි කදුළු ඇස් යටට ඇවිදින්
නවතින්නෙ මිතුරු විලසට....

මට මමත් නැතිව ගොස්
ජීවිතේ නුඹම වුන දින
හුස්ම අරගෙන යන්න බැහැ
කියන්නේ නම් කොහොම...

වසන්තය ළග හිනැහෙනා මල්
තලයි අත්පුඩි හඩ නගා...
හැලෙන විට පෙති එක දෙකක්
අකුළුවා ගයි මුහුණු බිමටම....

සෙනේ ගංතෙරෙ නොවෙනස්ව
බලා පිහනමි අත් ගසා
බැරිම වුවහොත් හැපී මියැදෙමි
මේ පෙමයි මා සන්තකේ....... 

......

 

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...