Wednesday, June 2, 2010

අනුගමනය කරන්න....එත්...අනුකරනය නොකරන්න...

           එකිනෙකා පරයමින් ජීවන වියදමත් එක්ක ඔට්ටු අල්ලන මිනිස්සු අතර මෙහෙම දෙයක් කතා කළාට කියවන්න ඉඩ තියෙයිද කියලා මං දන්නෙ නෑ..ඒත් සමාජයෙ අපි ජීවත් වෙනකොට අපිට විවිඩාකාර මිනිසුන් මුන ගැහෙනවා..ඒ මිනිසුන් ජීවත්වෙන රටාව යම්කිසි රිද්මයකට ගලා යන්නෙ. එක්කො තමන්ම හදා ගත්ත ජීවන ප්‍රතිපත්තියකට.එහෙම නැත්නම් ජීවත්විමත් සමග අත්දැකීම් මත. එහෙමත් නැත්නම් තව කෙනෙක් දිහා බලමින්. මේ කොයි විදිහට අපි ජීවත්වුනත් අපිට අවශ්‍ය සමාජයෙ හොදින් ලස්සනට ජීවත්වෙන්න.
 අපි කවුරුවත් කැමති නෑ දුකින් ජීවිතේ ගත කරන්න. ඒත් ඒ සතුටින් ජීවත් වෙන්න අපි යනකොට අපි අතින් අපි නොදැනුවත්ව කොපමණ අඩුපාඩුකම් සිද්ද වෙනවද...
  හිතලා බලන්න කෙනෙක් ලස්සන ඇදුමක් ඇදගෙන ගියොත් අපිත් ඒ විදිහටම ඇදුමක් ගන්නවා. එහා ගෙදර අය කාර් එකක් ගෙනාවොත් අපිත් ඒ ජාතියෙම කාර් එකක් ගේනවා.අපේ වත්කමක් නැති වෙන්නත් පුලුවන්. ඒත් අපි කොහොම හරි කරනවා. ඒ කොයි දේ වෙතත් මං කියන්න යන්නෙ මෙකයි...අපිට බැරිද අපේම කියලා තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ඇතිවෙන විදිහට ජීවත් වීමෙ රටාවක් හදාගන්න. ඒ කියන්නෙ මෙහෙමයි..අපිට ගැලපෙන අපේ හැකියාවත් එක්ක හොද දේවල් ටිකක් ගොඩ නගා ගන්න. එහෙම නැතුව එහා ගෙදර අය කරන විදිහටයි අපේ අනික් යාලුවා කරන විදිහටයි අනුන්ගෙ පස්සෙ ගිහින් අනුන්ගෙ දේවල් කොපි කරලා ඒ මතට අපේ, මගේ කියන සීල් එක ගොඩ නගා ගන්නෙ නැතුව ටිකක් දුක් විදලා තමන්ටම ආවේනික පිලිවෙතක් පැවැත්මක් සකසා ගත්තොත් මං හිතනවා කවමදාවත් අපිට අපේ ජීවන රටාව නොවැටී ඉදිරියටම යන්න පුලුවන් කියලා.
  ලෝකය තරගකාරියි තමයි. නමුත් ඒ තරගකාර රටාව තුල අපි දුවන්න ඔනෙ අපේ විදිහට. එහෙම නැතුව අනුනගෙ විදිහට යන්න ගියොත් නිකන්ම නිකන් හති වැටෙනවා විතරමයි.


 හැබැයි යම්කිසි කෙනෙක්ගෙ හොද දේවල් කොපි කරගන්නෙ නැතුව ඒ විදිහ ඒ මග අනුගමනය කරලා ඒ දේවල් අපි ලබා ගත්තට කමක් නෑ කියලා මං හිතනවා. උදාහරනයක් හැටියට හිතන්න අපිට හම්බවෙනවා හොද පොතක්. කියවන්න කියවන්න ආසයි.  මිනිස්සු ඒ පොත වෙළදපොලේ පොර කකා අරගන්නවා. අපිටත් දැන් අවශ්‍ය වෙනවා එහෙම දෙයක් කරන්න. හැබැයි අපිට ඒවගේ ලියන්න හැකියාවක් නෑ. ඒත් ටිකක් ගලපලා ලියා ගන්න පුලුවන්. අපි මොකද කරන්නෙ අර පොත අරගෙන ඇවිත් ඒ පොත වගේම එහෙන් මෙහෙන් වචනයක් දෙකක් වෙනස් කරලා අපේ නමින් වෙළද පොළට දානවා. මිනිස්සු හිතනවා මෙන්න හොද නිර්මණ කාරයෙක්. අර මනුස්සයා වගේමයි කියලා. හැබැයි ඒ පොත ගෙදර ගෙනිහින් කියවන මිනිස්සු දන්නෙ නෑ මෙ මනුස්සයා මෙ පොත ලිවුවෙ අර දුක් විදිලා දුක් විදලා වචන ගැට ගහලා රැයවල් ගණන් නිදි මරාගෙන බිහි කරපු පොත ළග තියාගෙන කියලා.
එහෙම නැතුව අපිට තිබුණා ඒ මනුස්සයා මුණ ගැහිලා මෙහෙම ලියන්නෙ කොහොමද...කියලා කතා බහ කරලා ඒ කෙනා යොදා ගත්තෙ මොන වගේ දේවල්ද කියලා තෝරා බේරාගෙන ඊටවඩා වෙනස් නමුත් අර වගේම සාර්ථක දෙයක් කරන්න.
   හොදට මතක තියාගන්න අනුනගෙ දේවල් කොපි කරලා බොළද දේවල් බොළද මිනිසුන් ඉදිරියෙ පොරක් එහෙම නැත්නම් කඩදාසි වීරයෙක් වෙනවට වඩා තමන්ගෙම දේ තුලින් තමන්ගෙම ප්‍රතිපත්ති මතින් තමන්ටම කියලා උචිත දේවල් ටිකක් ගොඩ නගාගෙන අහි0සක සතුටක් ලබාගන්න එක. ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ගියොත් අපිට වෙන්නෙ ඊටත් වඩා ඉක්මනට මැකිලා යන්න. ඔබ තාරකාවක් වෙන්න. ඒත් අනුන්ව අනුකරනය  කරලා එක රත්තිරියෙන් බැස යනවට වඩා තව කෙනෙක්ගෙ දෙයක් අනුගමනය කරලා දිගු රත්තී්‍රන් ගණනාවක් එළිය දෙන එක ලස්සනයි හොදයි කියලා ඔබට වැටහේවි...

4 comments:

  1. Wooow . . niyamai nangiyaa . . .oyaath ehenam blog ekak hadaa gattaa ??? ela ela . . .jaya wewaa . . . !!!

    ReplyDelete
  2. ithin aiye mata para kiyala dunne oyane..aka kawamadawath amathaka wenne ne. oyala wage math akuru geta gagaha monahari liyanawa kiyala hituwa. hemadama kawi padama kurutu gala hariyanne nehene. hemadama wage godak pin mage aiye. blog karanayata mage palamu piyaware athwela dunna oyata..

    ReplyDelete
  3. niyamai niyamai akke digatama liyanna

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...